Monday, September 28, 2015

කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය....



ඉස්සර කාලේ ෆේස්බුක් ගියේ ටී.වී තිබුන චයිනීස් ෆෝන් එහෙකින්....ඒ කාලේ හොද මොකක් හරි හම්බුනොත් කලේ ඒක බුක්මාර්ක් කරපු එක...නැත්තම් කොපි කරලා නෝට් එකක් විදියට දාගත්ත එක....සෑහෙන කාලෙකට පස්සේ ඒවා අස්සට ඔලුව දාපුවාම හමුබුනේ....ප්‍රසිද්ධියේ කියන්ඩ බැරි ගොඩක් ජාති එක්ක....

මේක ඒ කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්ඩ ප්‍රසිද්ධ එකක්....ලියපු කෙනෙක් නැතුව එහෙ මෙහෙ ගියපු එකක්....සුපිරි නිසා ඇදලා දැම්මා!
අයිතිකාරයා දන්නවනම් කියන්ඩෝ.... මල් තියලා වදින්ඩ වටින ඩයල් එකක්!!!


මඩේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නේ ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ට්‍රැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්

ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ
රේස් පදින‍ කොට කොල්ලන් තියයි හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලන් දමයි හිරේ
ඩීටි පදියි තේ වත්තේ සින්න දොරේ

සිලින්ඩර්ම හතරයි එන්ජිම ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
ෂොක් එක මොනෝ යන එන කොට නම් සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය

අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
ලොකු හෙඩි ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නෙම වෙච්චී
අනේ මට හොදයි බාජා ටූ ෆි‍ෆ්ටී

මැෂින් නැතුව මැනුවල් හයි කර කෑලී
ඇමරිකානුවන් මේවට හරි ලෝලී
පස්සෙ තියාගෙන තම ආදර බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී

කොල්ලට කොහෙවෙතත් බල්ලට නම් නොහැකී
දිගට වඩා පළල වැඩියි ගොඩ නැවකී
රේස් පදින ලැයිසන් ඇති මගේ සකී
ෂේන් පදිනවා තවුසන් කවසාකී

හතලිස් නමය සී සී එන්ජිම චූටී
දම් පාටයි ලා රතු පාටයි ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි ‍නොතනියට සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි ස්කූටී

පල්සර් තිස්පහයි හතලිහ අතර කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
බොක්සර් එක ලීටරේට හැටක් කරයි
සී ටී එක පෙට්‍රල් සුවදටත් දුවයි

කාර් වෑන් පෙජරෝ ලොක්කන්ගේ ය
ඒසී එකේ යනකොට සුරසැප වේ ය
වැස්සට තෙමී අව්වට අපි වේලේය
මේවයෙ තියෙන ආතල් ඒවයෙ නෑය.


**************************************
හෙන ගේමක් දීලා අවුරුදු 2ක් ලියලා යන්තම් 50ක් ලියා ගත්තා ඕයි!!!

Monday, September 14, 2015

රසිකලොජිස්ට එරෙහිව මරණ දඩුවම rasikologist vs. hanging



අපි ඉන්නේ ලංකාවේ....සාහිත්‍යයෙන් කිව්වොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය...ලොකෙන්ම උතුම් රට... ** තමා..... තියෙන ජරා වැඩ ඔක්කෝම දැක දැක අහක බලාගෙන ඉන්න මිනිස්සු පිරිච්ච රටක් මේක...ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ අනිත් එකා කරන කම් අපිට වෙනකන් දැනෙන්නේ නැති හිරිවැටිච්ච මිනිස්සු ඉන්න රටක් මේක.... අපි හැමදාම කලේ වාසි පැත්තට හුරේ දැම්මා! 

ලංකාවේ දේශපාලනේ තමා මේ හැමදේට ම මුල....අරයා මෙයා ගෙදර යැව්වා කියලා වැඩක් නෑ....ඒ තැනට එන්නෙත් හොරු මිනීමරුවො නම්......අනික රටේ නීතීය...ඒක යකාගේ නිතීයක්...මකුළු දැල වගේ තමා...පොඩි උන් අහුවෙනවා...ලොකු එවුන් බේරෙනවා....එදා ඉදලා ඒක උනා.....
                               "ගෝනවල රංජි සමාව"
   මේ කාලේ රූපේ හිටියේ නෑ...ඒත් ඒ කතාව දන්නවා...පොදු සමාවකින් ඌ එලියට ආවා....එදා රංජිට මරණ දඩුවම ලැබුනනම් කීදෙනෙක් ජීවත් වෙන්ඩ තිබුනද???  ඒවගේ කතා කීයක් තව ඇතිද??  

විද්‍යා......සදෙව්මි...... ඒ නිතීයේ හිඩැසේ ගොදුරු........කපල් එකක් අත් අල්ලාගෙන යනකොට කෑගහන පොලීසිය ලොක්කෝ අහිංසක කෙල්ලෝ රේප් කරන කොට සද්ද නෑ...අල්ලා ගත්තත් දෙන දඩුවම් පොඩ්ඩයි!  ඒවට නීතී හදන්ඩත් ඉඩක් නෑ.....

දැන් හරීයට වැරදිකාරයෝ ගැන අනුකම්පා කරන ආයතන වැහි වැහලා.....මානව හිමිකම් එකේ ඉදලා NGO කාරයෝ වෙනකම් ම වැරදිකාරයෝ ගැන තියෙන්නේ මාර කැක්කුමක්! පොලිසියේ අල්ලන් ගිහින් ගහලා ගහලා අහිංසකයෝ මරනකොට බොහෝම නිශ්ශබ්දයි! 

රසිකලොජි ලියන රසිකලොජිස්ට් බොහෝම මානවහිතවාදී පුද්ගලයෙක්.....එතුමාට අනුව "මරණ දඩුවම ද මිනීමැරුමකි"  තව විදියකින් කියනවනම් මරණ දඩුවම සිදුවිය යුතු දෙයක් නොවේ...... ඒකට රූපේට කියන්ඩ තියෙන්නේ "මහත්තයෝ ඔය මානවහිතවාදය තියලා ඉදගනින් කියලා තමා!"

සමාජයට අනතුරුදායක....සමාජයේ නොපැවතිය යුතු, පුද්ගලයින් ඉවත් කරන එක තමා යහපත් ම දේ....ඊටත් වඩා ඒක අනිත් පුද්ගලයින්ට අනතුරුහැගවීමක්....මත්ද්‍රව්‍ය ලෙදාම කරන එවුන් ව අල්ලලා හිරේ දානවා! උන් ලොයර්ස්ලා අල්ලලා එලියට ඇවිත් ආයෙත් පරණ වැඩේ ම කරනවා! කාම අපරාධ කරන උනුත් එච්චර තමා....ලංකාවට මීට වඩා බරපතල දඩුවම් ක්‍රමයක් අවශ්‍යයයි..කීයක් හරි දුන්නේ නෑ කියලා පොලිසීයට ඇතුලට දාන්ඩ පුළුවන් චාන්ස් එක වැඩි කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ.....අපරාධ සදහා දෙන දඩුවම් බරපතල කරන්ඩ ඕනේ....


කාම අපරාධ සදහා මරණ දඩුවම දෙන්ඩ ඕනේ....ඒකත් හංගලා රහසින් නෙවෙයි! ප්‍රසිද්ධියේ......මීට පස්සේ මේ වගේ දෙයකට ‍ලැබෙන පිළිතුර මේකයි කියලා පෙනෙනේඩ! අනික් බරපතල අපරාධ වලටත් මරණ දඩුවම නියම කරන්ඩ ඕනේ....

මේක ගැන රසිකලොජිස්ට් ගේ පැත්තෙන් කතා කරොත්.....අපිට අයිතියක් නෑ කාවවත් මරන්ඩ....එහෙනම් ඒ පුද්ගලයටත් අයිතියක් නෑ ඒ වගේ අපරාධයක් කරන්ඩ..... ඒ අපරාධය කිරිමෙන් සමාජයේ පැවතීමේ අයිතිය සමග ම මිනිස් අයිතිවාසිකම් ද ඔහු විසින් නැති කරගන්නවා!........  ඒ කියන්නේ ඔහු තව දුරටත් මිනිසෙක් නෙවෙයි! මිනිස් අයිතිවාසිකම් ගැන අපි කතා කරන්නේ ඒ අයිතිවාසිකම් වලට තර්ජනයක් ඇති වුවායින් පසුවය....

"මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඩුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි"

මිනිසුන් සහමුලින්ම ශිෂ්ඨාචාර වන්නේ බයෙන් ජීවත් වීම නැති වී ගිය දාට හා වැරදි කිරීම නැති වී ගිය දාට මිසක මරණ දඩුවම නැති වී ගියදාට නොවේ!.....ඊටත් මිනිසා යනු ස්වභාවයෙන්ම නවීනත්වයෙන් හා බාහිර ආටෝපයන්ගෙන් වෙස්වලාගත් තිරිසෙනෙකි.... තමන්ට අනතුරක් වීමට යන විට එයින් ආරක්ෂා වීම ස්වභාවිකය....
තේරෙන විදියට කිව්වොත්....


              කාලකන්නින්ට මරණ දඩුවම දිය යුතුය....උන් සිටීමෙන් වෙන සෙතක් නැත...අහිංසක ජීවීතයක් විනාස කල උන් ට කෑමකට ආරාධන කර අනේ ආයෙත් එහෙ කරන්ඩ එපා කිව යුතු නැත....