Saturday, November 2, 2019

හෑෂ්ටැග් කතා #1 - ඔරලෝසුවක් ඕනෙමද


මිනිස්සු වැඩියෙන්ම පාවිච්චි කරන පෞද්ගලික උපකරණය මොකක්ද කියලා ඇහුවොත් මතක් වෙන්නේ පෑන, බෙල්ට් එක, චේන් වගේ දේවල්...ඒත් වැඩියෙන් ම මිනිස්සු පාවිච්චි කරන්නේ ඔරලෝසුව.. හරියටම කිව්වොත් අත් ඔරලෝසු.. පිරිමි මිනිස්සු වම් අතේ ඔර⁣ලෝසු බදින කොට ගෑනු මිනිස්සු බදින්නේ දකුණු අතේ... නිකම් සමාජ සම්මතේට. වෙනස්ව බදින අයත් ඉන්නවා... දැන් අපිට පෙන්නේ ගොඩක්ම ඇනලොග්/මිකැනිකල් හෙවත් කටු කැරකෙන අත් ඔරලෝසු... ඉස්සර  පොඩිම කාලේ තිබ්බේ පාට පාට කටු කැරකෙන්නේ නැති කාටුන් එකක් ප⁣ටියේ නැත්තම් බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඔරලෝසු. පොඩ්ඩක් වයස යනකොට තමයි CASIO පාට පාට ලයිට් එක්ක ඩිජිටල් ඔරලොසු ආවේ.. සෑහෙන ගානක් වුනා ඒ කාලේ. අවුරුදු 15-16ට කලින් ලයිට් පත්තු වෙන ඔරලෝසුවක් තිබ්බ කොල්ලෙක් සෑහෙන ගැම්මේන් හිටියේ... පාවිච්චි කරපු එකම ආබරනේ වෙච්චි ඒකෙන් වෙලාව බලනවට වඩා කලේ ලයිට් පත්තු කරපු එක... Alarm, Stopwatch, Date තිබ්බ ඔරලෝසු වල Settings හදන එකත් ටිකක් අමාරු වැඩක්.. බට් ඕනේ කෙනෙක්ට පුළුවන්.. දැන් ඒ වයසේ ලමයි ගාව තියෙන්නේ smartwatches... ඒවායින්  කරන්ඩ පුළුවන් දෙවල් සෑහෙන්ඩ..ඒත් අර වගේ සමීප නෑ..

ඔරලෝසුවක් අතේ බදින්නේ ඇයි? වෙලාව බලන්නම නෙවෙයි.. ඇදුම complete වෙන්ඩ..තත්වේට.. පුරුදු වෙලා නොදා බැරිකමට.. ගොඩක් වෙලාවට වෙන්නේ අන්තිම දේ.. ලියන මටත් නොදා බෑ.. ඒත් වෙලාව බලන්නේ ෆොන් එකේන්... වෙලාව ඔරලෝසුවෙන් බැලෙන්නේ විභාගෙකදී විතරයි. 

ඉස්සර ම මිනිස්සු පාවිච්චි කලේ පොකට් වොච්..නැත්තම් සාක්කු ඔරලෝසු. දම්වැලකින් ගැටගහලා සාක්කුවේ දාගෙන ගියපු එකක්..දම්වැලේයි ඔරලෝසුවෙයි වටිනාකම සමාජ තත්වයයි පෝසත් කමයි පෙන්නුවා.. ෂර්ලොක් හෝම්ස් පාවිච්චි කලෙත් සාක්කු ඔරලෝසුවක්.. දෙවැනි ලෝක යුද්ධ කාලේ යුධ බටයන්ට සාක්කු ඔරලෝසු පාවිච්චි තහනම් කරපු එකෙන් තමයි සාක්කු ඔරලෝසු නැති වෙලා ගියේ. ඔරලෝසු ඇඩ් වලයි.. ඔරලෝසු කඩවලයි හැමතිස්සේම වෙලාව සෙට් කරලා තියෙන්නේ 10:10 ට නැත්තම් 01:50 ට. ඒ ඔරලෝසුවට හිනා වෙනපෙනුමක් දෙන්ඩ.

3 comments:

  1. වාව්.. සූපේ අයියා ලියන්න අරන්.. :) //පිරිමි මිනිස්සු වම් අතේ ඔර⁣ලෝසු බදින කොට ගෑනු මිනිස්සු බදින්නේ දකුණු අතේ... // හෑ.. මම අහලා තියෙන්නේ හැමෝම නුහුරු අතේ ඔරලෝසුව බඳිනවා කියලානේ.. පොඩ්ඩක් හොයලා බලපන් ඒ ගැන.. :)

    ReplyDelete
  2. වෙලාව හැම තැනම තියෙනව. ෆෝන් එකේ, කම්පියුටරේ, ටීවී එකේ... ඒ නිසා අත් ඔරලෝසුව දැන් තනිකරම විලාසිතාවක් විතරයි. එහෙම තමයි... ඕනෙම දෙයක් ඒකෙ මුල් අරමුණ අයින් වෙලා විලාසිතාවක් වෙනව...

    ReplyDelete
  3. කලින් මේක කියවලා කොමන්ට් එකක් දාන්න ඕනේ කියල හිතුවට දාලා නෑ කියලා දැක්කේ දැන්.
    මට නම් මොන දේ තිබ්බත් අතේ ඔරලෝසුව තිබ්බේ නැත්නම් ලොකු අඩුවක් දැනෙනවා. කොච්චර ෆෝන් එක අතේ තිබ්බත් වෙලාව බලන්න වම් අතම ඉස්සෙන්නම ඕනේ.
    අර කිව්වත් වගේ පුරුදු වෙන්න ඇති.
    හැමදාම බ්‍රෑන්ඩින් රිස්ට් වොච් පිස්සුවක් මට තිබ්බා. මගේ හැම යාළුවටම තෑගි දෙන්නෙත් මම රිස්ට් වොච්. සමහරවිට අර මගේ ආසාව බලෙන් අනෙකාට පටවන එක වෙන්නත් පුළුවන් ඒක!

    ReplyDelete