Saturday, August 22, 2015

එකත් හත් දොහෙන් ඉවරයි!




පහුගිය දොහේ රූපේටත් ජොබක් සෙට් වුනා...ඒක හින්ද‍ා අනිත් හැම වැඩේම අතපසු වුනා....කොටින් ම කිව්වොත් ගහ ගහ හිටපු ගේම් එකත් අමතක වුනා...ඒ මොනවා වුනත් ඒ අස්සෙත් අමතක නොකරපු වැඩ නොතිබ්බා නෙවෙයි!

ඒකත් පට්ට ජොබ් එක...පරණ යාළුවෙක් තමා සෙට් කලේ....දෙවියනේ කියලා ඉන්ටවීව් එන්ඩ කියලා කෝල් එක එනකොට මෙඩිකල් එක ගන්ඩ ගිහින් හිටියේ....යන්තම් එහෙන් මෙහෙන් ඇදුමක් හොයාගෙන අපේ කමියාගෙන් පාර අහගෙන ඉන්ටවීව් ගියා...ඩයල් දෙකක් ආවා...තරුණ ඩයල් එක තමා මුලු ප්‍රශ්න ටික ඇහුවේ...ඒවා නම් ලේසියි...ඉදලා ඉදලා වයසක ඩයල් එක ඇහුවා ප්‍රශ්නයක්...එහෙම දේවල් ගැන මම හිතලාවත් නෑ.....අරවා මේවා අහලා අන්තිමට අරු කියපි...ඌත් මගේ ඉස්කෝලේ කියලා....යන්තම් එතකොටයි හුස්ම ටිකක් වැටුනේ....කොහොමහරි පන බේරගෙන ගෙදර ආවා.....

දවස් ගානකට පස්සේ ඉතින් එන්ඩ කිව්වා...ගියාම ඉතින් ලොක්කටම කතා කරන්ඩ වුනා...පොර අහපු හැම එකටම පුළුවන් සහහා කියලා උත්තර දීලා බේරුනා...පහු වෙනිදා ඉදලා වැඩ...එදා දවසම හොද චාටර් එකක් කාලා දවල් 1ට විතර ගෙදර ආවා...ඊට පහු වෙනිදා ඉදලා ඉතින් ගියා...දෙවැනි දවසේ තමයි රූපේට හිතුනේ අන්තිම කැමැත්ත ලිව්වා නම් හොදයි කියලා.....

කොහමින් කොහොමහරි දවස් ගානක් ගිහින් ඊයේ රෑ වෙද්දි එපා ම වෙලා ගියා.....ගෙදර එන්ඩ විදියක් නැතුව රෑ 9ටත් දෙහිවල කැරකිලා යන්තම් ගෙදර ආවා...ඊයේ ම තීරණය කරලා තිබුනේ අයින් වෙනවා කියලා...ඉතින් අද උදේ පාන්දර ඇහැරිලා අස්වීමේ ලියුමක් ලියන විදිය නෙට් එකෙන් හොයගෙන ගිහින් දුන්නා....HR එකේ හිටපු ලස්සන අක්කා කෙනෙක් නම් තව හිතලා බලන්ඩ කිව්වා...එව්වා කොහෙද? ඔය කෙල්ලෝ කියන ඒවා අහන්ඩ ගිහින් නිකන් කෙලවාගන්නේ මොටද? අනික ඒ හිටපු දවස් 7 ඔනේවටත් වැඩියි! ඉතින් අර අක්කට ටටා කියලා ගෙදර ආවා....
දැන් ඉතින් ආපහු දෙයියනේ කියලා පරණ වැඩ ටික පටාාාාන් ගන්ඩ ඕනේ.....

ටික දවසක් දියන්...කෙලවරක ඉදලා ආපහු පොස්ට් කියවාගෙන එනවා....

*********************************************************

කවුරුහරි පින්වතෙක් මේ අහිංසකයට ජොබ් එකක් හොයලා දුන්නට අවුලක් නැත...ඒක මහා පුණ්‍යකර්මයක් වෙනවා සිකුරුයි!!

10 comments:

  1. අන්න ඒහෙමයි ඉන්න ඔ්නේ.. බැරිනම් අතඅරින්න ඔ්නේ........... ඒකයි වැදගත්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන් මාත් හිතුවේ!

      Delete
  2. මොකක්ද අප්පා ඔච්චර වටින ජොබ් එක..?

    ReplyDelete
    Replies
    1. හෙන උසස් ජොබ් එකක් බන්!

      Delete
  3. අපොයි! මදැයි විශ් කරන්න හිටියා..නාකි වෙනකම්ම ජොබ් හොය හොය ඉන්නද කල්පනාව?

    ReplyDelete
    Replies
    1. නෑ බන්! ආයේ අඩලා අඩලා එකක් හොයාගන්නවා!

      Delete
  4. හම්බ වෙච්චි ජොබ් එක සතියෙන් දාල ආවයි කියනේකාට ජොබ් එකක් දෙන්න ඉතින් පින්වතෙක්ම වෙන්න ඕනි තමයි. අපරාදේ මගේ ගයිඩ් කරන්ඩ ගත්ත මහන්සිය.. උලමෝ මේ ලෝකේ කිසිම රස්සාවක් සතියෙන් මනින්න බෑ.. ඊළඟ එකවත් අඩුම මාසයක් හමාරක් කට්ට කල ඉවසල බලපන්..
    "When the going gets tough; tough gets going"

    ReplyDelete
    Replies
    1. නෑ බන්! මොකක් කලත් මම මං ගැන හිතලා ඉන්ඩ එපැයි! මහ රෑ ගෙදර එන්ඩ විදියක් නැති ජොබ් එකක් කරලා වැඩක් නෑනේ?

      Delete
  5. ඔතන අවුල තියෙන්නේ උඹේවත් ජොබ් එකේවත් නෙමෙයි.පාර අහගත්තු එකාගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ඒ අහිංසකයා මක් කරන්නද?

      Delete