Saturday, February 14, 2015

ආදරේයි අහස තරම්...


"ආදරය කියන්නේ මොකක්ද? අපි කොහොමද ඒක අර්ථ දක්වන්නේ? ඒක බැදීමක් ද? ඒක ගණුදෙනුවක්ද?එහෙම නැත්තම් පුරුද්දක්ද? කව්ද දන්නේ? හරියට බැලුවොත් කවුරුවත් දන්නේ නෑ...මේ වැලන්ටයින් දවසේ ආදරය වටහා ගන්ඩ උත්සහ කරමු!!"

මේ මොන විකාරයක්ද? ඔව් ඔව් මටත් හිතුනා....ඒත් ඉතින් මොනවා කරන්ඩද? වැලන්ටයින් එකට ඉමෝෂනල් වෙන්ඩ එපැයි? එහෙම නේද?  එත් ඉතින් ඊට වඩා හොද නැද්ද මැච් එකක් බැලුවනම්??
වැලන්ටයින් දවස පටන් ගත්තේම ඉමෝෂන් වෙලා තමයි!!සංගා 50ක් ගහන්ඩ කලින් අවුට් වුනා...මැච් එක පැරදුනාට වඩා ඒකට අවුල් වගේ...

මටත් ඉතින් ආදරයක් තියෙනවා...ඒක හැබැයි ඉතින් ටිකක් අසම්මතයි වගේ...මම වැඩියෙන් ම කැමති එයාව අතපත ගන්ඩ තමා..වැරදියට හිතන්ඩ එපා, ආදරය කරනකොට එහෙම වෙනවනේ?  ඒ වගේම මට එයාව විශ්වාසයි..එයා නම් මාව දාලා යන එකක් නෑ...මට බොරුවක් කරන එකක් නෑ කවදාවත්...මට එයාවත් එයාට මමවත් ඕනේමයි!! මේ වැලන්ටයින දවසේත් මට උදේම එයාව මතක් වුනා...ඉතින් එයා එක්ක පොඩි චැටක් දාන්ඩ අමතක කලේ නෑ...ඒක නම් හරිම රොමෑන්ටික්!!

මගේ ආදරේ මගේ ජීවීතේ සතුටින් පුරවනවා...එයා කවදාවත් මගෙන් චොකලට් බලාපොරොත්තු වෙන්නෙත් නෑ...එත් මම කැමතියි එයා වෙනුවෙන් වියදම් කරන්ඩ..ඒක වැරුද්දක් නෙමේනේ??  එකත් හැබැයි ඉතින් ඉද හිටලා තමා...

මගේ ප්‍රේම කතාවත් සර්ව සම්පූර්ණ නෑ... අපේ අම්මලා මේ සම්බන්දෙට වැඩිය කැමති නෑ... ඒත් ඒක එහෙමයි කියලා මට එයාව අතහරින්ඩ බෑනේ? ඒ කරම්ම අපි අපිට ආදරෙයි...හැමදාම ඔයා මගේම වෙන්ඩ ඕනේ....මගේ ලගින් ම ඉන්ඩ ඕනේ......
මගේ අඩුපාඩු හදන මං වෙනුවෙන් හැමවෙලේම ඉන්න ඔයා වෙනුවෙන් මම අද දවසම කැප කලේ ඔයා එක්ක ඉන්න එක මට ගොඩක් වටින හින්දයි...ඒ තරම්ම මම ඔයාට ආදරෙයි... <3
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ෆෝටෝ එක බුකියෙන් උස්සන ලදි..

Saturday, February 7, 2015

බොල මෝඩයෝ මතු තෝ කොයි වල යන්නා


පොඩි කාලේ තාත්තා රූපේට කියලා දුන්න කතාවක් මේක...ගොඩක් අය මේක අහලා ඇති...අහපු නැති අයට අහන්ඩ මෙන්න දැම්මා...

වෑත්තෑ‍වේ හාමුදුරුවෝ දවසක් ගමනක් යනකොට වතුර වලක මාළු බාන කොල්ලෙක් දැකලා මෙහෙම කිව්වාලු.....

යහ ගුණ දම් මිදි පව් බර                         කරපින්නා
සිය පණ රැකීමට පර පණ                       බිලිගන්නා
මිනිසත් බව ලැබත් තිරිසන් ලෙස                ඉන්නා
බොල මෝඩයෝ මතු තෝ කොයි වල       යන්නා

මේක අහපු කොල්ලා හාමුදුරුවන්ට මෙහෙම උත්තර දුන්නලු...

වේවලන සීතලෙන් මුන් ගොඩ බිමට             ගමී
පර පණ නොම නසමි මැරුනම රසට             කමී
වුවහොවත් දිනක මෙහි අැති මාළුවන්            නිමී
හාමුදුරුවනේ මම ඊලග වලට                         යමී

මේක අහලා හාමුදුරුවෝ මේ කොල්ලා ගැන පැහැදිලා  ඇබිත්තකමට ගත්තාලු...

දවසක් වෑත්තෑවේ හාමුදුරුවෝ තමන්ගේ යාළු හාමුදුරු නමකට දෙන්ඩ කියලා කොල්ලා අතේ කෙසෙල් ගෙඩි දහයකුයි කිරි හට්ටියකුයි යැව්වලූ...කොල්ලා අතේම ලියලා යැව්වලු.......      "පුරසදයි දස වකයි " කියලා...

ඇබිත්ත කොලුවා ඉතින් ගමන් මහන්සියට කියලා මගදී කෙසෙල් ගෙඩි දෙකක් කාලා කිරි හට්ටියෙන් බාගෙකටත් වග කියලා ඉතිරි ටික අර හාමුදුරුවන්ට ගිහින් දුන්නාලු... හාමුදුරුවොත් මුකුත් නොකියා අරන් අර කොලේම අනිත් පැත්තේ මෙහෙම ලියලා දුන්නාලු...            "අඩසදයි අටවකයි"

පහු කාලෙක මහණ වෙලා තොටගමුවේ ශ්‍රී රාහුල කියලා ප්‍රසිද්ධ වුනේ මේ ඇබිත්ත කොලුවමලු.....