Thursday, November 14, 2013

හැමදාම හීනයක්


                              ඒ දවස් වල දවසට කී පාරක් මම ඔයා දිහා බලනවද? සියපාරක් විතර ඔයා දිහා බලලා මටම කියා ගන්නවා "අනේ ඔයා මගේ උනානම්!" කියලා.එත් ඒක තවත් මගේ එක විකාර සිතිවිලි වලින් එකක් විතරයි.ඔයාව ලබාගන්ඩ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.මම දිව්වේ මිරිගුවක් පස්සෙන් කියලා මම දන්නවා.

                                 අපි දෙන්නාගේ යාළුකමට වෙන නමක් දෙන්ඩ මම කොච්චර හීන දැක්කද? ඒ උනත් ඔයාගේ හිතේ හිටියේ මම නෙවෙයි.යාළුවෙක් විදියට ඔයා මගේ ලග හිටපු එකම මට රටක් වටිනවා.

                  ඔයාගේ අහිංසක හිනාවට මම කොච්චර ආසාද?මූණට වැටෙන කොන්ඩ කැරුල්ල අතින් අයින් කරන ගමන් ඔයා හිනා වෙනකොට මට පිස්සූ වගේ.ඔයා ගැන කවුරුහරි හොදක් කියනකොට මම හිතින් සතුටු වුනා...ඒ ඔයාගේ සාර්ථකත්වය ගැන හිතලා..ඒ විදියටම කවුරුහරි ඔයා ගැන නරක් කිව්වොත් මට ආවේ පුදුම තරහක්. ඒ වගේ මම බොලද උනේ මගේ හිතේ ඔයා ගැන තියන ආදරේ නිසා.....

                                 මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්ඩ කියලා මම කොච්චර plan කලාද? ඒත් ඒක නොකිව්ව එක ගැන අද මම සතුටු වෙනවා.වෙන කෙනෙක්ට හිමි වුන ඔයා මම ගැන වරදවා වටහා ගෙන මාත් එක්ක තරහා වුනොත්? ඒ ගැන මම හිතන්ඩවත් කැමති නෑ.මට ආව ගොඩක් ප්‍රශ්න වලදී ඔයා මට ඒවට විසදුම් හොයලා දුන්නා.ඒ හැමදේකින්ම වුනේ මගේ හිතේ ඔයා ගැන තිබුන ආදරේ වැඩි වුන එකයි.

හැමදාම හොදම දේ තෝරගන්ඩ ඔයාට තිබුනේ පුදුම දක්ෂකමක්.මම හොදම කෙනා නොවෙන්ඩ ඇති!ඔයාගේ වැරුද්දක් හොයාගන්ඩ මට කවදාවත්ම බැරිවුනා...ඒ ඔයා හොදම කෙනා නිසයි.සැරුසිල්ලක් කරන්ඩ ගිහින් මගේ අත කැපුන වෙලාවක ඔයා මට මයාගේ ලෙන්සුව දුන්නා.මම ඒ සුදු ලෙන්සුව ඔයාට ආපහු නොදී හොරෙන්ම අරන් ආවා.ඔයා ඊට පස්සේ කවදාවත්ම ආයේ ඒ ගැන ඇහුවෙත් නෑ.මට කියන්ඩ තරම් හිතේ හයියක් තිබුනෙත් නෑ.ඔයාගේ සුවද තාම ඒ ලේන්සුවේ තියනවා.එත් ඊට වඩා මගේ හිතේ රැදිලා තියෙනවා.

                           හැම අවුරුද්දටම මගේ උපන්දිනේට B'day card එකක් එවන ඔයා අද එවලා තිබුන Wedding card එක දැක්කම මාව ගල් ගැහුනා.මේ දේ මට කවදාහරි ලැබෙනවා කියලා මම දැනගෙන හිටියට එක ලැබුනම දරා ගන්න එක අමාරුයි.කොණ්ඩේ ‍කරල් ගොත ගොත මාත් එක්ක ස්කොලේ ගිය පුංචි කෙල්ල කසාද බදිනවා.ඒ හැමදේම ඊයේ පෙරේදා වුනා වගේ මතකයි.මගේත් එක්ක මුරුක්කු වලට පොරකාපු,අයිස් කාපු කෙල්ල මනමාලියෙක් වෙනවා.මගේ හොදම යාළුවා ඔයා....ඒ නිසා මම ඒ ගැන වෙන කාටවත් වඩා සතුටු වෙන්ඩ ඕනේ.

                                මම මැරුනත් එදාට ඔයා මනමාලියක් වෙලා ඉන්නවා බලන්ඩ මම එනවා.ඔයාගෙන් හිස් වුන තැන මගේ ජිවිතේ පුරාවටම හිස්තැනක් වෙයි.

                    ම‍ම මගේ හැගීම් එදා ඔයාට කිව්වනම් අපේ කතාවල් මීට වඩා වෙනස් වෙන්ඩ තිබුනා.එත් දෛවයේ ලියවිලා තිබුනේ මෙහෙම වෙන්ඩ.ඒත් ඔයා මට නැති වෙයි කියන සිතිවිල්ල ඒක මට කරන්ඩ ඉඩ දුන්නේ නෑ.අද ඔයා හදාගත්ත ලෝකේ ඔයා සතුටින් ඉන්නවා වගේ හැමදාම සතුටින් ඉන්න!!!!!

                           මල් හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ...
                                    එක හීනයක්ගාව මම නැවතීලා...
                           තරු වාගේ දිලිහෙද්දී පොඩි ඇස් ඔයාගේ...
                                     බෑ දැන් කියා ගන්ඩ හිත ගොළුවෙලා.....
                            දැනගත්ත දා ඈත වෙන්වී ගියොතින්.....
                                      හැමදාම විදවන්න මා මෙහි තියා....
                            නොකියාම ඉන්නම් මගේ ප්‍රර්ථනාවන්....
                                      මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා......  



ප.ලි - අවුරුද්දකට විතර කලින් එකෙක් අඩ අඩ කියපු කතාවක්...දැන්            ඌ උන්නද මැරිලද දන්නෑ...පොඩ්ඩක් සංස්කරණය කරලා ගත්තා.                                                             

Wednesday, November 13, 2013

සෙරෙප්පුවට බය ඇත්තෝ

                           
                              

සාමාන්‍යයෙන් සෙරෙප්පුවක් දාන්නේ කකුල් වල ආරක්ෂාවට.ගලක් කටුවක් ඇනුනම තියන ආතල් එකෙන් බෙරෙන්ඩ තියෙන හොදම විදිය ඒක තමයි.සපත්තු නම් ආරක්ෂාවට දානව සෑහෙන්ඩ අඩුයි.වැදගත් වෙන්ඩ නම් සපත්තු දාන්ඩම ඕනේ කියලා හිතන්ඩ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා.office kit එකට නම් ඉතින් අනිවා සපත්තු තමයි.ඒත් clz යන කොල්ලෝ සපත්තු දාන්ඩම  ඕනේද???

කොළඹ රටේ කීර්තිමත් private කොලිජියකට අලුත්ම මේනියාවක් ඇවිත්.ලොකුම පුටුවේ වාඩිවෙලා ඉන්න පොරට ආව සුපිරි idea එකක් තමා මේ.කොලිජියට එන කොල්ලෝ අනිවා සපත්තු දාන්ඩ ඕනේ.සෙරෙප්පු දාගෙන ඇවිත් මාට්ටු උනොත් ලොකු මහත්තයාගේ ඉතා රසවත් දේශනයකට සවන් යොමු කරන්ඩ වෙනවා.(හපෝ ඊට වඩා හොදයි සුජාත දියණිය බලනවා) සෙරෙප්පු 2ක් දාගෙන යනකොට තියෙන සනීපේ සපත්තුවේ නෑ කියලා ලොකු මහත්තයාට කියන්ඩ ගුරුවරුත් නිකමටවත් try එක්ක දාන්නේ නැත්තේ job එක ගහලා යයි කියලා වෙන්ඩ ඕනේ.ස්කෝලේට ඇරුනම ඉදලා හිටලා set වෙන වෙඩිමකට මිසක් බෙහෙතකටවත් සපත්තු දාපු නැති ඈයොන්ගේ ගොඩට අයිති වෙන රූපේ නම් මෙකට තරයේම විරුද්ධයි.

විභාගෙකුත් ලියලා තේරීලා අයට රු.6800 ක් වෙන පාඨමාලා ගාස්තුව ‍ගෙවලා විතරක් බේරෙන්ඩ දැන් නම් බෑ.තව රු.2500 ක් විතර ගෙවලා සපත්තු ගන්ඩත් ඕනේ.ඒක නම් මෙලෝ රහක් නැති විකාරයක්.කොලිජියට එන හැමෝම කාර් වලින් එන ඉහල පැළැන්තියේ අය නොවන නිසා එක මහා අසාධාරණ නිතීයක්.රු.2500 ක් කියන්නේ අද කාලේ හැටියට ටිකක් ලොකු ගානක්. මීට අවුරුදු 3 ට විතර කලින් ගුරුවරුන්ගේ විභාගේ ලියලා රූපේ කොලිජියට මුලින්ම එන කාලේ BATA දෙකක් ‍දානෙ ඇවිත් යස අගේට ඇවිත් ගියාට ඒ කාලේ හිටපු ලොකු මහත්තයා මුකුත් කිව්වේ නැත.

රූපේගේ පුංචි මොලේට ආව අදහසක් තමයි දැන් ඉන්න ලොකු මහත්තයාට කලකට කලින් සෙරෙප්පු වලින් අවැඩක් වෙන්ඩ ඇතිය, ඒ නිසා උන්දැ සෙරෙප්පු වලට බය ඇතිය කියලා.සමහර විට ප්‍රතිපල වැඩි කරන්ඩ කියලා හිතාගෙන,කවුරු හරි දීපු ලණුවක් වමාරනව ද දන්නේ නෑ! සපත්තු දැම්මම විභාග pass වෙනවා නම් අවුරුදු 13 ක් සපත්තු දාපු රූපේ ගැන කවර කතා ද? කොලිජියේ standard එක වැඩි කරන්ඩ නම් දුප්පත් කොල්ලෝ දාන සෙරෙප්පු වලට තහංචි දාන්ඩ කලින් කොණ්ඩේ straightn කරන් එන ඈයෝ ගැන බැලුවනම් ගොඩක් වටින‍වා. Registar මහත්තයෝ පුංචි අපි ගැනත් ඩිංගක් හිතන්ඩ!!!!!!!! 



Saturday, November 9, 2013

මට ඔයා


ඔයා ඉර වගේ" 
නෑ නෑ 
ඔයා ඉර තරම් දැඩි නෑ''  

ඔයා සද වගේ"
 නෑ නෑ 
ඔයා සද තරම් සෞම්‍ය නෑ''  

ඔයා හුලග වගේ" 
විටෙක දැඩියි" 
විටෙක සෞම්‍යයි 

ඒ වෙනසට මම කැමතියි''  
එකයි මම ඔයාට මෙච්චර ආදරේ 
දන්නවද"       
                       ඔයා මට මහිමයක්