Saturday, March 28, 2015

මචං කෝ නිව්ස්?



මචං අපි මොකක්ද මේ කරන්නේ? 
අපි නිව්ස් බලනවා මචං
මේවා නිව්ස් ද බන්?
එහෙම කියලා තමයි මේවා පෙන්නන්නේ?
මේවා මරණ දැන්වීම් නේ?
නෑ නෑ මේවා නිව්ස්...
එතකොට මේ වීඩියෝ?
ඒ මේ බැංකු කඩනවා...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මචං මේ පත්තරේ මොකක්ද?
මේ ඉරිදා පත්තරයක්
එතකොට මේ කහපාට ඒවා...
ඒ මංගල යෝජනා...
පව් නේද බදින්ඩ බැරිවෙලා.....
පව් තමා...කාලේ පහුවෙලා...
මේ කාර් මොනවද?
විකුණගන්ඩ බැරි වාහන බන්...

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මචං වැල සයිට් එකක්ද?
නෑ නෑ ගොසිප්...
මේ ගෑණු ලමයි?
ඒ නිලියෝ....
මොනවද බන් මේ පත්තුවෙන්නේ ?
ඒ ඇඩ්...
මොනවද ප්‍රසිද්ධ ඒවා?
ඕපාදූප තමා මචං.......





Tuesday, March 17, 2015

පිනාගේ වැලන්ටයින් තෑගි...




මතක විදියට ඒ අවුරුදු 2ට විතර කලින්...මොකක්හරි වැඩකට රූපේ පිනා එක්ක ඉස්කෝලේට ගියේ...හිතුවට වඩා කලින් ඒ වැඩේ කරගන්ඩ පුළුවන් වුනා...ගේට්ටුවෙන් එලියට ආව පිනා අහපි,
"අඩෝ පොඩි ගමනක් යමු?
>යමු....කොහෙද?
නංගි හම්බුවෙලා එමු... මගේ තෑග්ග ගන්ඩ ඔනේ.. 
>මොන තෑග්ගද? 
වැලන්ටයින් එක...යමු? 
>කන්ඩ අරන් දියන්.. 
අරන් දෙන්නම් යමන්..."

පිනා කියන්නේ රූපේගේ බොක්ක...A/L පන්තියේ ඉදන් අද වෙනකම් හැම ගොන් වැඩක්ම එකට කරන එකා...ඌගේ සූටී නංගි බබා හිටියේ ජා-ඇල පැත්තේ...ගෙදරින් වැටිච්ච තහනම් නිසා හම්බුවෙන්ඩ වුනේ කලාතුරකින්...මේ ඉතින් යන්ඩ හැදුවේ උගේ වැලන්ටයින් තෑග්ග ගන්ඩ..

බඩ ගාගෙන වගේ ගියපු 278 බස් එකකින් ගිහින් බැහැලා ඉස්කෝලේට මීටර් 500ක් විතර පයින් යන්ඩ ඕනේ...යනකොට ඉන්ටවල් දීලා නෑ...එතකන් ඉස්කෝලේ ගාව කඩේට සෙට් වුනා...පිනා ගානේ කල්කිරි බෝතල් 2ක් බීලා කඩේ ඇන්ටි ව කතාවට අල්ලාගත්තා...රූ‍පේට ලැබුනු තොරතුරු වලට අනුව ඉන්ටවල් එකට එතන හිටියොත් කෙලින් ම කුඩුවේ තමා...කෙල්ලෝ ටෝක් කරන්ඩ එන කොල්ලන්ට විරුද්ධ ව ප්‍රින්සිපල්ගේ වැඩසටහන එහෙමයි... 


කොහොමහරි බලද්දි සංගීත පාඩමක් කර කර නංගි ඉන්නවා...ඉතින් ආයේ යන එකේ තේරුමක් නැති හින්දා හිටියා...බෙල් එක වැදිච්ච නිසා එකපාරට කට්ටිය ඩිස්මිස් වුනා...දැන් ඉතින් හොයාගන්ඩත් බෑ...ගේට්ටුව ගාව ඉදලා ත්‍රස්තවාදී ලේබල් එක ගහගන්ඩත් බෑ...ඉතින් රූපේගේ ටිකිරි මොලේට ආව අයිඩියා එකක් අනුව දෙන්නම ගියා ඉස්සර ගේට්ටුවෙන් ඉස්කෝලේ ඇතුලට... වටපිට බලබල ගියේ නංගිව හොයාගන්ඩ...ම්හු...නෑ...දැන් ඉතින් ආපහු එලියට යන්ඩත් බෑනේ?... කඩාගෙන ගියා කෙලින් ම ඔෆිස් එකටම... ගිහින් ඇහුවා ටීචර් කෙනෙක්ගේ නමක් කියලා... නෑ කවුරුවත් දන්නේ නෑ එහෙම කෙනෙක් ගැන... කොහොමත් දැනගන්ඩ විදියක් නෑ මොකද ඒ ටීචර් ඉන්නේ අල්ලපු ඉස්කෝලේ... ඔෆිස් එකේ වුන් දන්නේ නැති හින්දා එලියට එනකොටම ආපු සර් කෙනෙක්ගෙන් ඇහුවා...ඩයල් එක දන්නේත් නෑ...දැන් අහනවා ඇයි හොයන්නේ කියල...දැන් ඉතින් කියපන්කෝ.... එවුවටත් රෙඩි වෙලා තමා මේ රූපේ ගියේ..
"අපි O/L කාලේ ඒ ටීචර්ගෙන් ගණන් ඉගෙන ගත්තා..දැන් දෙන්නම කැම්පස්..ඉතින් මේ ලගට ආපු ගමන් ටීචර් ව බලන්ඩ ආව..."

වෙලාවට ඒක හරිගියා...

"මේ ඉස්කෝලේ නම් එහෙම ටීචර් කෙනෙක් නෑ...මෙහෙමද කියලා කිව්වද? 
>නෑ කිවවේ නි***** ඉස්කෝලේ කියලා... 
ආ....නි***** ඉස්කෝල දෙකක් තියෙනවා..එහෙනම් අනිකේ වෙන්ඩ ඇති... "

සර් කිව්වාම අවුලක් නෑ...අපි හොද ලමයි වෙලානේ... අනේ ඉතින් අපිට යන පාරත් කියලා දුන්නා...

අහුවුනේ නැති එකට පින් දිදී එලියට ඇවිත් වැඩිම වුනොත් අඩි 3ක් යන්ඩ ඇති...ස්...ස්.. කියලා කවුද කත‍ා කරනවා... ගොන් කමට දෙන්නම හැරිලා බැලුවනේ...
කලා වරෙන්කෝ..පිනා...ඉස්කෝලේ ඔරිජිනල් පිනා...ඩයල් එක අපි ඉස්කෝලේ ඇතුලේ ඉදන් යනවා දැකලා.. දැන් ඉතින් ඒ ගැන අහන්ඩ කතා කරනවා.. මොනවා කරන්ඩද? ගිහින් අර කතාව ම අාපහු පාරක් කිව්වා...මූට සැකයි...මු අහනවා මොනවද ඉගැන්නුවේ, මොන වගේද? මොන පාටද? මේච්චර හොදට දන්න මනුස්සයෙක් ගැන නිසා දීපු උත්තර ටිකකට ශේප් වගේ...ටිකකින් කියපි "මම ඒ ටීචර් ව දන්නවා..අර ඉස්කෝලේ ඉන්නේ කියලා..."
ආයේ මුකුත් කියන්ඩ කලින් රූපේ බොහෝම ස්තූතියි කියලා එන්ඩ ආවා... අෑතට  යනකම්ම මේ යකා බලන් හිටියා...

වෙච්චි ඒවට හිනා වෙවී කොහොමහරි පැයක් විතර බස් එකක් එනකන් ඉදලා ඉදලා ගෙදර ආවා....

පස්සෙයි දන්නේ අපි අර නංගි කියලා බල බල ඉදලා තියෙන්නේ වෙන කෙල්ලෙක් දිහා...කොහොමහරී සතියකට විතර පස්සේ අරු ගිහින් තෑග්ග ගත්තා...ඒත් අද වෙනකම් රූපේට එකෙන් චොකලට් කෑල්ලක්වත් හම්බුනේ නෑ...


Thursday, March 12, 2015

ඔයා නම් මේ ලෝකේ වෙන්ඩ බෑ....




සෙරෙප්පු දෙක නම් 
ගලවන්ඩ එපා
පුංචි  කකුල් වල ගල් ඇනෙයි...
ඔය කුඩේ නම් 
අකුලන්ඩ එපා
සුදු මූණ කළු වෙයි....

තනි කරලට 
මහතට
කොණ්ඩේ ගොතාගෙන 
දිගට දිග
සායක් ඇදගෙන
ඉදහිට එන්නේ
මාව පිස්සු වට්ටන්ඩ නේද.....

මෙච්චර ලස්සනට 
හිනාවෙන්ඩ
ලගදිද ඉගෙන ගත්තේ
දවසින් දවස
ලස්සන වෙන
ඔයා නම්
මේ ලෝකේ වෙන්ඩ බෑ....

Sunday, March 8, 2015

Customer Care කතා කරලා බනිනවද?


අපි ඉන්නේ මානසික ව පිරිහෙන සමාජයක...උදේ ඉදලා රෑ වෙනකම් අපි ඉන්නේ මාර පීඩනයක.ඒක හටගන්නේ මේ යන තරගෙන් පරදීද කියලා හිතට එන බයෙන්. අපි ඒක පිට කරන්නේ අමුතු විදියට.සමහරු කරන්නේ බොන එක.තවත් සමහරු ගෙවල් වල මිනිස්සුන්ට තඩි බානවා...සමහරු තව තව ආතල් ගන්නවා...ඒත් පහුවෙනිදාත් උදේට ආපහු ඔලුවේ කැක්කුම.

කවදාහරි කතා තරලා තියෙනවද Customer Care එකකට? ලංකාවේ ගොඩක් ආයතන වල Customer Care අනිවාර්ය අංගයක් වෙලා...රජයේ ආයතන සහ පොලිසීයේ Caring ගැන මෙතනට වැදගත් නෑ..සමාන්‍යයෙන් ගත්තොත් ඕනෑම ව්‍යාපාරයක් තමන්ගේ පාරිහෝගිකයන් එක්ක ගණුදෙනු කරන්නේ ක්‍රම 2ක් හරහා..ඒ Marketing හා Customer Care. ලෝකේ නැති බොරු තොගයක් කියලා target cover කරගන්ඩ බාල product එකක් ඇගේ ගහන වැඩේ  Marketing අය කරන කොට ඒ ගැන එන ඇනුම් බැනුම් අහන එක Customer Care අය කරනවා..Marketing කිව්වම අපි තාම හිතන්නේ ගෙවල් වලට ගිහින් බඩු විකුණනවා කියලා...Customer Care කිව්වම හිතන්නේ Call center කියලා...ඒ අපේ සම්ප්‍රදායික තින්කින් එක...Customer Care කියන්නේ call center වලින් එහාට ගිය concept එකක්.මුලික අදහස තමා පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම..ඒත් අපේ සමාජේ ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අදාල නැති කුණු බැනුම් අහන් ඉන්න එකෙන්..

Customer Care ජොබ් එකක් මොන වගේද කියලා හිතලා තියෙනවද? දවසම ෆොන් එක කනේ ගහගෙන ඉන්න එකත් මහ වැඩක්ද? ඒ අපිට හිතෙන හැටි..ලංකාවේ ලොකුම Customer Caring Call centers තියෙන්නේ Telecom ලාට..ඊලගට Dialog ලාට.. ඒ ප්‍රමාණාත්මක භා‍වෙන්...අපි ගුණාත්මක භාවේන් ඒ විදියට මනින එක අමාරු වැඩක්..හැම බැංකුවකම වගේ Customer Care එකක් තියෙනවා...ඒ Reception වෙනුවට...Customer Care හරහා තමා පාරිභෝගිකයා ව්‍යාපාරයට සම්බන්ධ කරන්නේ. ඒ පාරිභෝගික ගැටළු විසදන්නයි..ඒත් වෙන්නේ බැනුම් අහන එකයි..

කවදාහරි Customer Care කතා කරලා බැනලා තියෙනවද? ආපහු වචනයක්වත් නොකියා හැම බැනුමක් ම අහලා අන්තිමට සුභ දවසක් කියන කොට හිතට සතුටක් දැනෙනවද? නෑ..එ්ක හරිම වේදනාකාරී වරදකාරී හැගීමක්..අපි බනින්නේ අපිට ආව ආවේගයකට..කේන්තියකට..වැරැද්දට සම්බන්ධයක් නැති පෙරලා අපිට බනින්ඩ හැකියාවක් නැති පුද්ගලයෙකුට බැනලා ටික වෙලාවකට තිරිසන් ආතල් එකක් ගන්නවා...අපට වුන අසාධාරණේට අපි පලිගන්නේ එහෙම..'උන්ට හොද පාඩමක් ඉගැන්නුවා'! ඒක තමා අපේ සිතිවිල්ල...ඒත් ඒ පාඩම අපි උගන්නනනේ කාටද? ෆෝන් එකක් පිටිපස්සේ ඉන්න යමක් සිද්ද කිරිමේ හැකියාව අඩු පාරාසයක ඉන්න හාල්මැස්සෙක්ට..එ්ත් BMW, Montero වල යන තෝරු මෝරුන්ට ඒ පාඩම උගන්නනඩ සුදානම් කීයෙන් කී දෙනාද අපි අතරේ ඉන්නෙ?  



Sunday, March 1, 2015

සංගා....



කවර් ඩ්‍රයිව් එකෙන් 
පටන් අරන්
හතරක්
හයක් ගහලා
දුවපන්
පුළුවන් තරම්
හයියෙන්...

ලකුණු එකින් එක
වැඩි කරන්
පනහක්
සීයක් දාලා
දිනපන්
වර්ල්ඩ් කප් අරන්
වරෙන්...