Tuesday, June 24, 2014

නුඹ......

එදායින් පසු පාළුවිය
මා හද...
වියැකී ගියා නුඹේ රුව
නොඇසෙයි නුඹේ කටහඩ
පාසල් බිමේ හදවතේ 
කිසිතැන.....
එනමුත් නුඹ
දකිමි සිහින තුළ....
උදුවප් මහේ හැමදින
සීතල පිනිදිය දග කරනා විට
ඇසෙයි නුඹේ කටහඩ
දැනෙයි නුඹේ ප්‍රේමයේ සුවද
රාත්‍රී නින්දේ උණුසුම තුල
අන්ධකාරය ගෙනෙන
පාළුව තුල
එලෙසින් 
දැනෙයි....විදිමි....හඩමි
දකිමි
දිවියේ සුන්දරම කව
ආදරය නුඹ ලෙස...... 
 

Thursday, June 19, 2014

හිරද මන්දා....

රුපේලාගේ සෙට් එකේ කෙට්ටු ම කෙට්ටු එකෙක් සිටියේය. ඌ පොඩ්ඩාය.මූ කිලෝ 50 ක් වත් බර නැති ‍කොච්චර කැවත් මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්ය..අහල පහල එවුන්ගේ චාටර් වලින් එපා වී අන්තිමේ පොඩ්ඩා තීරණය කලේ Gym එකකටවත් යන්ඩය...

රූපේලාටත් කාලයකට කලින් සෙට් එක දාන උණ හැදුනේය. ඒ නිසා රූපේලාත් එක්ක යන්ඩ පොඩ්ඩා ගයියාවත් කතා කර ගත්තේය..දෙන්නම ෆුල් හොප්ස් තියාගෙන ආව දවසේ වෙන කවුරුත් සිටියේ නැත..රූපේ වැරදි හද හද හරියට සෙට් එක දමන හැටි කියා දුන්නේය...පොඩ්ඩා‍ වැඩට බැස්සේ මාර ආතල් එකකිනි..

පැයක් විතර දාඩිය දාගෙන සෙට් එක දැමීමේන් පසු කට්ටිය යන්ඩ ලැස්ති විය.. Gym එකේ පලවෙනි දව‍සේ වික්‍රමයන්ගේ පස්සේ ෂර්ට් එක ඇදලා මූ පට්ට කතාවක් කීවේය...
                "ෂර්ට් එක හිරද මන්දා???"



Wednesday, June 11, 2014

ඔව්! ඇයි?



                                         හුග කාලයක් plan කරලා අන්තිමට ඒ දවස ආවා.කට්ටිය නමෝ විත්තියෙන් ම බුළුගහගොඩ ස්ටේෂන් එකෙන් බැස්සේ මාර mission එකකට. වෙන කාට නැතත් ගයියාට නම් අද අති විශේෂ දවසක්. අද තමයි ගයියා මාස  ගාණක් තිස්සේ ටෝක් කරපු, තමන්ගේ හදවතින් ((දැන් වෙන ඒවා බැලුවම දැන් ඌට එහෙම එකක් නෑ වගේ)) ඒක පාර්ශවිකව ලව් කරපු බව ඒ දැරිවිට කියන්ඩ යන්නේ.....


                                          ඒකට ඉතින් පුරුදු විදියට ස්කෝලේ ඉවර වෙලා ඒ ගර්ල් යන train එකට සෙට් වුනේ. රූපේයි,ගයියායි,ඇතායි යන්ඩ හිටියත් මගදි අහුලා ගත්ත සුප්පාත් එක්ක ඔක්කෝම 4ක් උනා. train එකෙන් බැහැලා ස්ටේෂන් එක දිගේ ගිහින් පාර පනින කම් කට්ටිය සද්දයක්වත් තිබුනේ නෑ. අනිත් පැත්තෙන් යන පාර දිගේ ඒ නංගිගේ පස්සෙන් කට්ටිය plan කර කර යනවා එයාව තනියම අල්ලාගන්න විදියක් ගැන.train එකේ ඇවිත් ඒ පාර දිගේ ගිය අයත් ටික ටික හැලිලා ගිහින් අන්තිමට අපේ සෙට් එකයි අර නංගියි තව කොල්ලෙකුයි පාරේ ඉතුරු වුනා. ඒ කොල්ලත් දිගටම යනවා..අපි ඉතින් ඌගේ පරම්පරාවම මතක් කර කර පස්සෙන් යනවා..


.                                         ටිකකින් නංගියි අර කොල්ලයි පාරේ දෙපැත්තට වෙලා කතා කර කර යන්ඩ පටන් ගත්තා. 276 බස් පාරත් පැනලා අතුරු පාරක් දිගේ දැන් යන්ඩ ගත්තා.කට්ටිය දැන් ගයියාට උපදෙස් දෙනවා.... "අරු ගිය හැටියේ ලගට ගිහින් කතා කරපන්" , "‍ලොවෙත් අදනම් අහපන්!".. යනවා යනවා ඉවර වෙන පාටක් නෑ.පාරවල් වලින් හැරි හැරි යනවා.... ආපහු යන්ඩ පාර මතකේ තියාගෙන ආව සුප්පාටත් දැන් පැටලිලා..ඌ හැමෝටම බැන බැන යනවා..විනාඩි 20ට විතර පස්සේ අර නංගි එකපාරට හැරුනා. හත්තිලව්වයි! ඒ එකිගේ ගෙදර....හුටා වැඩේ කොට උඩ! කට්ටියට ෆුල් මල..එත් අර කොල්ලා දිගටම යනවා.උගෙන් සීන් එක මොකක්ද කියලා දැන ගන්ඩ අපි උගේ පස්සෙන් යන්වා. ඇතා චූස් පාරක් ගහලා කොල්ලව නවත්තා ගත්තා."මචං පොඩ්ඩක් ඉදපන්" ඇතා ඌට කතා කලා. ඇතා ඌගෙන් විසතරේ අහන්ඩ ගත්තා. "උඹ අර නංගිගේ යාළුවෙක්ද බන්??"...ඌ එක එකපාරටම අහපි. "උඹලා එයාට ටෝක් ද කියලා"...හොදම වැඩේ එතකොට උනේ.. ගයියා පැනපු ගමන් ගහගන්ඩ වගේ ඇහුවා "ඔව්! ඇයි?" කියලා.....(වෙන ගමකට ඇවිත්,ඒ ගමේ කෙල්ලෙක්ගේ පස්සෙන් ගේ ගාවටම ඇවිත්, එකිගේ කොල්ලගෙන් ගේම ඉල්ලපුවාම කොහොමද ඉතින්)..... ඒ පාර ඌ "මං එයත් එක්ක යාළුයි" කියලා ගයියාගේ ලව් ස්ටොරියට ශෝක END එකක් දුන්නා.

                                         
               


අනේ අපොයි! ගයියා too late! මොනවා කරන්ඩද ඉතින්..අපි ආපහු එන්ඩ ආවා...හැමෝටම පට්ට අවුල් වෙච්චි සීන් එකට..පැය බාගයක් විතර හැමෝම මූණූ එල්ලන් ඇවිද්දා..දැන් කට්ටිය හෝ ගාලා ගයියාගේ හිත හදනවා. ඌ මූණ බෙරි කරගෙන කෑගහනවා.."මට අවුලක් නෑ බං" කියලා.. බට් ඌ ඇස්වල කදුළු දැක්කේ රූපේ විතරයි.. කොච්චර අවුල උනත් අර ගයියාගේ "ඔව්! ඇයි?" මතක් වෙනකොට මැරෙන්ඩ හිනා....කොහොමහරි එදායින් ගයියාගේ ඒ ලව් එක ඉවර වුනා. අපිටත් මොනවා හරි කන්ඩ තිබ්බ chance එකක් නැතිවුනා.... එ්කටයි ගොඩක්ම දුක..... :-D  




Tuesday, June 10, 2014

චිච්චිමාල්ගේ කතා වස්තුව




AL ක්ලාස් යන කාලේ තමයි ජිවිතේ පට්ටම කාලේ.ඒ වගේම වැදගත්ම කාලේ. හැමෝම ඇන ගන්න කාලේ. ඒ අතරේ ගොඩ යන උනුත් ඉන්නවා. රූපේ ගම්පහ පන්ති යන කාලේ නටපු පිස්සු අතර කරපු හොද වැඩක් තමා මේ. රූපේලාටත් වඩා විකාර කරපු එකේක්ට කියලා කියලා බැරිම තැන මොලේ පාදන්ඩ ලියපු කවි ටිකක් මේ. රූපේ තනියම ලියපු එකක් නොවන අතර මෙය කිහිප දෙනෙක් ගේ උත්සහයක ප්‍රතිපලයක්. මේකේ තියෙන ඒවා ඔක්කොම ඇත්ත. ඒ වගේම මේවා අදත් කරන උන් ඕනෑ පදම් හොයාගන්ඩ පුළුවන්...



රෝද දෙකෙන් පියා මාව                               ඇරලනවාලු
qeep එකේ ළමිස්සි ලග                                 නවතිනවාලු
චාටු කතා සෙනේ කතා නිතර                              පානවාලු
කෙල්ලක් ලෙස කොල්ලන් හට                   මුකුළුපානවාලු






qeep එකේ ආතල් එක දන්නේ                     ටිකදෙනයි
nimbuzz එකේ සැප ලැබෙන්නේ මේ මට           විතරයි
qeep එකෙන් එන 25 මගේ                      කෙල්ලටමයි
                   වගකීමෙන් මම කියන්නේ උඹලට                     විතරයි




අපේ ගෙදර සල්ලි ගහක් මං                  පැලකෙරුවා

අපේ අම්මා ඒවා කඩලා පන්ති                       එවනවා

අරුණ අයියා ඒවා අරන් වාහනේ                     දෙනවා

මමයි පබයි එකතු වෙලා ඒක                          පදිනවා




revision එක අපිට එපා theory                  තියෙනවා
දෙවැනිපාර නුගේගොඩින් ගේම                   ගහනවා
ගයා මගේ,මම ගයාගේ ලැජ්ජා                  හිතේනවා
medicine එක පදිරි දමා කොළඹ                    දුවනවා



maths එක නම් කොහොමත් බෑ clz              ගියේ නෑ
chem එක නම් එපා වෙලා දැන්                  මතකත් නෑ
phy6 එකේ නිදාගත්තා මට                         අවුලක් නෑ
ඉංගිරිසි කව්ද දන්නේ මං                            අහලත් නෑ

ඉදලා හිටලා note ලියමු                         කම්මැලිකමට
cedar එකේ වැලක් බලමු බඩ                      අඩුවෙන්ට

දමියා එක්ක රවුම් ගහමු ආතල්                           එකට

මේක තමයි මරුම විදිය ජිවත්                          වෙන්ට





                             නිර්මාණය හොද නම් අදහසක් කොටලා යන්ඩ...........

Friday, June 6, 2014

වුල්වරීන්ගේ සෙරෙප්පු දෙක

වේලාව- පෙ.ව 8.00-10.00
ස්ථානය-AQC
(Compre පීරීයඩ් එක අතර තුර)



වුල්වරීන්-අඩෝ මිස් කොතනද බන් ඔය කියවන්නේ?? මට ඇහෙන්නේත්......... කෝ යකෝ මගේ සෙරෙප්පු දෙක????

චතුර-දගලන්ඩ එපා බන්. මිස් දකී.

වුල්වරීන්-අනේ උඹ හු******.. මගේ සෙ‍රෙප්පු දෙක උස්සලා.... ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කකුලේ තිබ්බ සෙරෙප්පු නෑ...

                      (කොටා හැරී බලයි)

කොටා-මොකද බන්??

වුල්වරීන්-කොටා උඹ තමා උස්සලා තියෙන්නේ, උඹ යන්ඩ නෙවෙයි කදානෙන්!!!

වුල්වරීන්-පවන් උඹ තමා ගන්ඩ ඇත්තේ, උඹට තියෙන්නේ හොර මූණක්!!

පවන්-අඩෝ මම දැක්කේවත් නෑ...

වුල්වරීන්-ඔව් ඔව් උඹ ඇස් දෙක පු* ගහගෙනනේ හිටියේ???

පවන්-සිරාවට දන්නේ නෑ බන්...

කාවින්ද-උඹ උදේ දාගෙන ආවාද?

(වුල්වරීන් ඇගිලි වලින් යමක් කර පෙන්වයි)

පවන්-මෙතනින් නම් ගියේ නෑ බන්!!

වුල්වරීන්-මම කියන්ඩ ද ගිය පාර ? මෙතන කොටා ගාවින් ගිහින් අර කාවින්දයා ගාවින් නදුන් අයියා ගාවට යන්ඩ ඇත්තේ! අනේ බුදු අයියේ සෙරෙප්පු දෙක දීපන්!!

(නදුන් අයියා වටපිට බලයි)

මධුසුරංග-මල්ලී මොකද වෙලා තියෙන්නේ??

වුල්වරීන්-කව්ද එකෙක් මගේ මිරිවැඩි සගලට වැඩේ දීලා...අඩෝ Odel එකෙන් බන් ගත්තේ..දීපල්ලා බන් කුණු ගෑවෙනවා!!

ප්‍රවීන්-ඒ සෙරෙප්පු දෙක ආවේ නැත්ද??

වුල්වරීන්-ආවා ආවා... ඇවිත් මට කියලා ආපහු ගියා...ඒ සෙරෙප්පු දෙක දීපන් බන්...අපි මාස 2 ක් එකට හිටියානේ....

කාවින්ද-සෙරෙප්පු දෙක මොන පාටද බන්??

වුල්වරීන්-අනේ තොත්ත බබා...මට ඇ******....තෝ මගේ සෙරෙප්පු දෙක උස්සලා එකේ පාට අහන්නේ...උඹට හිතක් පපුවක් නැත්ද බන්??

පවන්-එකක් කහ පාටයි..අනික රතු පාටයි!!

වුල්වරීන්-රතු පාට කහ පාට උඹේ ඇ* ** තමා!!

පවන්-කන්ඩ අරන් දියන්...එතකොට කියන්නම්

වුල්වරීන්-ඇයි බන් මට මෙහෙම කරන්නේ?මං ගැන දුක නැත්ද බන්?? මං උඹලට මෛත්‍රී කරනවා..කකුල් හතර බිම තියන්ඩ බෑ......සෙරෙප්පු දෙක දීපන්!!!

(Bell එක වදී)

වුල්වරීන්-දැන්වත් දීපන් බං..කෙල්ලොන්ගේ පැත්තට දාලා තිබුනොත් පවන්, කාවින්ද උඹලා දෙන්නට දෙන්නම්...දීපන් බං.......බඩගිනියි......අහිංසක කොල්ලන්ට මෙහෙම කරන්ඩ එපා බං...

පසන්-අඩෝ අන්න ඉස්සරහා තියෙනවා...

වුල්වරීන්-උස්සපු එවුන්ගේ.............



           ***************************************************************