Tuesday, January 12, 2016

සැබැවින් ම ආලය කල බව දිවුරමි..





නොමියෙන මතකයන් තවමත් රිදුම් දෙයි
කලක් ආදරයෙන් මුසපත් වූ මසිත
දැන් ආලයේ විරහා වේදනාවෙන් තැවෙයි..

කෙදින කෙලසක පැමිනියාදැයි 
නොදන්නා ආලය හැරගියේ මන්දැයි නොහැගේ..

කොපමණ හැඩුවද වැලපුනද නැවත ඒ හිත 
පැමිණිම සිහිනයක් ම පමණි..

දුක් සෝ සුසුම් සුළගේ පා කර හරිනවා හැර 
වෙනයම් පිළියමක් මා සතුදැයි නොදනිමි..

එනමුදු මා ඔබට ආලය කල බව, සැබැවින් ම ආලය කල බව දිවුරමි..
නැවත මා සොයා එනතුරා සිටි තැනම බලාහිදිනෙමි..

                       -යෙ‍හෙළියක්-

 *******************************************************
      මවිසින් ලියුවක් නොව යෙහෙළියකගේ අකුරු කෙරුමකි...ඔබේ වදනක් ඇයට දිරියක් වනු නොඅනුමානය...

24 comments:

  1. සිතුවිලි කුරුටු ගාන්න ඇයව පොළවඹපන්.ගොඩක් ලස්සන නිර්මාණ බිහිවෙන්නේ සතුටුන් නෙමෙයි.වේදනාවෙන්.

    උඹ නිකන් ඉන්න එකේ "විරහ වේදනාවෙන් පෙළෙන්නන්ගේ" සංගමයක් හදපන්කෝ....

    ReplyDelete
    Replies
    1. //මුතු අැටයක් වෙන්නේ බෙල්ලෙකුගේ කටුව තුළ හිරවුණ වැලි කැටයක වේදනාවයි...........//

      මට මතකයි අපේ පෝස්ටුවකට මේ විදිහට කමෙන්ටුවක් දාලා තිබුණා.......

      Delete
    2. අනේ පල යන්ඩ.... ඔහොම චාටර් කරන්ඩ එපා යකෝ!

      Delete
    3. එකෙන්ම.... සදුමල් ගේ බ්ලොග් එකෙත් ඔහොම එකක් දාලා තිබුනා

      Delete
  2. අගෙයි............ හැබැයි දුකයි.........

    ReplyDelete
  3. අර හාමුදුරුවන්ට බෙදන්න.. හැක්

    ReplyDelete
    Replies
    1. මොක්කද බන් ඒ සීන් එක??

      Delete
  4. ලොබ බැඳි දා නුඹග සුවඳට
    කෑදර කමින් ඉව ඇල්ලා එදෙසට
    හුස්ම ගත්තද හිත පුරාවට
    නොදැනුනා නොවේයි ඒ
    අග පිපි මුවහතේ තියුණු බව
    නාස් පුඩු දෙකෙලවරට

    ඉසියුම්ම වේදනා නැගෙන කල
    සියුම්ම මිහිරක් වින්දෙමි ඒ තුල
    නුඹ නොමැති අද මගේ ලොව තුල
    කඳුළකින් දොවා නෙතගින් යවනු බැරි
    සුසුමකින් ඈතකට පාකර හරිනු බැරි
    මතකයේ හිඩැස් මෙතරම්ම රිදුම් දෙද

    තනිකම රසකි නුඹ මා හට ඉතිරි කල
    ඒ රස විඳිමි නුඹ ගැනම සිහි කර කර
    ආගිය තැනෙක මතකයේ නටබුන් අතර
    සිත ඇවිදුවන සැනෙන් නුඹ මගෙ අසල
    නුඹ ගිය ලෙසින් මතකයෙනුත් නොයන් සඳ
    මතකය පමණි හද ගැහෙනා එකම මග

    ReplyDelete
    Replies
    1. මෙක වෙනම පොස්ට් එකක් නේ බන්??
      පට්ට යකෝ!!

      Delete
  5. ලස්සනයි.
    විරහව අපූරු නිර්මාණ තනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  6. මම හිතුවා උඹ ලියපු එකක් කියලා.
    ලස්සනයි, යෙහෙළියව පුළුවන් නම් බ්ලොග් ලෝකෙට එක්කන් වරෙන්.

    ReplyDelete
    Replies
    1. මට කොහෙද බන් එච්චර හැකියවක්...
      බ්ලොග් ලොකෙට ආසවක් නැති හැඩයි බන්!

      Delete
  7. Replies
    1. ඔක්කෝම හොඳයි...පිනා කිව්ව එක තමා අවුල...

      Delete
  8. Replies
    1. ඔබේ දිරිගැන්වීම අගය කරමි මනෝ!

      Delete
  9. කාලය තමා හොඳම බෙහෙත. ඒ වගේම සියල්ල සාධාරණව විසඳන උසාවිය.

    ReplyDelete
    Replies
    1. එක පට්ට ටෝක් එක බන්!

      Delete
  10. දාල ගිය එවුන් ගැන තැවෙන එක මෝඩකමක්.. එත් ඒ මෝඩකම නිසාම අපේ ගීත සාහිත්‍යය කොයිතරම් නම් පෝෂණය වෙන්න ඇතිද.. බ්ලොගක් හදල දෙමු යෙහෙළියට..

    ReplyDelete
    Replies
    1. විරහ වේදනාව කියන්නේ මොඩකමක් නෙවෙයි බන්!

      Delete
  11. විරහව නම් මටත් අළුත් දෙයක් නෙමේ බන්.. සමහර අය කාලයක් යද්දී හිත හදාගෙන අළුතෙන් ජීවිතේ පටන් ගන්නවා.. තව සමහරු හැමදාම එකෙක් ගැන හිත හිත දුක් වෙනවා.. පවු ඒ මිනිස්සු ඉතින්..

    මගේ මතයේ හැටියට විරහව කියන්නෙ අපි ගැන බිඳුවක් හෝ හිතන්නැති කෙනෙක් ගැන හිත හිත බොරුවට අපේ ජීවිතේ කාලකන්ණි කරගන්න එක.. හැබැයි ඒකෙත් අමුතු ගතියක් තියනවා..

    ඔය යෙහෙලියටත් කියහන් බොගක් අටෝගන්න කියලා පුළුවන් නම් :)

    ReplyDelete
  12. කාලෙකට පස්සෙ ආවෙ. මේක නියමයි . නරකද බොග යෙහෙලිට බාර දුන්නොත් !!!!කොහොමද අප්පා මේ බොගට join වෙන්නේ ????

    ReplyDelete