ඒ දවස් වල දවසට කී පාරක් මම ඔයා දිහා බලනවද? සියපාරක් විතර ඔයා දිහා බලලා මටම කියා ගන්නවා "අනේ ඔයා මගේ උනානම්!" කියලා.එත් ඒක තවත් මගේ එක විකාර සිතිවිලි වලින් එකක් විතරයි.ඔයාව ලබාගන්ඩ තරම් මම වාසනාවන්තයෙක් නෙවෙයි.මම දිව්වේ මිරිගුවක් පස්සෙන් කියලා මම දන්නවා.
අපි දෙන්නාගේ යාළුකමට වෙන නමක් දෙන්ඩ මම කොච්චර හීන දැක්කද? ඒ උනත් ඔයාගේ හිතේ හිටියේ මම නෙවෙයි.යාළුවෙක් විදියට ඔයා මගේ ලග හිටපු එකම මට රටක් වටිනවා.
ඔයාගේ අහිංසක හිනාවට මම කොච්චර ආසාද?මූණට වැටෙන කොන්ඩ කැරුල්ල අතින් අයින් කරන ගමන් ඔයා හිනා වෙනකොට මට පිස්සූ වගේ.ඔයා ගැන කවුරුහරි හොදක් කියනකොට මම හිතින් සතුටු වුනා...ඒ ඔයාගේ සාර්ථකත්වය ගැන හිතලා..ඒ විදියටම කවුරුහරි ඔයා ගැන නරක් කිව්වොත් මට ආවේ පුදුම තරහක්. ඒ වගේ මම බොලද උනේ මගේ හිතේ ඔයා ගැන තියන ආදරේ නිසා.....
මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්ඩ කියලා මම කොච්චර plan කලාද? ඒත් ඒක නොකිව්ව එක ගැන අද මම සතුටු වෙනවා.වෙන කෙනෙක්ට හිමි වුන ඔයා මම ගැන වරදවා වටහා ගෙන මාත් එක්ක තරහා වුනොත්? ඒ ගැන මම හිතන්ඩවත් කැමති නෑ.මට ආව ගොඩක් ප්රශ්න වලදී ඔයා මට ඒවට විසදුම් හොයලා දුන්නා.ඒ හැමදේකින්ම වුනේ මගේ හිතේ ඔයා ගැන තිබුන ආදරේ වැඩි වුන එකයි.
හැමදාම හොදම දේ තෝරගන්ඩ ඔයාට තිබුනේ පුදුම දක්ෂකමක්.මම හොදම කෙනා නොවෙන්ඩ ඇති!ඔයාගේ වැරුද්දක් හොයාගන්ඩ මට කවදාවත්ම බැරිවුනා...ඒ ඔයා හොදම කෙනා නිසයි.සැරුසිල්ලක් කරන්ඩ ගිහින් මගේ අත කැපුන වෙලාවක ඔයා මට මයාගේ ලෙන්සුව දුන්නා.මම ඒ සුදු ලෙන්සුව ඔයාට ආපහු නොදී හොරෙන්ම අරන් ආවා.ඔයා ඊට පස්සේ කවදාවත්ම ආයේ ඒ ගැන ඇහුවෙත් නෑ.මට කියන්ඩ තරම් හිතේ හයියක් තිබුනෙත් නෑ.ඔයාගේ සුවද තාම ඒ ලේන්සුවේ තියනවා.එත් ඊට වඩා මගේ හිතේ රැදිලා තියෙනවා.
හැම අවුරුද්දටම මගේ උපන්දිනේට B'day card එකක් එවන ඔයා අද එවලා තිබුන Wedding card එක දැක්කම මාව ගල් ගැහුනා.මේ දේ මට කවදාහරි ලැබෙනවා කියලා මම දැනගෙන හිටියට එක ලැබුනම දරා ගන්න එක අමාරුයි.කොණ්ඩේ කරල් ගොත ගොත මාත් එක්ක ස්කොලේ ගිය පුංචි කෙල්ල කසාද බදිනවා.ඒ හැමදේම ඊයේ පෙරේදා වුනා වගේ මතකයි.මගේත් එක්ක මුරුක්කු වලට පොරකාපු,අයිස් කාපු කෙල්ල මනමාලියෙක් වෙනවා.මගේ හොදම යාළුවා ඔයා....ඒ නිසා මම ඒ ගැන වෙන කාටවත් වඩා සතුටු වෙන්ඩ ඕනේ.
මම මැරුනත් එදාට ඔයා මනමාලියක් වෙලා ඉන්නවා බලන්ඩ මම එනවා.ඔයාගෙන් හිස් වුන තැන මගේ ජිවිතේ පුරාවටම හිස්තැනක් වෙයි.
මම මගේ හැගීම් එදා ඔයාට කිව්වනම් අපේ කතාවල් මීට වඩා වෙනස් වෙන්ඩ තිබුනා.එත් දෛවයේ ලියවිලා තිබුනේ මෙහෙම වෙන්ඩ.ඒත් ඔයා මට නැති වෙයි කියන සිතිවිල්ල ඒක මට කරන්ඩ ඉඩ දුන්නේ නෑ.අද ඔයා හදාගත්ත ලෝකේ ඔයා සතුටින් ඉන්නවා වගේ හැමදාම සතුටින් ඉන්න!!!!!
මල් හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ...
එක හීනයක්ගාව මම නැවතීලා...
තරු වාගේ දිලිහෙද්දී පොඩි ඇස් ඔයාගේ...
බෑ දැන් කියා ගන්ඩ හිත ගොළුවෙලා.....
දැනගත්ත දා ඈත වෙන්වී ගියොතින්.....
හැමදාම විදවන්න මා මෙහි තියා....
නොකියාම ඉන්නම් මගේ ප්රර්ථනාවන්....
මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා......
ප.ලි - අවුරුද්දකට විතර කලින් එකෙක් අඩ අඩ කියපු කතාවක්...දැන් ඌ උන්නද මැරිලද දන්නෑ...පොඩ්ඩක් සංස්කරණය කරලා ගත්තා.
No comments:
Post a Comment