පොඩි කාලේ තාත්තා රූපේට කියලා දුන්න කතාවක් මේක...ගොඩක් අය මේක අහලා ඇති...අහපු නැති අයට අහන්ඩ මෙන්න දැම්මා...
වෑත්තෑවේ හාමුදුරුවෝ දවසක් ගමනක් යනකොට වතුර වලක මාළු බාන කොල්ලෙක් දැකලා මෙහෙම කිව්වාලු.....
යහ ගුණ දම් මිදි පව් බර කරපින්නා
සිය පණ රැකීමට පර පණ බිලිගන්නා
මිනිසත් බව ලැබත් තිරිසන් ලෙස ඉන්නා
බොල මෝඩයෝ මතු තෝ කොයි වල යන්නා
මේක අහපු කොල්ලා හාමුදුරුවන්ට මෙහෙම උත්තර දුන්නලු...
වේවලන සීතලෙන් මුන් ගොඩ බිමට ගමී
පර පණ නොම නසමි මැරුනම රසට කමී
වුවහොවත් දිනක මෙහි අැති මාළුවන් නිමී
හාමුදුරුවනේ මම ඊලග වලට යමී
මේක අහලා හාමුදුරුවෝ මේ කොල්ලා ගැන පැහැදිලා ඇබිත්තකමට ගත්තාලු...
දවසක් වෑත්තෑවේ හාමුදුරුවෝ තමන්ගේ යාළු හාමුදුරු නමකට දෙන්ඩ කියලා කොල්ලා අතේ කෙසෙල් ගෙඩි දහයකුයි කිරි හට්ටියකුයි යැව්වලූ...කොල්ලා අතේම ලියලා යැව්වලු....... "පුරසදයි දස වකයි " කියලා...
ඇබිත්ත කොලුවා ඉතින් ගමන් මහන්සියට කියලා මගදී කෙසෙල් ගෙඩි දෙකක් කාලා කිරි හට්ටියෙන් බාගෙකටත් වග කියලා ඉතිරි ටික අර හාමුදුරුවන්ට ගිහින් දුන්නාලු... හාමුදුරුවොත් මුකුත් නොකියා අරන් අර කොලේම අනිත් පැත්තේ මෙහෙම ලියලා දුන්නාලු... "අඩසදයි අටවකයි"
පහු කාලෙක මහණ වෙලා තොටගමුවේ ශ්‍රී රාහුල කියලා ප්‍රසිද්ධ වුනේ මේ ඇබිත්ත කොලුවමලු.....

දෙවනි කතාවනම් අහලා තිබුනා කලින්..
ReplyDeleteඑහෙනම් පලවෙනි එක ඇහුවේ මගේන්....
Deleteදෙකම මතක් කිරීම හුගක් වැදගත්
ReplyDeleteඔව් ඔව් බොහෝම වැදගත්...
Deleteදෙකම මතක් කිරීම හුගක් වැදගත්
ReplyDeleteදෙපාරක් මතක් කරන එක ඊට වඩා බොහෝම වැදගත්!!
Deleteමුල් කතාව:
ReplyDeleteඒ කොල්ල තමයි දෙමටානේ කුමාරයා කියන්නෙ. පස්සෙ තොටගමුවේ ශ්‍රී රාහුල කියන නමින් ලක්දිව ප්‍රසිද්ද උනු හිමි නම.
දෙවන කතාව:
ඒ කතාවෙ පොඩි වෙනසක් වෙන්න ඕනෙ. මම දන්න විදිහට, ඒ ඇබිත්තයා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ ඇබිත්තයා, වෑත්තෑවේ හිමියන්ගෙ ඇබිත්තයා නෙමෙයි. මේ දානය යැව්වෙ රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවන් උනු වීදාගම මෛත්‍රී හාමුදුරුවන්ට.
"පුන්සඳයි දසවකයි පිළිගන්වමි" කියල යැව්වම, "අඩසඳයි අටවකයි පිළිගතිමි" කියල වීදාගම හාමුදුරුවො කියල එව්වලු. මගදි ඇබිත්තය වැඩේ දීල කියල තොටගමුවේ හාමුදුරුවොත් තේරුම් ගත්තලු. :)
මේ කතාව මම ලිව්ව ලිපියකුත් තියෙනවා.
http://madhawaweblog.blogspot.com/2010/11/blog-post_10.html
බොහෝම ස්තූතියි දැනුවත් කිරීමට...එහෙම විස්තර මම දැනගෙන හිටියේ නෑ...
Deleteතතා ටිකත් බොහෝම අගෙයි!!
කතාදෙකම අහලාතිබුනාට පළවෙනි එක අහලතිබුනේ කතාවෙන්.කවියෙන් අහලතිබුනේ නෑ
ReplyDeleteකවියෙන් නොවැ රස වැඩි...
Deleteමාත් අසා තියෙන්නෙ මාධව හබරකඩ කිව්ව කතාව රූපේ.මේ විදිහට කෙතරම් විශාල සාහිත්‍යයක් අප අතර සැඟවී ඇද්ද. මේ ලිපි කාලීනවත් අනාගතයටත් ඉතාම වැදගත් මෙහෙවරක් කරනවා
ReplyDeleteඑහෙනම් එහෙනම්.....
ReplyDelete