"ආදරය කියන්නේ මොකක්ද? අපි කොහොමද ඒක අර්ථ දක්වන්නේ? ඒක බැදීමක් ද? ඒක ගණුදෙනුවක්ද?එහෙම නැත්තම් පුරුද්දක්ද? කව්ද දන්නේ? හරියට බැලුවොත් කවුරුවත් දන්නේ නෑ...මේ වැලන්ටයින් දවසේ ආදරය වටහා ගන්ඩ උත්සහ කරමු!!"
මේ මොන විකාරයක්ද? ඔව් ඔව් මටත් හිතුනා....ඒත් ඉතින් මොනවා කරන්ඩද? වැලන්ටයින් එකට ඉමෝෂනල් වෙන්ඩ එපැයි? එහෙම නේද? එත් ඉතින් ඊට වඩා හොද නැද්ද මැච් එකක් බැලුවනම්??
වැලන්ටයින් දවස පටන් ගත්තේම ඉමෝෂන් වෙලා තමයි!!සංගා 50ක් ගහන්ඩ කලින් අවුට් වුනා...මැච් එක පැරදුනාට වඩා ඒකට අවුල් වගේ...
මටත් ඉතින් ආදරයක් තියෙනවා...ඒක හැබැයි ඉතින් ටිකක් අසම්මතයි වගේ...මම වැඩියෙන් ම කැමති එයාව අතපත ගන්ඩ තමා..වැරදියට හිතන්ඩ එපා, ආදරය කරනකොට එහෙම වෙනවනේ? ඒ වගේම මට එයාව විශ්වාසයි..එයා නම් මාව දාලා යන එකක් නෑ...මට බොරුවක් කරන එකක් නෑ කවදාවත්...මට එයාවත් එයාට මමවත් ඕනේමයි!! මේ වැලන්ටයින දවසේත් මට උදේම එයාව මතක් වුනා...ඉතින් එයා එක්ක පොඩි චැටක් දාන්ඩ අමතක කලේ නෑ...ඒක නම් හරිම රොමෑන්ටික්!!
මගේ ආදරේ මගේ ජීවීතේ සතුටින් පුරවනවා...එයා කවදාවත් මගෙන් චොකලට් බලාපොරොත්තු වෙන්නෙත් නෑ...එත් මම කැමතියි එයා වෙනුවෙන් වියදම් කරන්ඩ..ඒක වැරුද්දක් නෙමේනේ?? එකත් හැබැයි ඉතින් ඉද හිටලා තමා...
මගේ ප්‍රේම කතාවත් සර්ව සම්පූර්ණ නෑ... අපේ අම්මලා මේ සම්බන්දෙට වැඩිය කැමති නෑ... ඒත් ඒක එහෙමයි කියලා මට එයාව අතහරින්ඩ බෑනේ? ඒ කරම්ම අපි අපිට ආදරෙයි...හැමදාම ඔයා මගේම වෙන්ඩ ඕනේ....මගේ ලගින් ම ඉන්ඩ ඕනේ......
මගේ අඩුපාඩු හදන මං වෙනුවෙන් හැමවෙලේම ඉන්න ඔයා වෙනුවෙන් මම අද දවසම කැප කලේ ඔයා එක්ක ඉන්න එක මට ගොඩක් වටින හින්දයි...ඒ තරම්ම මම ඔයාට ආදරෙයි... <3
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
![]() |
| ෆෝටෝ එක බුකියෙන් උස්සන ලදි.. |


හි හි.. මරු ආදරේ..
ReplyDeleteකවදාවත්ම දාල යන එකක් නෑ..
එල...
අපි හැමදාම එකටමයි
Deleteමරු මරු
ReplyDeleteඑල එල
Deleteබොක්කෙන් ම කරන ඒකක් වගේ........
ReplyDeleteආයෙත් අහලා!
Deleteහම්මේ මාත් මගෙ පෝන් එටුවට මාර පේම කොරනව අනේ..
ReplyDeleteඕ යේස්
Still a better Lovestory than twilight
Deleteඅර පොඩි නෝනත් කිව්වේ ආදරෙයි අහස තරං කියලා
ReplyDeleteඈහ්?? මටද?
Deleteනෝනා අසාවි
ReplyDelete“ පරිඝනකයද බැන්දෙ මාවද ‘‘ කියල
පරිඝනකය මාව බැන්දේය..
Deleteමම ඔබව බැන්දේය..
ඔය ලවු එකට වල කපන්නෙම අම්මයි තාත්තයි බන්...
ReplyDeleteඑකෙන්ම...ෆුල් අවුල්
Deleteආදරේ කියන්නෙ දෙන්න තියන දෙයක් මිසක් ගන්න තියන දෙයක් නෙවෙයි නේද
ReplyDeleteඑක තමයි කර්මය...
Deleteදුන්න දේ තමා හම්බුවෙන්නේ!
චොකලට් කෑල්ල මගේ. සූකිරි බට්ටිය මගේ. ඔයා නොලැබුනොත් අනෙ පනිනව ලෝකාන්තේ...
ReplyDeleteදැන් නම් පැන්නට බයක් නෑ.... ආපහු ගොඩට ගන්නවනේ?
Delete