ස්ථානය-AQC
(Compre පීරීයඩ් එක අතර තුර)
වුල්වරීන්-අඩෝ මිස් කොතනද බන් ඔය කියවන්නේ?? මට ඇහෙන්නේත්......... කෝ යකෝ මගේ සෙරෙප්පු දෙක????
චතුර-දගලන්ඩ එපා බන්. මිස් දකී.
වුල්වරීන්-අනේ උඹ හු******.. මගේ සෙරෙප්පු දෙක උස්සලා.... ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කකුලේ තිබ්බ සෙරෙප්පු නෑ...
(කොටා හැරී බලයි)
කොටා-මොකද බන්??
වුල්වරීන්-කොටා උඹ තමා උස්සලා තියෙන්නේ, උඹ යන්ඩ නෙවෙයි කදානෙන්!!!
වුල්වරීන්-පවන් උඹ තමා ගන්ඩ ඇත්තේ, උඹට තියෙන්නේ හොර මූණක්!!
පවන්-අඩෝ මම දැක්කේවත් නෑ...
වුල්වරීන්-ඔව් ඔව් උඹ ඇස් දෙක පු* ගහගෙනනේ හිටියේ???
පවන්-සිරාවට දන්නේ නෑ බන්...
කාවින්ද-උඹ උදේ දාගෙන ආවාද?
(වුල්වරීන් ඇගිලි වලින් යමක් කර පෙන්වයි)
පවන්-මෙතනින් නම් ගියේ නෑ බන්!!
වුල්වරීන්-මම කියන්ඩ ද ගිය පාර ? මෙතන කොටා ගාවින් ගිහින් අර කාවින්දයා ගාවින් නදුන් අයියා ගාවට යන්ඩ ඇත්තේ! අනේ බුදු අයියේ සෙරෙප්පු දෙක දීපන්!!
(නදුන් අයියා වටපිට බලයි)
මධුසුරංග-මල්ලී මොකද වෙලා තියෙන්නේ??
වුල්වරීන්-කව්ද එකෙක් මගේ මිරිවැඩි සගලට වැඩේ දීලා...අඩෝ Odel එකෙන් බන් ගත්තේ..දීපල්ලා බන් කුණු ගෑවෙනවා!!
ප්රවීන්-ඒ සෙරෙප්පු දෙක ආවේ නැත්ද??
වුල්වරීන්-ආවා ආවා... ඇවිත් මට කියලා ආපහු ගියා...ඒ සෙරෙප්පු දෙක දීපන් බන්...අපි මාස 2 ක් එකට හිටියානේ....
කාවින්ද-සෙරෙප්පු දෙක මොන පාටද බන්??
වුල්වරීන්-අනේ තොත්ත බබා...මට ඇ******....තෝ මගේ සෙරෙප්පු දෙක උස්සලා එකේ පාට අහන්නේ...උඹට හිතක් පපුවක් නැත්ද බන්??
පවන්-එකක් කහ පාටයි..අනික රතු පාටයි!!
වුල්වරීන්-රතු පාට කහ පාට උඹේ ඇ* ** තමා!!
පවන්-කන්ඩ අරන් දියන්...එතකොට කියන්නම්
වුල්වරීන්-ඇයි බන් මට මෙහෙම කරන්නේ?මං ගැන දුක නැත්ද බන්?? මං උඹලට මෛත්රී කරනවා..කකුල් හතර බිම තියන්ඩ බෑ......සෙරෙප්පු දෙක දීපන්!!!
(Bell එක වදී)
වුල්වරීන්-දැන්වත් දීපන් බං..කෙල්ලොන්ගේ පැත්තට දාලා තිබුනොත් පවන්, කාවින්ද උඹලා දෙන්නට දෙන්නම්...දීපන් බං.......බඩගිනියි......අහිංසක කොල්ලන්ට මෙහෙම කරන්ඩ එපා බං...
පසන්-අඩෝ අන්න ඉස්සරහා තියෙනවා...
වුල්වරීන්-උස්සපු එවුන්ගේ.............
***************************************************************


No comments:
Post a Comment