Wednesday, July 9, 2014

ආදර චක්කරේ




එයා එනවා,
මට හරි සතුටුයි.....!

එයා හිනාවෙනවා,
මට හිනාවෙන්ඩ අමතක වෙනවා.....!

එයා බිම බලාගන්නවා,
හෑබෑම ලස්සනක්.....!

එයා ඇවිදගෙන යනවා,
ඒක නම් තාලයක්.....!

එයා කතා කරනවා,
මට වචන පැටලෙනවා.....!

එයා හිනාවෙනවා,
මාව ගල්වෙනවා.....!

එයා ඇවිදන් යනවා,
මට ආයේ හුස්ම වැටෙනවා.....!

එයා වාඩිවෙනවා,
ඒ පුටුව වාසනාවන්තයි.....!

එයා ලියනවා,
ඒ පෑන මම වුනානම්.....!

එයා බඩු අහුරනවා,
මගේ හිත කකියනවා.....!

එයා යන්ඩ යනවා,
මගේ පපුව රිදෙනවා.....!

ආපහු හැරිලා අතවනනවා,
මට ටිකක් හොදයි වගේ.....!

එයා ගියා,
හෙට උදේම එනව‍ා නේද......????




10 comments:

  1. නැවතී බලා හිදින්න..

    ReplyDelete
    Replies
    1. හැමදාම බලා හිදිලි තමා!!

      Delete
  2. මලා....
    මාර කේස් එක...
    ඉතිං එයා ආවද...
    නැත්තං යන්නම ගියාද

    ReplyDelete
    Replies
    1. තමා ආවෙත් නෑ....ගියෙත් නෑ!!!

      Delete
  3. අහා ලව් සීන් එකක් ;)
    අයේ එයි !!! 

    ReplyDelete
  4. ඇත්තම තමයි. මෙහෙම වෙනවා නම් ආදරෙයි කියන එක තමයි කියන්නේ. කොටින්ම තමන් කැමති කෙනා ළඟ ඉන්නකොට වෙන කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ආදරේ ගින්දරකි....අපි මෙරු වන්නෙමු.....

      Delete
  5. අපිට හැමදාම ඔය චක්කරේ තමා රූපයෝ....hikz

    ReplyDelete
    Replies
    1. ඔව් බන්....කැරකී කැරකී ඉන්නවා!!!!

      Delete