ලේ දන් දීම ගැන මොකද හිතන්නේ?? ඒක ලොකු පින්කමක් තමා..පුළුවන් හැටියට සහභාගී වෙන්ඩ ඕන පුන්‍යකර්මයක්.... සැප්තැම්බර් මාසේ රූපේලාගේ පන්සලේ ලේ දන් දීමේ පින්කමක් තිබුනා..අනේ ඉතින් Clz කට් කරගෙන රූපේ ගියේ අතාත් එක්ක... බර මැනලා දීපු ෆෝම් එකත් පුරවලා පෝලිමේ වාඩි වුනේ ඩොක්ටර් ගාවට යන්ඩයි. විනාඩි 15කට පස්සේ ලේ ගන්න බෑග් 4ක් එක්ක ගිහින් ඇදකට සෙට් වුනේ ඒ මහා පුන්‍යකර්මයටයි..ලස්සන මිසී කෙනෙක් ඇවිත් නම ගම අහලා ලේ ගන්ඩ පටන් ගත්තා... ලේ දෙන තුන්වෙනි පාර හින්දා රූපේ හිටියේ මාර කොන්ෆිඩන්ට් පිට...ඇයි ඉතින් ආයේ වෙන දේවල් ඔක්කෝම දන්නවනේ..විනාඩි 20ට විතර ලේ දීපු ගමන් ඇදෙන් නැගිට්ටේ ගිහින් මයිලෝ එකක් ගහන්ඩයි...රූපේට මතක විදියට අඩි 10ක් විතර ගියා...ඇස් දෙක නිලංකාර වෙලා යනවා අන්තිමට මතකයි....එකපාරට ඇස් දෙක අරින කොට අතා එබීගෙන ඉන්නවා...ෂුවර් එකට හීනයක් වෙන්ඩ ඕනේ කියලා ආපහු ඇස් දෙක පියා ගත්තා...එතකොට තමා සීන් එක මතක් වුනේ....ටක් ගලා නැගිටිනකොට මිසී කෙනෙක් ආපහු ඇදට දැම්මා ඔහොම ඉන්ඩ කියලා.....අපොයි විලි ලැජ්ජාවේ බෑ.....හැමෝම බය වෙලා වගේ බලන් ඉන්නවා....ටිකකින් නැගිටලා ගිහින් අතාගෙන් වෙච්චි සීන් එක ඇහුවම රූපේට පිස්සු වගේ.... කලන්තේ දාලා වැටෙන්ඩ ගියාලූ....එතකොට ලේ දීලා හිටපු අතා ඇවිත් අල්ලාගෙන ඇදට දැම්මාලූ....මයිලෝ එක ගහන ගමන් රූපේ කල්පනා කරේ මේ වෙච්චි ලැජ්ජාව ගැනයි.... ගෙදර ඇවිත් ගෙදර මිනිස්සුන්ට කිව්වට අද වෙනකම් ඒ අය ඒක විශ්වාස කරන්නේ නැත...
එදා හවස අතාට කඩේ දී එකෙක් හම්බු වෙලා ඇහුවලු උඹලා ලේ දෙන්ඩ ගියා නේද කියලා....ඕව් කිව්ව ගමන් අරු හිනා වෙවි කිව්වලු අඩෝ එකෙක් වැටුනලු නේද කියලා....දන්නේ නෑ බන් අපි යන්ඩ කලින් වෙන්ඩ ඇති කියලා අරූ ආවලු....ඔන්න ඔය වගේ සමාජෙක තමා අපි ජිවත් වෙන්නේ...කවුරුහරි හොද වැඩක් කරන්ඩ ගියාම හිනාවෙන, ඒකට උදවු කරන්නේ නැතුව වැරදි හොයන උන් දැන් නම් ඕනතරම් ....කුණු වෙන්ඩ බීලා වැටෙන එක වීරකමක් වෙන, ලේ දීලා වැටෙන එක හිනා වෙන්ඩ කාරණාවක් වෙන මිනිස්සු තමයි දැන් ඉන්නේ.....එකත් ලේ දෙන එකෙක් කිව්ව නම් කමක් නෑ... සීන් එත අහපු ගමන් රූපේට ල පැන්නත් පස්සේ හිතුනේ උන්ගේ තියෙන මෝඩකම කියලා... කමක් නෑ..... ලබන පාරත් වැටෙන්ඩ හරි කියලා ලේ දෙනවා.....!!!.
කතාකරලා වැඩක් නෑ .... මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා.... හිනත් යනවා දැන් මතක් වෙනකොට. මම බ්ලොග් එකෙත් ලිව්වා ඒ සිද්ධි 3ක්ම
ReplyDelete:-D
Deleteබ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක අපේ දර්ශකයට.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
ඇරයුමට ස්තූතියි!!1
Deleteඔය වගේ පුන්‍යකර්ම වලට අකුල් හෙලන පව් කාරයෝ ඕනෑ තරම්... මම ලේ දෙන්න ගිහින් කි පාරක්නම් ආපහු ඇවිත් ඇද්ද එක එකාගේ කතන්දර නිසා..... ඒත් දැන් බය නෑ දැන් දෙනවා...
ReplyDeleteකලන්තේ දාපු එකනම් පට්ට සීන් එක.. :D
මතක්වෙනකොටත් ලැජ්ජාවේ බෑ....
Delete