Tuesday, September 30, 2014

ඔබත් පාාස් ද???


මෙන්න දැන් ලැබුනු විභාග ප්‍රතිඵලයක්....ලකුණු 160ක් ලූ....
අනේ අ‍පොයි! එත් මේ පොඩි එකා ෆේල් ලූ....පිස්සු හැදෙනවා ඒක ඇහුවම.....‍පේපර් 2ටම 80 ගානේ අරගෙනත් ඌ ෆේල්....පව් අප්පා....



රූපේ ලියන දවස් වල 137න් බැලුවේ...අවුරුදු 10ට 12ට ලකුණූ ගාන 25න් විතර වැඩිවෙලා....එත් ඉතින් උගන්වන එවායේයි අහන ඒවායේයි වැඩි වෙනසක් වෙලා නෑ....එහෙනම් ලමයි දක්ෂ වෙලා ද?

ශිෂ්‍යත්වෙට කියන්නේ අම්මලාගේ විභාගේ කියලා....ඒ තරමට දෙමව්පියෝ මේ විභාගේ ගැන උනන්දුයි..ගමේ ඉස්කෝලේ ඉදලා ලොකු ස්කෝලේකට යන්ඩ තියෙන හොදම චාන්ස් එක තමා ශිෂ්‍යත්වේ....ඉතින් පොඩි එවුන් ක්ලාස් යවනවා අම්බානකට....ඉස්කෝලේ ඇරිලා කෙලින් ම ක්ලාස් එකට....ක්ලාස් එකෙන් ගෙදරට.....ගෙදරින් ඉස්කෝලේට....ඕක තමා ඒ චක්කරේ....

රූපේට ශිෂ්‍යත්වේ එපා වුනේ 5 වසරේ ඉදලා....ස්කෝලේ උගන්වපු සර් ලමයින්ට ඉගැන්නුවේ ආමි එකේ ට්‍රේනින් වගේ.... ඒ අස්සේ සර් දෙමල පන්තියක් දැම්මා.....ඒකට එන්නේ නැති ලමයින්ට ලැබුනේ වේවැල් කසාය.....ඒක කට් කරලා රූපේ ගුටි කාලා ඇති ඕන පදම්.....

රූපේත් ශිෂ්‍යත්වෙට පන්ති ගියා....ඒ 4 වසරේ ඉදලා....බට් ඉතින් ඒකත් ඉස්කෝලේ වගේ....මොකද ඉස්කෝලේ ලමයි ඔක්කෝම වගේ ගියේ සමාධි එකට....ඒ කාලේ හිටපු හොදම සර් තමා බෝගහවත්ත සර්.... පලාතේම හිටපු උන් ගියේ ඒ සර් ගාවට....රූපේගේ ජිවිතේ හම්බුවෙච්චි හොදම ගුරුවරුන්ගෙන් එක්කෙනෙක් තමා බෝගහවත්ත සර්...

අනිත් සර්ලා clz වල ලමයින්ට පෑන් වලින් ලියන්ඩ දෙනකොට අ‍පේ සර් ලියන්ඩ කිව්වේ පැන්සලෙන්...පිටපත් ලීවීම පැන්සලෙන් ලස්සනට ලියනකොට තමයි පෑනෙන් ලියන්ඩ අවසර හම්බුවෙන්නේ....පෑනෙන් ලියනවා කියන්නේ හෙන ලොකු වැඩක්.....ළමයි සැහෙන්ඩ ගානක් අත් අකුරු ලස්සන කර ගත්තා ඒ හින්දා....

දවසක් රූපේ වාක්‍ය රචනයකට ලිව්වේ සත්තුන්ට වඩා මිනිසා උසස් කියන මාතෘකාවට....සර් ලිව්ව ඒක බලලා හිනා වෙලා එදා පාඩම අක්ෂර වින්‍යාසයට මාරු කරා....ඒ රූපේගේ වචන දැකලා.....රූපේගේ මාතෘකාව තිබුනේ,
                 "සතුන්ට වඩා මිනිසා උස්සස්"

8 comments:

  1. පාස්වෙන්න 75% ගන්න ඕනෙ එකම විභාගෙ මේක.

    ලංකාවෙ පදිංචිවෙලා ඉන්න ජර්මන් ආකිටෙක්ට් කෙනෙක් මට කිව්ව, ඇයි මේ ගමේ මිනිස්සුන්ට තමන්ගෙ පාසල දියුණු කරන්න වියදම් කරගන්න බැරි, ඇයි දියුණු පාසලකට දාගන්න සල්ලි දෙන්නෙ කියල. මොකද ඈ කිව්ව විදියට ජර්ම්නියෙ වෙන්නෙ, ගමේ අය ගමේ පාසැලට ළමයි යැවීම සහ එය ගමේ අයගෙ වියදමෙන් සහ රජයෙ පාලනයෙන් පවත්වාගෙන යනව කියලයි.

    නිදහස් අධ්‍යාපනය කියන බයිලාව වෙනුව, පොදු සාධාරන ගාස්තු ක්‍රමයක් පසල් නඩත්තුවට අයකරන්න සහ ඒක වියදම් කරන්න නිසි යාන්ත්‍රනයක් හැදුවනම්, අඩු ගානෙ ප්‍රාදේශීය නගරවල සමාන්‍ය ඉස්කෝල්වත් මීටවඩ වඩා දියුණු වෙලා, මේ තදය අඩුවෙන්න ඉඩ තියෙවි.

    හැබැයි, විරුද්ධපක්ස ඉඩ දෙයිද කියන එක තමා අවුල.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අධ්‍යාපනයේ මේ තියෙන ප්‍රශ්න වලට මූලිකම හේතුව අධ්‍යාපනයට දේශපාලන ගැවීමයි.....
      සුපිරි පාසල් හා ගමේ පාසල් කියලා පරතරයක් හැදුවේ සම්ප්‍රදායික ධනපතියෝ.....ඒක දීගටම පවත්වාගෙන ආවේ දේශපාලඥයෝ......
      දැන් ඉන්න පොඩි උවු ගෙවන්නේ ඒ කරුම.....

      Delete
    2. ඉන්දික මචං 75% නෙමෙයි මේ පාර 80% ක් ඕනේ......................

      Delete
    3. හරියට බැලුවොත් 80%ත් මදි.....වෙන විභාග වල නම් 80-85% ක් ගත්තම ගෞරව සමාර්ථයක් දෙනවා....

      Delete
  2. මාත් ෆේල්!!!!!

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්ඩ එපා මචං.....මාත් ෆේල්.....

      Delete
  3. අපේ යෝජනාවනම් ශ්‍රී ලංකාවෙන් මේ විභාගය අතුගා දැමිය යුතුයි................ හා නැත්ද???

    ReplyDelete
    Replies
    1. තිබිලත් බෑ....නැතුවත් බෑ....

      Delete