මම මිනීමරුවෙක්.
මම කාව හරි මරන්ඩයි යන්නේ.
එහෙම නැත්තම් මම දැනටමත් මරලා.
ඒක මම කලේ නැති වුනත් ඒක එහෙම වුනේ මම නිසා.
මට තිබුනා ඒක නවත්තාගන්ඩ.
එත් මම එහෙම නොකරපු හින්දා කවුරුහරි මැරෙන්ඩයි යන්නේ.
සමහරවිට ඒ මම වෙන්ඩ පුළුවන්.
එහෙම නැත්තම් ඒ ඔයා වෙන්ඩ පුළුවන්.
සරලව කිව්වොත් මගේ අතේ ලේ....
එක සුළු වැරදිමකට කොච්චර ලොකු විනාසයක් කරන්ඩ පුළුවන්ද??
එත් ඒක සම්පූර්නයෙන් ම වගේ මගේ වැරද්ද නොවෙන්ඩ පුළුවන්.
ඒක වුනේ මම හිතුවෙවත් නැතිවෙලාවක...
කොච්චර ඉක්මනට මම ප්රතිචාර දැක්වූවත් මම පරක්කු වුනා...
ඒ තත්පර බාගේ වෙනසට ඒ අවස්තාව මගේ අතින් ගිලිහුනා.
මම මුළු ලෝකයක්ම අනතුරේ දැම්මා.
දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ.
වෙන විනාසයෙන් බේරෙන්ඩ හදන එක විතරයි කරන්ඩ පුළුවන්....
මට තියෙන්නේ තෝරාගැනීම් 2ක් විතරයි....
1.එක්කෝ මම Net එක දාගෙන නිදාගන්ඩ ඕනේ..
2.නැත්තම් මම ඔක්කෝම මදුරුවෝ මරලා දාන්ඩ ඕනේ..
දෙවැනි එක වැඩක් වෙන්නේ නෑ වගේ.මොකද මේ දැන් මදුරුවෙක් මගෙන් බේරිලා ගියා...ඒ නිසා ඔබේ මිනීමරුවා මම වෙන්ඩ පුළුවන්....


ඒ කියන්නේ මිනීමරුවෙක් නෙමෙයි මදුරුමරුවෙක්
ReplyDeleteඑහෙමත් වෙන්ඩ පුළුවන්!
Delete