ඔක්තෝම්බර් මාසේ පටන් ගත්තේ ම නියම විදියට..දෙවැනි සතියේ මුලදීම අතාගේ සීයා නැති වුනා...හෙව්වට හම්බු වෙන්නේ නැති වෙන්ඩම නැති වුනා...සීයා 100ක් ගහයි කියලා හිතුවට 98 අවුට් වුනා....රෑ වෙච්චි සීන් එක හින්දා පහුවෙනිදා දවල් වෙලා රූපේ ඒ පැත්තේ ගියේ පොඩ්ඩක් ඔලුව දාලා ඔපිස් ගිහින් ම නයිට ගහන්ඩ එනවා කියලා හිතාගෙන...අතාල් එකේ යන ගමන් කල්පනා කර කර ගියේ නෙස්කැෆේ තිබුනොත් එල කියලා....
අපොයි!! මුකුත් වෙනසක් නෑ වගේ...කවුරුවත් පෙන්ඩ නෑ...සීන් එක හරියටම ෂුවර් නැති නිසා අතාට මැසේජ් එකක් දැම්මා එලියට වරෙන් කියලා....ටිකකින් මූ එනවා පිහි දෙකක් අරගෙන....
"අඩෝ වරෙන් පාර සුද්ද කරන්ඩ ඕනේ!!...
අඩෝ මොකද වෙන්නේ බන්??
ඩයල් එක මලා බන්...උඹ අවේ හොද වෙලාවට...වැඩ කෝටියක් තියෙනවා..."
ඔන්න ඔහොම රූපේගේ මල ගෙදර ආතල් පටන් ගත්තා....හැම මලගෙදරකම වගේ තියෙන හැම අංගයක්ම අඩුපාඩු නැතිව තිබුනා....ඇයි වැස්ස? එකෙන්නම් කිසිම අඩුවක් තිබුනේ නෑ.... කොහොම හරී රෑ 10 විතර වෙනකොට නයිට ගහන සෙට් එක ඔක්කෝම ආවා.....පුරුදු විදියට සුප්පා ඕමි ගැහිල්ල පටන් ගත්තා....ඒ අස්සේ කාවහරී බයිට් කරන එකත් නියෙමට තිබුනා....
රෑ 12.30 විතර අතාගේ සීයා ආවා.....අතාගේ ගෙදරට වාහනයක් එන්ඩ බෑ...පාර ගාව ඉදන් මීටර් 20ක් විතර පඩි වලින් කන්දක් නැගලා තමයි යන්ඩ ඕනේ....ඉතින් පහල ඉදලා රූපේලාගේ සෙට් එක එක එක ආම්පන්න ගෙදරට අරන් ගියා....මතක විදියට රූපේ මුලින් ම ගිහින් තිබ්බේ අර ඇත් දල දෙක....Herse එක ආව වෙලාවේ ඉදලා පටන් ගත්ත පොදය වැඩි කරපු නිසා පෙට්ටිය Herse එක ඇතුලේ ම විනාඩි 45ක් විතර තිබ්බා....අන්තිමට අඩු කරපු වෙලාවේ කට්ටිය ගිහින් පෙට්ටිය උස්සන් කන්ද තරණය කරන්ඩ පටන් ගත්තා...සෑහෙන ගේමක් දීලා උඩට ගෙනත් ගෙදර ගාවට ගිහින් අතුලට යන්ඩ හදනකොට අතාගේ ලොකු තාත්තා අවා පට්ට කතාවක් කියාගෙන...
"stand එක ගෙන්ඩ අමතක වෙලා....
අමතක වෙලා???? Herse එකේද?
නෑ නෑ ඒක මල් ශාලාවෙලු....!
පනාගොඩගේ අ........
menna mala gewal.....
ReplyDeleteඑකෙන්ම...
Deleteහාහ් හාහ්..! මේක නම් ආතල් සීන් එක බං රූපේ..! :-D
ReplyDeleteආතල් තමා බන්...බට් උස්සන් ඉන්න එක ආතල් නෑ....
Deleteහුකැස්....
ReplyDeleteමරු වැඩේ බං....
පෙට්ටිය තියන්නෙ ඔළුව උඩද අහන්න එපැයි..
ඔහැක්
මරු තමා... චන්ද්‍රා පනාගොඩගේ පරම්පරාවටම එදා හෙම්බිරිස්සාව හැදෙන තරමට මතක් කලා....
Deleteඅද තමයි මුලින්ම මේ පැත්තෙ ආවෙ..
ReplyDeleteඉතින් ස්ටෑන්ඩ් එක ගේනකල් පෙට්ටිය උස්සගෙනම හිටියද...?
සාදරයෙන් පිලිගන්නවා.....
Deleteඩිනාඩි 5ක් විතර උස්සන් හිටියා...බැරිම තැන පුටු ටිකක් දාලා ඒක උඩ තිබ්බා....
මට හිතුනා පුටු ටිකක් තියල තිබ්බනං හරි කියලා...
ReplyDeleteඑහෙම කරන එක හොද නෑ කියලා තමයි අපිත් මුලින් ම හිතුවේ...ඒත් ඉතින් විනාඩි 5ක් 6ක් උස්සන් ඉන්නකොට තමයි තියන්ඩ හිතුනේ!!
Deleteඅතා කියන එක මට ආතා වගේනේ පෙනුණේ. උඹටයි අතාටයි තිබුණේ වාඩි වෙලා කර තියන් ඉන්න. එතකොට 98+2 = 100 කියලා, අන්තිම දවසට උඹලා දෙන්නවත් එහෙමම යවන්න තිබුනා.
ReplyDeleteහිකිස්..... :-D
Deleteඅපොයි ඔව්! stand එක ගෙන කම් උස්සන් හිටියනම් 2ක් නෙවෙයි අඩුම ගානේ 4ක් වත් යවන්න තිබුනා!!
හොදයි බං කට්ටියට වැඩකුත් නැති එකේ මාරු වෙන් මාරුවට උස්සන් ඉන්න බැරියැ................... පට්ට කතාව
ReplyDeleteතැන්කූ බන්!!
Delete