Thursday, November 6, 2014

දේශපාලනය කියන්නේ ගූ ගොඩක් :-(



දේශපාලනය කියන්නේ රූපේ කතා කරන්ඩ අකැමැති ම සබ්ජෙක්ට් එකක්.ඒත් ඒ ගැන ලියලා අනිත් අයගේ අදහස් දැන ගන්ඩ හිතුනේ රූපේගේ යාළුවෙකුත් එක්ක වුනු කතාවක් නිසයි.රූපේගේ උග්‍ර දේශපාලන විරෝධිකම මෝඩකමක් විදියටයි රූපේගේ යාළුවා දැක්කේ.ඩයල් එක සැහෙන්ඩ දේශපාලේනේට බැහැලා ඉන්න එකෙක්.පොර ඇමැති කෙනෙක්ට බැහැලා වැඩ.ඉතින් ඌ කියන විදියට දේශපාලනය කියන්නේ මහ පූජනීය දෙයක්.එත් රූපේට නම් දේශපාලනය කියන්නේ අසුචි වලක්..බැහැපු එකෙක් ගැවිච්චි ගැවිච්චි තැන ගද ගහන ගූ ගොඩක්..

"සියල්ලට පෙර තමා" කියන ආදර්ශ පාඨෙට අනුව ජිවත් වෙන දේශපාලුවෝ විතරයි ලංකාවේ ඉන්නේ.දේශපාලනය දැන් හැමදේකට ම අත දාලා...මිනිස්සු කන්තෝරු වල වැඩ කරන රජයේ සේවකයන්ට බනිනවා වැඩක් කරගන්ඩ බෑ කියලා..ඒවායින් බොහෝමයකට හේතුව දේශපාලනය තමා..පාරක් හැදුවොත් ඒක මාස 2න් 3න් ඉවරයි.ඒ කො‍න්ත්‍රාත්තුව ගන්ඩ දේශපාලුවන්ට සලකන්ඩ වෙනවා.පගා දීලා,සේවකයින්ට පඩි ගෙවලා,තමන්ගේ දරු පවුලත් නඩත්තු කරලා අඩුම ගානකට ටෙන්ඩරේත් දාලා පාර හදන්ඩ ගියාම ඒ මිනිහාට ඒක හරියට හදන්ඩ වත්කමක් නෑ..ඉතින් ඌත් බාගෙට හදලා ශේප් වෙනවා...

ටීවී එක බැලුවොත් ආණ්ඩු පක්ෂෙන් මේවා කලා මේවා කලා කියලා කෑගහනවා...විපක්ෂෙන් ඒවා එහෙම කලේ ඇයි කියලා කෑගහනවා..බලේ තියෙන උන් දිගටම බලේ ඉන්ඩ හදනවා..බලේ නැති උන් කෙහොම හරි බලේ ගන්ඩ හදනවා..ඕක තමයි දේශපාලන චක්කරේ..අපි වගේ මැද පන්තියේ මිනිස්සු තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා...

රූපේට දේශපාලනේ ගැන කිසිම දැනුමක් නෑ..ඒත් අර common sense වලට තේරේන දෙයක් තමා ඇමතිලා සැරින් සැරේ පිටරට ගිහින් සබදතා ශක්කිමත් කරගන්න එක..ගිහින් වාඩිවෙලා ඉංගිරිසියෙන් වචන ටිකක් කියලා අතට අත දෙන එක ෆෝටෝ ගැහුවම යාළුකම් අලුත් වෙනවාලු!! ඒක එහෙම නම් ඒ වැඩේට ම වෙනම කට්ටියක් පත් කරලා තිබ්බම ඉවරයි නේ?

ඊට හපන් අර මුල් ගල් තියෙන වැඩේ, මහ ලොකුවට උත්සව තියෙලා ගලක් බිම තියලා යනවා යන්ඩ...ඊට වඩා ඒවට යන සල්ලි වලින් තවත් හොදට ඒ වැඩේ කලා නම් හරි නේ? ප්‍රශ්නේ ඔවට දේශපාලනය ගැවෙන ඒකනේ? එතකොට ඕනේ කෑපී පෙනෙන්ඩයි සහ පෙනී සිටින්ඩයි! ඉතින් බදු සල්ලි නාස්ති කරලා Opening කරනවා...අනේ අනිච්චේ!!

රූපේ ගාවත් දැන් ගදේ බෑ! නාන්ඩ ම වෙනවා!!
දේශපාලනය ගැන කතා කලත් ගද ගහනවා!!!


6 comments:

  1. පිටින් ගද ගැහුවේ නහි උනත් ඇතුලෙන් තනිකර ගද ගහන දේශපාලනේ අසුචි වලක්ම තාමා :)

    ReplyDelete
    Replies
    1. හැමදාම ඉතින් උන් ඒ වලේ ම පීන පීන ඉන්නවා...

      Delete
  2. දේශපාලනය කියන්නේ උතුම් දෙයක්.... ඒත් දේශපාලනය යැයි කිය කියා අපේ රටේ ලොක්කෝ ටික කරන වැඩේ නම් අසූචි වැඩක් ම තමා රූපේ..............................

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන්නේ බලු දේශපාලනයක්!

      Delete
  3. ඒ වුනාට මුන්ව පත් කරන්නෙත් අපිම තමයි බන්.හරක් නැතුව එඬෙරු බිහිවෙන්නෙ නෑ කියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා බන්!!

      Delete