2013 නොවැම්බර් මාසේ අද වගේ දවසක තමා රූපේ චක්කරේ කරකවන්ඩ පටන් ගත්තේ..අදට හරියට ම අවුරුද්දක් වෙනවා...ඒ කියන්නේ අද චක්කරේ පලවෙනි බර්ත් ඩේ එක...
රූපේ A/L ක්ලාස් යන කාලේඉදලා තමා බ්ලොග් කියවන්ඩ පටන් ගත්තේ..හරියටම මතක නැති වුනත් මතක විදියට නම් කියවපු පලවැනි බ්ලෝග් එක ළාහිරු දහසක් දිලී... ඒකෙන් පටන් ගත්ත බ්ලෝග් කියවිල්ල වැඩි වුණේ Iceගේ කොලම ගියාට පස්සේ..ඒ Ice ලියපු කතාවක් රූපේට අම්බානකට හිතට ඇල්ලුවට පස්සේ...ඒ තමයි මහිම මන්දහාසි..ඊට පස්සේ රූපේ කියෙව්වේ කතන්දර,ටෑබූ,මාතලන්,රාජ්,සෑම් ලියපු ඒවා...රූපේ අවුරුද්දක් විතර බ්ලෝග් කියවන්නේක් වෙලා හිටියා..
ඊට පස්සේ තමා රූපේටත් හිතුනේ බ්ලොග් ඒකක් පටන් ගන්ඩ ඕනේ කියලා...ඉතින් හැමෝම වගේ Template , Layout එක්ක පැය ගාණක් දගලපු පැය ගාණකට පස්සේ කොහොමහරි යන්තම් මට ඔයා පබ්ලිෂ් කරලා දෙවියනේ කියලා බ්ලෝග් එක පටන් ගත්තා..එදා ඉදලා පුළු පුළුවන් විදියට අහපු දැකපු ඒවා ලිව්වා..හොද වගේම නරකත් අහගත්තා..අවුරුද්දක් තිස්සේ අාපු මේ ගමනට සැහෙන්ඩ අය උදවු කලා..මාතලන්ගෙන් පටන් ගත්තම අපූර්වී දක්වාම හිටියේ අත දෙන මිනිස්සු..මේ විදියට උදව් කරපු හැමෝටම ස්තූතියි..
අදට අවුරුද්දක් වුණු චක්කරේට Happy Birthday! කියන ගමන් රූපේ එක්ක තව දිගටම කැරකෙන්ඩ සුභ පතනවා...!!


පලමු සංවත්සරයට සුභ පැතුම්...
ReplyDeleteදිගටම ලියමු
ජ ය වේ වා !!!!
බොහෝම ස්තූතියි!!
Deleteඋණුසුම් සුභපැතුම්. ජයෙන් ජය !!!
ReplyDeleteවිකසිත සින්ඩිය.
බොහෝම ස්තූතියි සහෝදරයා!!
Deleteමම බැලුවා කාගේ උපන් දිනයක්ද කියලා.. එනිවේ හැපි බ(ර්)ත්ඩේ එකක් වේවා ඈ.. තව අවුරුදු දෙක තුනකින් මොන්ටිසෝරි යන්නත් ලෑස්ති වෙන්න.. :P
ReplyDeleteඔව් ඔව් ඊට පස්සේ ඉස්කෝලේ යන්ඩත් එපැයි!!
Deleteබොහෝම ස්තූතියි
ඊයේ දාලා තිබුන නිසා බං බැලුවා. ඒත් මකල නෙව.. ඕං අදත් ආවා. චක්කරේ දිගටම කැරකේවා.. එතකොටයි පදං වෙන්නේ.. ජය
ReplyDeleteඅනිවා දිගටම ලියනවා!!
Deleteචක්කරේ චක්කරේ දිගටම රෝල් වේවා චක්කරේ
ReplyDeleteජයෙන් ජය මචෝ ආව වගේම ලොවෙත් නැති වෙන්න මේකඇදන් යමෝ
එල එල තෑන්ක්ස් මචං!!
Deleteසුබ පැතුම්..! :)
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteසුබ පැතුම්
ReplyDeleteතැන්කූ බන්!!!
Deleteමගෙනුත් ඔන්න සුබ පැතුම්...
ReplyDeleteතැන්කූ තැන්කූ බන්!!!
Deleteවරේවා....යමන් පුතා!!!!!!!!!!!
ReplyDeleteඑල එල....ස්තූතියි!!
Delete