Wednesday, November 12, 2014

සීයා ගැන පත්තරේත් ගියා..


ඉරිදා සුප්පලාගේ ගෙදර බණක්. සුප්පලාගේ ආච්චි කාලක්‍රියා කරලා අවුරුද්දක් වෙන එක සැමරුවා.උදේ ආව මැසේජ් එක නිසා රූපෙත් හවස 7 ට විතර අතාත් එක්ක ගියේ හොදට කන්ඩ බලාගෙන..යනකොට හාමුදුරුවෝ බණ කියනවා..බෙහෝම බැතිබර ව එතනින් මාරු වෙලා ඈතට ගිහින් සුප්පාත් එක්ක කතාවක් දාගෙන හිටියේ අනික් උන් එනකම්....

අතාගේ සීයාව මතක් වුණේ ආයේ හොදට කන්ඩ හම්බු වෙන්නේ සීයාගේ දානේ දවසට කියලා සුප්පා කිව්ව ම..එතකොට අතා පට්ට කතාවක් කිව්වා..

අතා   - අඩෝ අපේ සීයා ගැන පත්තරේත් ගියා..
රූපේ - මරණ දැන්වීම නේද?
අතා   - නෑ බන් ඊට කලින්
සුප්පා - මැරෙන්ඩ ලගයි කියලාද?
අතා   - නෑ හු******* අවුරුදු 2ට විතර කලින්
රූපේ - ඒ මොකටද?
අතා  - අර බණ්ඩාරනායක සීන් එකට

අතා කිව්ව විදියට බණ්ඩාරනායක මහත්තයාට වෙඩි වැදිච්චි වෙලාවේ ඔපරේෂන් එකට ගෙනාපු තියටරේ හිටපු ඇටේන්ඩන් තමා අතාගේ සීයා..අවුරුදු 2ට කලින් පත්තරේකින් ඇවිත් තියෙනවා අතාගේ සීයා ව හම්බු වෙන්ඩ ලිපියකට කරුණු හොයන්ඩ...ඒ වෙනකොට එදා හිටපු අයගෙන් ජිවතුන් අතර ඉදලා තියෙන්නේ අතාගේ සීයා විතරයි...අතා කිව්වේ ඔය ගැනයි...

අතාගේ සීයා ඒ කාලේ පට්ට පොරක්ව සිට ඇත...ඇදුම එහෙ මෙහෙ වෙච්චි කෙල්ලෙක්ගේ රූපයක් අතේ පච්ච කොටාගෙනත් තිබී ඇත..අතාට අනුව 98ත් ලස්සනට කුණුහරුප කීමේ හැකියාව නැති වී නැත...

සීයා අවුට් වෙන්ඩ මාස ගාණකට කලින් ගෙදර ආපු යාළු‍‍වෙක් ට සීයා ව පෙන්න්ඩ අතා එක්කන් ගොස් ඇත...

අතා- සීයේ..මේ සීයාව බලන්ඩ පත්තරෙන් ඇවිත්...
සීයා- පත්තරේ බිකද?

10 comments:

  1. පත්තරේ බිකද.............///
    පට්ට යකූ...........
    මරු ඈ......... සතතාබ්බියාසය බං සතතාබ්බියාසය එක දිගට කුණු හබ්බ දෙඩවීම හන්දා එක එක අලුත් කුණු හබ් බ කීමේ අවස්තාව ලැබේ.............
    හිහි

    ReplyDelete
  2. Replies
    1. සීයා බූරු පුතෙක් ලියන එකා අමනයෙක් ඇදුම ඇඳුම කියන දෙකේ වෙනස දන්නේ නැති හරකෙක්

      Delete
    2. ආයෙත් අහලා....

      Delete
    3. අමන කතාව නම් ඇත්ත බන්!!!

      Delete
  3. ඔහොම ජොලිබර සීයලා ඉන්නවා. ඇඟට පතට නොදැනී කුණුහරුප කියනවා. බංඩාරනායක ඝාතනය වෙලාවේ එතන හිටපු කෙනෙක් හිටියා. ඒයාත් දැන් ජීවතුන් අතර නැහැ.

    ReplyDelete
  4. සීයා වෙලා ඔහොම නම් කොල්ලා කාලෙ කොහොම ඉන්න ඇති ද කියල හිතා ගත්ත හැකි. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හොද හොද වැඩ පෙන්නුවා කියලා ආරංචි වුනා!!

      Delete