පෙරේදා(16) ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයෝ දෙදෙනෙක් සමුගත්තේය..
ඒ සංගා මහේල ලංකාවේ සෙල්ලම් කරපු අන්තිම මැච් එකෙනි..
රූපේ ක්‍රිකට් මැච් බලන් කාලේ වෙද්දි සනා හිටියේ බහින දසාවේය..සනා ගහනවාට වඩා LBW වලින් අවුට් වුනේය..
සනා අවුට් වුනොත් මැච් එක ඉවරයි කියලා තිබ්බ මතය වෙනස් කලේ මහේලලා සංගලා..සනා නැතුවට අපිට වර්ල්ඩ් කප් දිනන්ඩ පුලුවන් කියලා පෙන්නුවේ සංගා..ඒ T20 වර්ල්ඩ් කප් එක ගහලා...
මහේලත් හොදට සෙල්ලම් කලත් රූපේ හැමදාම චියර් කලේ සංගාට..ඒ සංගා මුළු ටීම් එකත් එකක්ම සෙල්ලම් කරපු නිසා...
ක්‍රිකට් වලින් පස්සේ සංගා ගෙදරට වෙලා හිටියම ඇතිය..සංගා මහේල වැනි ක්‍රිඩකයෝ කවදාවත් දේශපාලනය කර නම්බුව නැති කර ගත යුතු නැත...අන්තිම මැච් එක බලන්ඩ ග්‍රවුන්ඩ් එක පිරෙන්ඩ සෙනග ආවේ බත් පැකට් එකකටවත් බෝතලයකටවත් නොව හිතේ තියෙන ගෞරවයටයි..සනා වගේ ඒක නැතිකරගත යුතු නැත..
විකට් එක පිටිපස්සේ ඉදලා කෑගහලා ටීම් එක මොරාල් කරන සංගා හැමදාම ගැහුවේ සුපිරි කවර් ඩ්‍රයිව් එකක්..සංගා මහේල එකතු වෙලා අන්තිම විකට් එක අරන් මැච් එකට සුපිරි එන්ඩින් එකක් දුන්නේය..වැඩ්ඩෝ එහෙමය..
| Photo Credits-Lakmal Perera |
Test,ODI,T20 මැච් වල ලකුණු වැඩියෙන් ගහලා වාර්ථා තිබ්බ සංගා ලංකාවට මාර නමක් අරන් දුන්නා.. මේ පාර වර්ල්ඩ් කප් එකත් අරගෙනම ගෙදර එන්ඩ අපි සංගාට සුබ පතනවා..

සංගා ඔබට ස්තූතියි!




මේ පාර WC එකට සංගා මයියා ඩිලි ගෙන් ගොඩක් බලාපොරොත්තු වෙනව. විශේෂයේන්ම මුලින්ම එන මේ තුන් දෙනා අතරට තව එක්කෙනෙකුට (අලුත්) විතරයි දාන්න පුලුවන්. බොහොම පරිස්සමෙන් කෙනෙක්ව තෝරගෙන දාන්න ඕන. අපේ මේ ජ්‍යේෂ්ඨ 3නාගේ එකතුවෙන් එක තරගයකදී එක්කෙනෙක් ලොකු ඉණිමක් ගැහුවොත් ගොඩ...
ReplyDeleteසංගා මයියා ඩිලී ඇතුලු ලංකා කණ්ඩායමට ජයෙන් ජය....
සංගා තමයි අපේ බලාපොරොත්තුව!
Deleteඅපේ අර කිරිකට් පාලක මණ්ඩලේ ඉන්න බත් කන හරක් ටික වික්කෙ නැත්තං ලංකා කිරිකට් වලට දෙය්යන්නෙම පිහිටයි තමයි
ReplyDeleteඑතනට එන හැම එකාම හදන්නේ ඒක වවාගෙන කන්ඩ!
Deleteසංගා සහ මහේල ක්ලාස් ප්ලේයර්ස්ලා කියලා ඔප්පු කරපු මිනිස්සු............ සංගා කියන්නේ අපිට විතරක් නෙමෙයි ලෝකයේ ම ක්‍රිකට් වලට සම්පතක්................. ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි බුද්ධිමතෙක්................
ReplyDeleteඑකෙන්ම... තමන්ගේ දෑතේ මහන්සියෙන් දියුණු වෙච්චි අය.....
Delete