වහල් සේවය ගැන ඔබ දැනුවත්ද? කකුල් දෙකට දම්වැල් දමා කසපහර දී වැඩගත් වහල් සංස්කෘතිය දැන් අභාවයට ගොස් ඇත...ගෙවී යන ගිගාබයිට් යුගයේ වහල් සේවයට අලුත් නමක් ලැබී ඇත..ඒ මෑන්පවර් යන නමයි...
පසුගිය දින වල ඔබ ඇසු විරෝධතා වලින් තම ඉල්ලීම් ඉටු කරගැනීමට හැකිවුයේ විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණි..ටෙලිකොම් මෑන්පවර් සේවකයන් මෙය ලියන අවස්ථාවේදීත් විරෝධතාවයකය..
ඔබේ නිවසට පැමිණ ඔබේ ස්ථාවර දුරකතනයේ,ඔබේ අන්තර්ජාල සබදතාවයේ දෝෂ නිරාකරනය අය, පාරේ වලවල් වල බැස, කණුවල නැගගෙන නඩත්තු කටයුතු කරන අය මෙන්ම ඔබ අප දැක නැති, අසා නැති තිරය පිටුපස සිට සේවය සපයන මිනිසුන් රාශියකගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අද ඔබ නිවසේ සිට සැප පහසුවට අන්තර්ජාලය පරිහරණය කරයි..
ශ්‍රි ලංකා ටෙලිකොම් යනු දිවයිනේ ප්‍රධානතම සංනිවේදන ජාලය වේ. Voice,ADSL,Peotv ලෙස ඔබ අත්විදින සේවා රැසක් ඔබට ලැබෙන්නේ ඔවුන්ගේ ශ්‍රමය නිසා මිස ටයි දමා ලොකු පුටුවලට වී කැරකී කරකී සිට ලක්ෂ 20-30 බෝනස් ගන්නා අයගේ මහන්තත්ත බවෙන් නොවේ..
ටෙලිකොම් මෑන්පවර් ප්‍රෝඩාව අතිශ්‍ය අමානුෂිකය..ටෙලිකොම් ස්ථීර සේවකයෙකු ලබාගන්නා වැටුපට වඩා අඩු වැටුපක් ලබන මෑන්පවර් සේවකයා කරන රාජකාරියේ අඩුවක් කරන්නේ නැත...ඊට අමතරව තවත් දීමනා රැසක් මෑන් පවර් සේවකයාට අහිමිය..ඒවායින් නිකම් සිට වාසි ලබන්නේ අහසේ සිටින අයයි...මෑන්පවර් සේවකයාගේ අසරණ භාවය ගැන කදිම නිදසුනක් වන්නේ ඔහුට ණය මුදලක් පවා ලබා ගත නොහැකි කමයි..ස්ථීර පදනමක් නොවන රැකියාවේ සුරක්ෂිත භාවය කතා කිරීමට වචන නාස්ති කල යුතු නැත..
දේශපාලනයට, බලයට, මුදලට උපවාස කරන රටක තම දු දරුවන්ට සවිමත් හෙටක් උදෙසා පාරට බැස ඇති මෑන්පවර් සේවකයෝ දැන් අඛණ්ඩව දින තුනක් පුරාවම විරෝධතාවයක නියැලී සිටියි..29 දින සවස් වරුවේ පාගමනින් පසු මේ මොහොත වන විටත් ඔවුන් ටෙලිකොම් මූලස්ථානය ඉදිරි පිටට වී තම අයිතීන් උදෙසා හඩ නගයි..ඔවුන් ඉල්ලන්නේ රටෙන් අඩක් නොව රැකියවේ ස්ථිර භාවය පමණි..තෘෂ්ණාවෙන් අන්ධ වී ඇති පාලනාධිකාරියෙන් සොරා ගන්නා ලද අයිතීන් වෙනුවෙන් ඔවුන් ඊයෙත් පාරේය.අදත් පාරේය..අලුත් අවුරුද්දෙත් එය එසේම වනු ඇත..
මෙය ලියන ලේඛකයා මෑන්පවර් සේවකයෙකු නොවනමුත් ඔවුන් සමග එකට එක බත්පතේ කෑ අයෙකු වෙමි.එබැවින් මෙය ද්වේෂ සහගත අරමුණේන් ලියන ලද්දක් නොව සහෝදර මිනිස් කැලකට සිදුවන අසාධාරණයට එරෙහිව මුදල් බලයෙන් වසන් කරන තිත්ත ඇත්ත රචනය කරන ලද්දක් පමණක් වේ...
හෘද සාක්ෂියක් සහිත මිනිසුන් තවමත් වෙසෙන රටක මොවුන්ට තවදුරටත් පාරේ දුක්විදීමට ඉඩ නොතබා ඉල්ලීම් ඉටු වේවායි ලේඛකයා ඉත සිතින් ප්‍රාර්ථනය කරයි..
ටෙලිකොම් මෑන්පවර් වහල් සේවයට එරෙහිව ගෙන යන සටනට ජය වේවා!!







රූපේ.................. මේක අාශ්චර්යද මොකක්ද ඒකක් නොවැ............. මේවා වෙන කොහේවත් නැතුව අැති.......
ReplyDeleteආශ්චරියාට තමයි ඉතින් මේවා කියන්ඩ වෙන්නේ!!
Deleteඔබ විසින් ලියන ලද පෝස්ට් එක අගය කරමි. එමෙන්ම මෙය බලන සියලු දෙනා මෙය Share කරන මෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමි. එසේ ඉල්ලන්නේ අද මේවන විටත් අප සොයුරන් ටෙලිකොම් ආයතනය පිටත රෑ දවල් නොතකා රැඳී සිටිති. එමෙන්ම මෙවැනි පුවත් රූපවාහිනි මාධ්‍ය තුල ප්‍රචාරය කිරීම ටෙලිකොම් ආයතනයේ පාලකයෝ බලය පෙන්වා නවත්වා ඇත.
ReplyDeleteටෙලිකොම් වතරක් නෙවී මචෝ බොලාට අපිට වතුර දෙන ජල සම්පාදනෙත් තත්වය ඖකම තමයි...
ReplyDeleteමෑන් පවර් කියල ගන්නව ඊට පස්සෙ කොහෙ හරි පඩ ඇමැත්තෑයෙක්ගෙන් එන බත් කන ගවයෙක් ඇරං අරූව පන්නනව..
අනේ මංද අපේ ලංකාව කවද හැදෙයිද කියල
ජයෙන් ජයම වේවා
සිරි සුභ නව වසරක් වේවා
දේශපාලනේ ගූ ගොඩ ගෑවුනොත් එහෙම තමයි...
Deleteඑසේම වේවා!
මේ තත්වයට එම සේවකයන් සපයන මෑන් පවර් ආයතනත් හරි හරියට වගකියන්න ඕනෙ රූපේ.මෑන් පවර් ආයතන වලින් 90% විතරම කරන්නෙත් සේවක සූරාකෑමක්.අනික තමයි සේවක ප්‍රශ්ණ දිහා අමානුශික විදිහට බලන්න පුරුදුවුන පාලක පැලන්තිය.ටෙලිකොම් විතරක් නෙමෙයි,මම හිතන විදිහට රාජ්‍ය ආයතන වලට මෑන් පවර් ආයතන හරහා සේවකයන් බඳවා නොගන සාමානය්‍ය බඳවාගැනීමේ පටිපාටිය අනුගමනය කරන්න ඕනේ.මේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා එතකොට.ඒත් මේ ඔක්කොම කරන්න ඕනේ දැනට තියන ප්‍රශ්න විසඳගන.ඒ වගේම මේ මෑන් පවර් ආයතන සඳහාත් යම්කිසි නීති හා පාලන ක්‍රමයක් හදුන්වා දියයුතුයි.
ReplyDeleteමෑන් පවර් ක්‍රමය එන්නේ සේවක මර්ධනයත් එක්ක...අඩු පඩියකට විරුද්ධ විය නොහැකි සේවකයන් ලබා ගැනීම තමයි මෑන් පවර් වල අරමුණ...
Delete