රූපේලාගේ ඉස්කෝලේ කෙල්ලෙක් දවසක් රූපේට මැස්ජ් එකක් දාලා අහනවා 3G ෆෝන් තියෙනවද කියලා?
-මේ 3G ෆෝන් තියෙනවාද?
>දන්නෑ....හොයලා බලන්ඩ ඕනේ! කීයකට වගේද?
-රූ.3000ට වගේ
>ඒ ගානට නම් අමාරුයි! 6000ක් විතර වෙයි..
-මං ගාව තියෙන්නේ එච්චරයි..
>මම බලන්නම්...ඒත් ෂුවර් කරන්ඩ බෑ..
මීට අවුරුදු 3ට විතර 3000ට 3G ෆෝන් එකක් විකුණන හාවෝ හිටියේ බොහොම පොඩ්ඩයි..ඉතින් රූපේ ඒ ගැන හිතන්ඩ ගියේ නෑ..ඒ කෙල්ල තවත් දවස් 2ක් 3ක් කිව්වට පස්සේ රූපේ හිතුවා මේ මාරාලේ වෙන කාගේ හරි ඇගේ ගහන්ඩ ඕනේ කියලා...
-හම්බුනාද?
>නෑ...මගේ යාළුවෙකුගේ නම්බර් එකක් දෙන්නම්...එයාගෙන් අහන්ඩ
-එයා දන්නවද?
>ඔව් ඔව් එයා ෆෝන් බිස්නස් කරන කෙනෙක්
-හ්ම් හ්ම් එහෙනම් එවන්ඩකෝ...
ඒකෙන් පස්සේ ඒ කරදරෙ ඉවරයි...
පැයකට විතර පස්සේ අරු කෝල් කරනවා...
+අඩෝ...උඹ මගේ නම්බර එක කාටද දුන්නේ?
>අපේ ඉස්කෝලේ පට්ට කෑල්ලකට...
+සිරාවට?
>ඔව් ඔව්
+ඒකිට ෆොන් එකක් ඕනේලු..
>උඹ ෆෝන් එකක් සෙට් කරලා පුළුවන් නම් ඒකිවත් සෙට් කරගනින්..
+එල එල... තෑන්ස්ක් බන්!
දවස් 2ට විතර පස්සේ අරූ මහ රෑ කතා කරනවා....
+කව්ද බන් අර හු****??
>ඇයි බන්?
+එකි මාර ටෝක් දෙන්නේ!
>මොකක්ද සීන් එක..?
+සීන් එක? අනේ හු**** මහත්තයෝ!!
>කියපන් බන්?
+මම උඹට මැසේජ් ටික එවන්නම්...අයේ කාටහරි නම්බර් එක දුන්නෝත් තෝව මරනවා...
ඌට මල පැනලා....ටිකකින් මැසේජ් ටික ආවා...
+නංගි නොකියා ෆෝන් එකක් තියෙනවා...
-කීයද?
+5400ක් කියනවා...
-අපෝ එච්චර නෑ...
+ඒක තමා ගාන..
-අඩු ඒවා නැද්ද? 3000ට වගේ...
+ඒ ගානට නෑ...
-එහෙනම් මම කියන්ඩද වැඩක්?
+මොකක්ද?
-ඔයා දැන් මට ෆෝන් එක අරන් දෙන්ඩ! මම ඉගෙනගෙන රස්සාවක් කරනකොට මම ඔයාට සල්ලි දෙන්නම්..!!

හි හි....සිරා කතාව..
ReplyDeleteඑල එල......
Deleteඅඩෝ................ අන්න නංගිලා.............. පව්නේ අහිංසක නංගි කියලා 2400 ක් අායෝජනය කරන්න නොවැ තිබුනේ........
ReplyDeleteඔව් ඔව්....නියම නංගි තමා ඒ...
Deleteහෙහ්, අන්න කෙල්ලෝ.. හොද වෙලාවට අරූ ලණුව කෑවේ නැත්තේ..
ReplyDeleteමටත් පුදුමේ ඒක තමා...ඌ සාමාන්‍යයෙන් ඒවා කනවා නෙවෙයි නොවිකා ගිලිනවා...
Deleteහි හී ..ටිකිරි මොළේ ;)
ReplyDeleteමොකට කියනවද ඉතින්!!
Delete