සෙරෙප්පු දෙක නම්
ගලවන්ඩ එපා
පුංචි කකුල් වල ගල් ඇනෙයි...
ඔය කුඩේ නම්
අකුලන්ඩ එපා
සුදු මූණ කළු වෙයි....
තනි කරලට
දිගට දිග
සායක් ඇදගෙන
ඉදහිට එන්නේ
මාව පිස්සු වට්ටන්ඩ නේද.....
මෙච්චර ලස්සනට
හිනාවෙන්ඩ
ලගදිද ඉගෙන ගත්තේ
දවසින් දවස
ලස්සන වෙන
ඔයා නම්
මේ ලෝකේ වෙන්ඩ බෑ....
" විල්ලුද පුංචි දෙපා
ReplyDeleteකළුකර ගන්න එපා.." කියලා තමයි ඉතින් මට කියන්න හිතුනේ මේක දැක්කම..
ඒකත් හැබෑව තමා...
Deleteචමත්කාර ජනක හැඟිම හරිම ලස්සනට කැටයම් වෙලා
ReplyDeleteබොහෝම ස්තූතියි...
Deleteකෙල්ලෙකුට පාරේ බැහැල යන්න බෑ.. අර දිනේෂ් කිව්ව වගේ රංජන්ගේ සිංදුව වගේ.. හැක්
ReplyDeleteහැම කෙල්ලටම නෙවෙයි නේ?
Deleteපොඩි පොඩි වෙනස්කම් තිබුණත්.....හිතනම් ඈතට ඉගිලගෙන ගියා
ReplyDeleteමගෙත් මගෙත්....
Deleteසඟවන්නෙමි ඔබ මගේ
ReplyDeleteදිව එන්නට මට ස්තේ
මටත් ඕක ම හිතුනා බන් ඒ වෙලාවේ....
Deleteශුවර් එකටම සුරංගනාවියක්....
ReplyDeleteඅනිවා සුරංගනාවියක් තමා...
Deleteහැහ්..කොල්ලට කවුද චින්චි මානවිකාවක් ඔළුවටම ගහලද කොහේද....ඔයවගේ ඒවා ඇසි දෙකට ලස්සන වුනාට මේන්ටේනන්ස් හරි අමාරුයි බන්.ගන්නවත් වෙලා ගනින් යකඩ හරි කන ගමන් එකටම ඉදගන යන්න එන කෙල්ලෙක්ව.
ReplyDeleteචිංචි මානවිකාවක් නෙවෙයි බන්...පට්ට ම පට්ට ගැණු ළමයෙක්....
Deleteමේක ඒ ජාතියේ කෑල්ලක් නෙවෙයි....පොලවේ පය ගහලා ඉන්න එකක්!!
ගොංචමී වගේ කැරැක්ටර් එකක්ද?
ReplyDeleteඅපෝ ඒකේ අනිත් පැත්ත....
Deleteකවියල කියවද්දී හිතේ මැවෙන කෙනා පින්තූරෙ ඉන්න කෙනාට වඩා ලස්සනයි
ReplyDeleteඑකෙන්ම ඊට වඩා සිය ගුණයක් ලස්සනයි...
Deleteමෙය නම් ලියා ඇත්තේ සිරාවටම බොක්කටම වැදී බව මගේ නිගමනයයි.
ReplyDeleteඔව් ඔව් බොක්කේන්ම තමා...
Deleteහරි රූපේ බඩුම තමා .... ඔහොම හිතුනා කියන්නේ ඉතින් සහලෝලා උණ
ReplyDeleteඔව් ඔව් දැන් දැන් රෑට නින්ද යන්නෙත් නෑ නොවැ!!
ReplyDelete