අපි ඉන්නේ මානසික ව පිරිහෙන සමාජයක...උදේ ඉදලා රෑ වෙනකම් අපි ඉන්නේ මාර පීඩනයක.ඒක හටගන්නේ මේ යන තරගෙන් පරදීද කියලා හිතට එන බයෙන්. අපි ඒක පිට කරන්නේ අමුතු විදියට.සමහරු කරන්නේ බොන එක.තවත් සමහරු ගෙවල් වල මිනිස්සුන්ට තඩි බානවා...සමහරු තව තව ආතල් ගන්නවා...ඒත් පහුවෙනිදාත් උදේට ආපහු ඔලුවේ කැක්කුම.
කවදාහරි කතා තරලා තියෙනවද Customer Care එකකට? ලංකාවේ ගොඩක් ආයතන වල Customer Care අනිවාර්ය අංගයක් වෙලා...රජයේ ආයතන සහ පොලිසීයේ Caring ගැන මෙතනට වැදගත් නෑ..සමාන්‍යයෙන් ගත්තොත් ඕනෑම ව්‍යාපාරයක් තමන්ගේ පාරිහෝගිකයන් එක්ක ගණුදෙනු කරන්නේ ක්‍රම 2ක් හරහා..ඒ Marketing හා Customer Care. ලෝකේ නැති බොරු තොගයක් කියලා target cover කරගන්ඩ බාල product එකක් ඇගේ ගහන වැඩේ Marketing අය කරන කොට ඒ ගැන එන ඇනුම් බැනුම් අහන එක Customer Care අය කරනවා..Marketing කිව්වම අපි තාම හිතන්නේ ගෙවල් වලට ගිහින් බඩු විකුණනවා කියලා...Customer Care කිව්වම හිතන්නේ Call center කියලා...ඒ අපේ සම්ප්‍රදායික තින්කින් එක...Customer Care කියන්නේ call center වලින් එහාට ගිය concept එකක්.මුලික අදහස තමා පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම..ඒත් අපේ සමාජේ ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අදාල නැති කුණු බැනුම් අහන් ඉන්න එකෙන්..
Customer Care ජොබ් එකක් මොන වගේද කියලා හිතලා තියෙනවද? දවසම ෆොන් එක කනේ ගහගෙන ඉන්න එකත් මහ වැඩක්ද? ඒ අපිට හිතෙන හැටි..ලංකාවේ ලොකුම Customer Caring Call centers තියෙන්නේ Telecom ලාට..ඊලගට Dialog ලාට.. ඒ ප්‍රමාණාත්මක භාවෙන්...අපි ගුණාත්මක භාවේන් ඒ විදියට මනින එක අමාරු වැඩක්..හැම බැංකුවකම වගේ Customer Care එකක් තියෙනවා...ඒ Reception වෙනුවට...Customer Care හරහා තමා පාරිභෝගිකයා ව්‍යාපාරයට සම්බන්ධ කරන්නේ. ඒ පාරිභෝගික ගැටළු විසදන්නයි..ඒත් වෙන්නේ බැනුම් අහන එකයි..
කවදාහරි Customer Care කතා කරලා බැනලා තියෙනවද? ආපහු වචනයක්වත් නොකියා හැම බැනුමක් ම අහලා අන්තිමට සුභ දවසක් කියන කොට හිතට සතුටක් දැනෙනවද? නෑ..එ්ක හරිම වේදනාකාරී වරදකාරී හැගීමක්..අපි බනින්නේ අපිට ආව ආවේගයකට..කේන්තියකට..වැරැද්දට සම්බන්ධයක් නැති පෙරලා අපිට බනින්ඩ හැකියාවක් නැති පුද්ගලයෙකුට බැනලා ටික වෙලාවකට තිරිසන් ආතල් එකක් ගන්නවා...අපට වුන අසාධාරණේට අපි පලිගන්නේ එහෙම..'උන්ට හොද පාඩමක් ඉගැන්නුවා'! ඒක තමා අපේ සිතිවිල්ල...ඒත් ඒ පාඩම අපි උගන්නනනේ කාටද? ෆෝන් එකක් පිටිපස්සේ ඉන්න යමක් සිද්ද කිරිමේ හැකියාව අඩු පාරාසයක ඉන්න හාල්මැස්සෙක්ට..එ්ත් BMW, Montero වල යන තෝරු මෝරුන්ට ඒ පාඩම උගන්නනඩ සුදානම් කීයෙන් කී දෙනාද අපි අතරේ ඉන්නෙ?


කතාව නම් සහතික ඇත්ත.. කස්ටමර් කෙයාර් වල ඉන්නේ ඒ ආයතනයේ අඩුම පඩි ගන්න සේවකයන් කීප දෙනෙක්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්.. එහෙම කෙනෙක්ට කතා කරලා අඩු පාඩුවකට බැන්නා කියලා ඒකෙන් ඇති වෙන සෙතක් කාටවත්ම නැහැ..
ReplyDeleteඑකෙන්ම....එයාලාට බොහෝ වෙලාවට කරන්ඩ දෙයක් නෑ...
Deleteමේ කතාවෙන් පුද්ගලිකව මට බලපාලා තියෙන කාරණාවක් මතක් උනා. අපේ කම්පැනියෙ තියෙනවා බොහෝම කාලෙකට කලින් ලියපු සොෆ්ට්වෙයාර් එකක්. ඒකෙ අඩුපාඩු බොහෝමයි. කරුමෙකට දැන් ඒකෙ නඩත්තු කටයුතු ඒක පාවිච්චි කරන කස්ටමර්ස්ලට උදව් කිරිල්ලත් මට භාරවෙලා.
ReplyDeleteසමහර කස්ටමර්ලා ඒකෙ අඩුපාඩු කියන්නෙ හරියට මම කරපු දෙයක් වගේ. ඇත්තටම ඒකෙ තියෙන වැරදි හැටියට මිනිස්සුන්ට තරහා යන එක සාධාරණයි. ඒත් විසඳන්න බැරි ප්‍රශ්න මගේ ඔළුවට වැටෙන එක නම් අසාධාරණයි. ඒ විදිහට සොෆ්ට්වෙයාර් එක ලියපු උන් එකෙක්වත් කම්පැනි එකේ ඇත්තෙත් නෑ.
ඕක තමා හැම තැනම වෙන්නේ....
Deleteකොම්පැණි වල බාල product වලට එන ඇණුම් බැණුම් handle කරන්ඩ දෙන්නේ ඒ ගැන කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ට...
ඇත්ත.....
ReplyDeleteකස්ටමර් කෙයා එකේ ඉන්න උන්ට බැනලා වෙඩක් නෑ...
මම නම් බොහෝ විට උන්ට කතාකරල වැඩක් නැත්නම් උන්ගෙ
සුපවයිසර් කෙනෙක්ට කතාකරනවා...
කස්ටමර් කෙයා වල ඉන්නෙත් අපි වගේම මිනිස්සුනෙ...
උදව් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා... ඒක ටිකක් තේරුම්ගන් ඕනි.
සුපවයිසර් කෙනෙක්ට කතා කලත් බොහෝ විට වෙන්නේ අපි ඒ ගැන දැනුම් දෙන්නම් කියලා කියන වචන ටික අහගන්ඩ වෙන එක තමයි...
Deleteමොනවා කරන්න ද මල පැන්නා ම .............
ReplyDeleteසහතික ඇත්ත....මල පැන්නම ඕවා මතක් වෙන්නේ නෑ...
Deleteකොම්පැණිය නියෝජනය කරන්න නේද එයාල ඉන්නෙ? කොම්පැණියෙ රිසර්ච් වලට මෙයාලගෙ කම්ප්ලේන් ගන්නවා නෙහ්? අනික අදාල අංශ අපට කෙලින්ම සම්බන්ධ කරන්නෙත් නෑ නෙ... පවු ඉතින්.. අර කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි..
ReplyDeleteඇත්ත....කොම්පැණිය නියෝජනය කරන්ඩ තමා එයාලා ඉන්නේ....
Deleteහරිනම් වෙන්ඩ ඕනේ මෙයාලගෙත් අදහස් ගන්න එක තමා....ඒත් එහෙම ගන්නේ නෑ... "Customer Care එකේ ඉන්න උන් මොනවද දන්නේ?" අදාලා පුද්ගලයෝ කියන්නේ මෙහෙම තමා....
අන්තිමට බලන්නේ profit එක ගැන විතරයි...හරි service එකක් දෙන එක ගැන හිතනවා පට්ට අඩුයි...
මේ ලිපියෙත් කොමෙන්ටුවලත් තියෙන්නෙ කාලයට ඕනි කරන දැනුමෙන් කොටසක්. මේව කවදාකවත් පාසලක හරි සාමන්‍ය ජනමාධයතුළ හරි පලවෙන්නෙ නෑ මේ විදිහට තැවෙමින් ස්තුති කරනවා
ReplyDeleteබොහෝම ස්තූතියි....
Deleteමේ කතාව බ්ලොග් සමජයකට පමණක් සීමා නොකර, සමාජගත කරන්න ඕනේ, fb දාපන්
ReplyDelete`අනේ ලැජ්ජයි බන්!!
ReplyDelete