මොකා බැලුවද මන්දා මගේ පේපරේ?
මොකෙක් හරි හිතක් පපුවක් නැති එකෙක් තමා බලලා තියෙන්නේ....
නැත්තම් මාව ෆෙල් කරයිද?
මම හොදට ලිව්වානේ....ඊටත් ගණන් ඔක්කෝම වගේ හැදුවා...
මට ෂුවර් නැති වුනේ ලඝු ගණන් ටික තමා....
ඒකත් වුනේ අර තරිදුවා ක්ලාස් එකේදි මට ඉගෙන ගන්ඩ දුන්නේ නැති හින්දයි....
අපරාදේ...මට මීට වඩා හොදට පාඩම් කරන්ඩ තිබුනේ....
ඒත් මම දක්ෂයි නේ? මම කවදාවත් 10න් පහලට ගිහින් නෑනේ?
අයියා මාව බයිට් කරන්ඩ බොරු රිසාල්ට් එකක් කිව්වද මන්දා?
නෑ..නෑ...එයා එහෙම කරන එකක් නෑ....
එතකොට මම ඇත්තටම ෆේල් ද?
අයියා කිව්වේ නම් ගණනුයි විද්‍යයාවටයි විතරයි W තියෙන්නේ කියලා..
ගණන් ෆේල් නම් ඔක්කෝම ෆෙල් තමා....
මම කොහොමද ඉංග්‍රිසි පාස් වුනේ....?
අර හිරුනි හින්දා තමා පාස් වෙන්ඩ ඇත්තේ....එයානේ මට ක්ලාස් එකේදි ගොඩක් ඒවා කියලා දුන්නේ...එයා පාස්ද දන්නෑ...?
දැන් කොහොමද මම මේ රිසාල්ට් එක අම්මාට කියන්නේ?
අම්මා නම් බනී....එතකොට තාත්තා?
අද තාත්තා ගෙදර එන දවස....තාත්තා නම් ෂුවර් එකටම ගහයි...
මට කිය කිය හිටියේ උඹ සෙල්ලම් කර කර ඉදලා ෆෙල් වෙලා එහෙම ගෙදර එන්ඩ එපා කියලා....
මාව ගෙදරින් එලවයිද දන්නෑ.... ඔක්කෝම බලන් ඉද්දී මාව එලියට දායි...
එහෙම වුනොත් ඉතින් මට පාරේ තමා ඉන්ඩ වෙන්නේ...
අහල පහල අයට කොහොමද මේක කියන්නේ?
උඩහ ගෙදර ඇන්ටි ට තමා දැන ගන්ඩම ඕනේ..
ඊටත් ඉස්කෝලේ මිස්ට කියන්ඩත් බෑ...
මාමලත් කතා කරයි රිසාල්ට් අහන්ඩ...
එයාලට මොකටද එකේ වගක්?
අනේ අද හවස් වෙන්ඩ කලින් මට ලෙඩක් හැදුනෝත් හොදයි...
එතකොට ගහන එකක් නෑ...
තාත්තා වල් පැල වලට ගෙනාව තෙල් නම් තියෙනවා....
මට මැරෙන්ඩ නම් බෑ...හිරුනිගේ පොතකුත් දෙන්ඩ තියෙනවා...
තෙල් ටිකක් බිව්වොත් මැරෙන එකක් නෑ...ලෙඩ වුනාම ඇති.....
ඒවා කොහෙද තිබුනේ....මල්ලි අදියි කියලා උඩ කබඩ් එකට දාන්ඩ ඇති....
මේ මූඩිය මොකට මේච්චර තදින් වැහුවද මන්දා? අප්පච්චිට නම් පිස්සු...
ඇති යන්තම් බුරුල් වුනා...කොප්පෙකට දාගත්ත නම් හැලෙන එකක් නෑ...තිත්තද දන්නෑ...
.
.
පොඩි පුතා........මේ දොර අරින්ඩ......

රූපේ.............. පට්ට මචං..... මේ විකාර විභාග ක්‍රමය ඉවර කරන්න ඔ්නේ මචං
ReplyDeleteඑකෙන්ම බන්.....තේරුමක් නැති යල් පැනපු විභාග ක්‍රමයක් තියෙන්නේ....
Deleteමිනී මරණ විභාග ක්‍රමයක් තියෙන්නෙ මේ රටේ විතරයි. මිනිස්සුන්ට වරද්දන්න බලාගනඉන්න විදිහකට තමයි පාසලයි ආන්ඩුවෙ කන්තෝරුයි ආණ්ඩුවයි සේරම හැදිල තියෙන්නෙ පන්සලත් එතෙන්ටම ඇවිල්ලා. පන්සලේ හාමුදරු හොරුත් පුළුවන් නම් කවුරු හරි මැරුණාම පන්සලට වරෙල්ලකො තොපිට හොඳපාඩමක් උගන්නන්න කියනවා. ඒ හින්ද මැරෙන්නවත් එපා !
ReplyDeleteනිදහසේ මැරෙන්ඩවත් නිදහසක් නෑ බන්....
Deleteයකේ නිදිමරාගෙන පාඩම් කලේ අපිනම්,උදේ ඉදන් හවස් වෙනකහ් පන්ති ගිහින් මහන්සි උනේ අපි නම්,තනියම විභාගෙ ලිව්වේ අපිනම්,වටේ පිටේ උන්ට මොන **තකටද අපේ රිසල්ටස්..රෙද්ද,අපිවම කන්න බලන් ඉන්නවා!
ReplyDeleteලිද මගේ නම්...
Deleteමා ලිදේ නම්...
කාටවත් ඇයි වේදනා.. කියලා තමයි ඉතින් අහන්ඩ වෙන්නේ...
වහබොන්ඩ එපෝ
ReplyDeleteනොබීත් බැරියෝ.....
Deleteඅඩෝ බීපම් බං ඉක්මනට, මොන මගුලක් කරනවද අතේ තියාගෙන හිත හිතා
ReplyDeleteඑහෙම එකපාරට බිව්වෝත් කිසි ගතියක් නෑනේ බන්?
Delete119ට කෝල් කරමින්.... මෙන්නෝ වහ බොනෝ....
ReplyDeleteබීලා ඉවරෝ....
Deleteඑක පාරක් අසාර්ථක උනානම් ආයෙම ට්‍රයි කරන්න ඕන.. අන්න ඒකයි ක්‍රමේ..
ReplyDeleteවහ බොන්ඩද ? පාස් වෙන්ඩද?
Deleteවිභාගෙ අවුලක් තියනව. වැරදීම් වෙන්නත් පුළුවන්. නමුත් මොනව කරන්නද! මැරෙන්න, විභාගෙ කියන්නෙ ජීවිතේ නෙවේනෙ.
ReplyDeleteඑකෙන්ම...විභාග කියන්නේ ජීවීතේ නෙවෙයි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමම මේ එංගලන්තේ තියන ක්‍රමයට ගරු කරනවා. ළමයින් ඕනවට වඩා උඩ දාන්නේ නැහැ. හැමෝවම එක ගානට සලකනවා. හැබැයි මේ ලංකාවෙනුයි (දෙමල, සිංහල, මුස්ලිම් තුනෙන්ම )ඉන්දියාවෙනුයි, චිනේ නුයි ආපු දෙමාපිය හැත්තක් මේකත් කාල දාල. මහා වාතයක් වෙලා . තමන්ගේ ළමයි උඩට දාන්න ටියුෂන් දීගෙන මේක තරඟයක් කර ගෙන . පුදුම වාතයක් . වෙලාවක පොස්ටුවක් ලියනවා යාළුවොත් තරහා වෙන්නම. පින්ලන්තයේ මීටත් වඩා හොඳයි. විභාග නැහැ. අවුරුදු 10 ඉවර වෙලා විභාගෙන් කට්ටිය වර්ග කරනවා. ඊට පස්සේ විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල වගේ ඒවා දෙනවා.
ReplyDeleteඅපේ උන් ගිය තැන ගූ කරනවා...
Deleteපැමිනීම අගය කරමි...
අද තමයි මේ පැත්තට ආවෙ.. මේ බ්ලොග් එක ෆලෝ කරන්න බැහැ නේ.. ඇයි ඒ?
ReplyDeleteඅපි හැමදාම ලංකාවෙ තියන් විභාග ක්‍රමේ වැරදියි කිව්වට අපි දන්න දවසෙ ඉඳන්ම විභාග තියෙන්නේ එහෙම් නේද? තාමත් ඒ ක්‍රමේ වෙනසක් නැහැ. මොන්ටිසෝරියේ ඉදන්ම කැම්පස් එකට යනකල්ම එකම විදියට තැලෙන්නේ ළමයි...