Thursday, April 30, 2015

මොඩර්න් සාධුලා...


 
අනේකවිධි දුක් කම්කටොලු වලින් පිරි සසර කතරින් එතෙර වීම සදහා ගිහිගෙය හා ලෞකික සැප සම්පත් හැර ගොස් හිස මුඩු කොට පැවිදිව  බුදු සසුනේ බුදු පුත්‍රයන් වූ අපේ සංඝයා වහන්සේලා නම් මල් හතයි ඕයි.......

Smartphone එකේ ඉදලා Peotv දක්වා දියුණු වී සිටින අපේ සාධුලා දැන් වඩින්නේ නැත...කෙලින් ම ගොස් බහින්නේ ලොකු ලොකු බෙන්ස් කාර් වලින්...මල ගෙවල් දාන ගෙවල් වලට සෙරෙප්පු දෙකක්වත් නැතිව පයින් ම වැඩිය හාමුදුරුවරු හිටියේ ඉස්සර...දැන් ඉන්න සාධුලාට කාර් එකක් වෑන් එකක් නැත්තම් අඩුම ගානේ ත්‍රී වීල් එකක්වත් ඕනේ...පිණ්ඩපාතේ වඩින හාමුදුරුවරු දැන් හොයාගන්ඩ අමාරුයි...මේ කියන්නේ දැන් බොහෝම අඩු ප්‍රතිශතයක් වෙලා තියෙන ගම්වල ඉන්න ඇත්ත ම ස්වාමීන් වහන්සේලා ගැන නෙවෙයි...උන්වහන්සේලා කරන්නේ නිවනට මග එලි පෙහෙලි කර ගන්න එක මිස වස්තු භෝග රැස් කීරිම නෙවෙයි...දැන් හැම පන්සලේම වාහනයක් තියෙනවා...සාධුලා එහෙ මෙහෙ යන්නේ ඒවායේ...පයින්  යන හාමුදුරුනමක් හුග කාලෙකින් දැකලා නෑ...



මු දන්න දෙයක් නෑ කියලා ඕන කෙනෙක්ට කියන්ඩ පුළුවන්...රූපේ හැමදේම දන්නේ නැති වෙන්ඩ පුළුවන්..ඒත් රූපේ පොඩි කාලේ ඔය වගේ නියම හාමුදුරුවරු ඕන තරම් දැකලා තියෙනවා...පන්සලේ පොඩි මඩුවකින් පටන් අරන් අවුරුදු 119ක් වෙච්චි ඉස්කොලේ ඇතුලේම දැන් පන්සල තියෙන ඉස්කෝලෙක ඉගෙන ගත්ත රූපේ පන්සල් ගැනත් හාමුදුරුවරු ගැන සැහෙන්ඩ දන්නවා...රූපේලාට දහම් පාසලේ අවුරුදු 3ක් ඉගන්නවපු සංඝරතන හාමුදුරුවෝ හැම ඉරිදාම කිලෝමීටර් 40ක් 50ක් ඒ වෙනුවෙන්ම ආවා...දැන් ඉන්න සිනීබෝල හාමුදුරුවරුන්ට වඩා අපේ සංඝරතන හාමුදුරුවෝ ධර්මය දැනගෙන හිටියා..ඒක බෙදලා දෙන්ඩ දැනගෙන හිටියා...ලමයි ව පන්සලට ගෙන්නන්ඩ දැනගෙනව හිටියා....දැන් තියෙන්නේ ඉංග්‍රීසි දහම් පාසල් නේ...සමහර විට ඒවායේ පාලිත් උගන්නනවා ඇත්තේ ඉංග්‍රීසියෙන්...

දැන් පන්සල් වල දායකයෝ නෑ...ඉන්නේ ව්‍යාපාරිකයෝ...තමන් ව මාකට් කර ගන්ඩ,කරපු පව් සෝදා ගන්ඩ කාර් වලින් බොඩිගාඩ්ලා එක්ක ඇවිත් මල් වට්ටියක් පූජා කරලා හාමුදුරුවන්ව අන්දගෙන ඉන්න ඈයෝ තමා දැන් ඉන්නේ...කොල්ලෝ පන්සල් එන්නේ කෙල්ලෝ බලන්ඩ...වයසක ඈයෝ පන්සල් එන්නේ ආවේ නැත්තම් පාංසකූලේ දෙන්ඩ හාමුදුරුවෝ එන්නේ නැති වෙයි කියලා...ඉස්සර ජිවීතේට සෑහෙන්ඩ ලං වෙලා තිබුන පන්සල දැන් නිකම් ආයතනයක් වෙලා...චෛතයයි බෝධින් වහන්සෙයි වැද පුදා ගන්ඩ මිසක් දැන් බණ පදයක් අහන්ඩ පන්සලක් නෑ...බණ කියන්ඩ හාමුදුරුවරුත් නෑ...පන්සලේ හැම වැඩටම පැනගෙන කරන්නේ අනිත් අයට කරන්ඩ නොදෙන්නේ ව්‍යාපාරික දායකයෝ...කඨීන පින්කමත් දැන් මාකට් කරනවා ඕසේට...පෙරහැරක් ගියත් යන්නේ අනිත් පන්සලට වඩා වැඩිපුර අලියෝ දාගෙන....

දැන් හාමුදුරුවරු කරන්නේ දේශපාලනය...ඒක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ....සිවුර දාගෙන ශාසනේ මාකට් කරන්නේ කිසිම විලිලැජ්ජාවක් නැතුව...දේශපාලනේ තියෙන්නේ ගිහියන්ට..නැතුව චීවර ධාරීන්ට නෙවෙයි...ආගම ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කරන්නේ හෙන මායාවක්....තමන්ගේ බලය වැඩි කරගෙන වස්තු සම්පත් රැස්කරනවා...දැන් කැම්පස් වල අන්තරේ රන් කරන්නේ හාමුදුරුවරු..අලුත් එවුන්ට සද්දේ දාලා ඔවුන් ව ජෙ.වී.පී එකේ වැඩ කරවා ගන්ඩ දක්කන කොන්තරාත්තුව බාර ගෙන ඉන්නේ කැම්පස් හාමුදුරුවරු....දැන් කියපල්ලා ඉස්සර කාලෙත් හාමුදුරුවරු රට වෙනුවෙන් ඉදිරිපත් වුනා කියලා..ඔව් ඔව් එහෙම කලා....ථෙරපුත්තාභය හිමි යුධයට ගියේ සිවුර ගලවලා....ගිහියෙක් විදියට...

ජයසේන ජයකොඩි ලිව්වා ඇත්තම රහතන් වහන්සේ නමක් කියලා අපිට හිතන තරමේ හාමුදුරු නමක් ගැන පොත් 8ක්....පිච්චමලෙන් පටන් අරන් සුදු නෙළුම-2 න් අවසන් වුන පොත් වල අපිට අමතක වේච්චි ඇත්තම හාමුදුරුවරු ගැනත් නියම ආගමික ජීවීතේ ගැනත් කියනවා.....දැන් හාමුදුරුවරුන්ගෙන් කීයෙන් කීදෙනාටද වෙදකමක් පුළුවන්...ඉස්සර හිටියේ ජීවකලා...දැන් ඉන්නේ පෙනඩෝල් එකක් බීලා අඩු වුනේ නැත්තම් කෙලින්ම ස්පේෂලිස්ට්ලා චැනල් කරන සාධුලා...

ලොකු හාමුදුරුවෝ මුලින් ම කරන්නේ තමන්ගෙන් පස්සේ පන්සල බාර දෙන්ඩ තමන්ගේ ඥාතියෙක් මහණ කරන එක...ඒ පන්සල පවුලේ භුක්තියට තිය‍ාගන්ඩ..ඒක ඒ විදියට දිගටම යනවා...ලක්ෂ ගණන් වියදම් කරගෙන පන්සල් වල ගහනවා අලි තඩි වාහල් කඩක්...හරියට කන්ටේනර් එනවා වගේ...වටේට ගහනවා ලොකු තාප්පයක්...ඊට පස්සේ කියනවා දැන් මිනිස්සු පන්සලෙන් ඈත් වෙලා කියලා....

මිනිස්සු පන්සලෙන් ඈත් වෙන්ඩ හේතු වුනේ අවීවේකි බාවය විතරක් නෙවෙයි...හාමුදුරුවරුත් හේතූ වුනා....නිකාය වලට බෙදිලා මුදුනා වෙන්ඩ දගලන සාධුලා ධර්මය අමතක කලා...මහා නායක කියලා තනතුරු හදාගෙන දැන් කරන්නේ තනිකර විහිළුවක්..ඒ ඒ අය කරන්නේ තමන් පක්ෂ දේශපාලන පක්ෂ වල බලු දේශපාලකයින්ට පිරිත් නූල් බැද බැද ලකුණු දාගන්න එක...ලංකාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කීයෙන් කී දෙනාවද අපි හරියට අදුරන්න...කාලයක් තිබුනා කොටුවේ හාමුදුරුවෝ කියලා රුල්ලක්...බිත්තරක් දාගන්ඩ කියලා කියන ඒ හාමුදුරුවරන් තවමත් සාසනේ තියන් ඉන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ...දේශපාලනේ කරන හාමුදුරුවරු සියල්ලම ශාසනෙන් නෙරපලා දාපු දවසට, කැම්පස් හාමුදුරුවරුන්ට පෙලපාලි යන එක තහනම් කල දාට, පන්සල් ආයතන වෙන එක නවත්තලා පන්සල් වුන දාට තව අවුරුදු 2500ක බුදු දහම ගැන අපිට හිතන්ඩ පුළුවන් වෙයි....








17 comments:

  1. කාලීන මාතෘකාවක් රූපේ.... ඇත්ත තිත්තයි තමා... දැන් ගොඩක් තරුණ හාමුදුරුවො කරන්නෙ කැම්පස් පාස් වෙනකන් ඉදල පන්සලේ දායක මුදල් වලින් ඉගෙනගෙන සිවුරු ඇරල යන එක.... මේකත් රැල්ලට ගිහින්......

    ReplyDelete
    Replies
    1. සිවුර දැන් ගොඩ යන විදියක් කරගෙන...

      Delete
  2. මිනිස්සුන්ට පන්සල තිත්ත වුනේ අවිවේක බව හින්ද කියන එක වැරදියි රූපේ එකම හේතුව සිවුරු දාගත්තු අයමයි. තරුණ අයට කුහක කම හංග ගෙන ඉන්න අමාරු හින්ද පේනව. ඊට එහා ගිය අය කරන ඒව රූපෙල සඳ කින්නරාවිල අහල දැකල නැද්ද

    ReplyDelete
    Replies
    1. පන්සල් වල ඉතින් ඕව තරම් කුහකකම තියෙනවා...පොඩ්ඩක් හොරෙන් බලන්ඩ විතරයි ඕනේ...

      Delete
  3. මමත් එකග වෙනවා BBS අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් දේශපාලනේ නේ??

      Delete
  4. උඹ කියනවා හරි රූපේ... පන්සල් පන්සල් වුණදාට... හාමුදුරුවරු හාමුදුරුවරු වුණදාට මේක හරියාවි.... ඒතකල් ඉතින් අපිට සාදු කියලා තමයි කියන්න තියෙන්නේ...........

    ReplyDelete
    Replies
    1. සාධු සාධු සා...

      Delete
  5. අද බොහෝමයක් පන්සල් වල කතාබහ වෙන්නේ ආගම නෙමෙයි.. දේශපාලනය..

    ReplyDelete
    Replies
    1. දැන් කොහෙද බන් ආගමක් තියෙන්‍ේන?
      මෙහෙණි ආරාමයක නම් තමා ඉතිරි වෙලා ඇති...

      Delete
  6. කොසොල් රජතුමාගේ සිහින ගැන කියද්දී බුදුහාමුදුරුවෝ ඔක පැහැදිලි කරලා දුන්නා... තරහ ගන්න එපා රූපේ..

    ReplyDelete
    Replies
    1. ඒ ටික ආපහු බලන්ඩ ඕනේ බන්...

      Delete
  7. මේක කියවද්දී මතක් උනේ... ආච්චි අම්මගේ දානෙට බණ කියන්න හාමුදුරුවෝ 30,000 ඉල්ලුවලු දැන් බණ කියන්නෙත් සල්ලි වලටනේ .ඔන්න ඔහොමයි දැන් තත්වෙ :(

    ReplyDelete
    Replies
    1. හාමුදුුවෝ දුප්පත් ඇති....දානේ හම්බු වෙන්නේ නැතුව ඇති....බඩගින්නට වෙන්ඩ අැති ඉල්ලන්ඩ ඇත්තේ?

      Delete
  8. රූපේ,
    විවේචන ටිකක් නම් තියෙනවා. ඒත් ඒවා ඇතිවීමට හේතු නම් සාකච්චා කරලා නැහැ. අඩු තරමේ එක හේතුවක් වත් ලිව්වා නම් ඉන් පලදායි සංවාදයක් ගොඩ නැගෙනවා නියතයි. නමුත් ඔබ පෝය දාට පොදුවේ සංඝ සමාජය ගැන විවේචන ලියන අයෙක් නම් ඔබ බෞද්ධයෙක් යයි කියා ඇති නිසා පළමු කොට ත්‍රිපිටකයේ අන්ගුත්තර නිකායේ එකා දසක නිපාතය හොයා ගෙන ඒකෙ තියෙන ව්‍යසන සුත්‍රය කියවා සිටියොත් හොඳයි.

    සමරසේකර

    ReplyDelete
  9. සයුරේ රැල්ල මෙන්ම සිවුරේ රැල්ලද නැගේ බිඳේ. බිඳෙන විට සිවුරේ ගෞරවයද බිඳ ගනිති. වත්මනෙහි සිවුරත් සරමත් අතර මහ ලොකු වෙනසක් නැත. ඇතැම් විට සරම සිල්වත් විය හැක සිවුරට වඩා

    ReplyDelete