මා බහුතරය ප්රිය නොකරමි..
එහෙත් ඔබ දුටු විගස මම ඔබට වසග වුනේමි...
ලබාගැනිම අසීරූ නමුත් උත්සහ කලෙමි..
දිනක් ඔබ මහදේ Install කිරීම ඇරඹුවෙමි....
පුරා අවුරුද්දක් ඔබ Install විය....
දැන් හොදම කාලයැයි සිතා මම ඔබව Run කලෙමි..
ඔබ නතර විය...මා සතුව සුදුසුකම් නැත...
මගේ සුදුසුකම් පිරික්සා බලෙමි..
නැත මා සතුව ඔබට සුදුසුකම් නැත....
ඔබ නතර වී මා Stuck විය..
දුක ඉවසා මා නැවත Reboot විය..
ඔබ අමතක කර ඉවසා ගනිමි..
නැවත Run නොකරන බවට සිතා ගතිමි...
එහෙත් මම ඔබව Uninstall කිරීමට අමතක විය..
ටික දිනකට ඔබව අමතක කලෙමි..
දින දින ඔබ දැකීමෙන් මා නැවත උමතු විය..
Game Boosterයක් හරහා මා නැවත උත්සහ කරමි..
එවරද මා අසමත්ය...
දැන් ඔබ Uninstall කිරීමට කාලයයි..
එය වැටහෙන්නේ දැන්ය....
එහෙත් එයද කල නොහැක...
මා උමතු වී ඇත....
ඔබ දැන් මා පුරාම පැතිරී ඇත...
මෙය නැවැත්වීමට නම් මා Shutdown විය යුතුය...

එක මෝඩ කමකි , restart කරගන්න ,
ReplyDeleteහැමවිටම මෝඩකමක් වෙන්නෙත් නෑ...
Deleteමං කියන්නද? මේක වයිරස් එකක්.(මැල්වෙයා ද මොකක්ද කියන්නේ.මං ඕවා ගැනනම් වැඩිය දන්නේ නෑ) අපි හැමෝගෙම සිස්ටම් එකට මේ වයිරස් එක බලපාලා තියනවා.හොදම දේ වයිරස් ගාඩ් එකක් දාගන්න එක
ReplyDeleteඅශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑනේ බන්?
Deleteඒ වගේ තමා...
Is at දහ අතේ කල්පනා කරමින්....
ReplyDelete:-O
Delete:D
Deleteඋස්සමුද..........?
ReplyDeleteමම ඒකත් හිතුවා බන්....
Deleteඒත් සැරයි නේ?
අළුතින්ම සිස්ටම් එහ ගහන්න ට්රයි කරන්න.. ටිකක් කල් ගියත් හොදම හේ ඒක තමයි..
ReplyDeleteඒකත් හොදයි තමා....අලුතින් ම වැඩ කරන්ඩත් පුළුවන් නේ?
Deleteformat කරලා linux දාගනින් :P
ReplyDeletelicensed වල ඉදලා එකපාරට ම Open Source වලට මාරු වෙන්ඩ අමාරුයි බන්...
Delete