හුග කාලයක් plan කරලා අන්තිමට ඒ දවස ආවා.කට්ටිය නමෝ විත්තියෙන් ම බුළුගහගොඩ ස්ටේෂන් එකෙන් බැස්සේ මාර mission එකකට. වෙන කාට නැතත් ගයියාට නම් අද අති විශේෂ දවසක්. අද තමයි ගයියා මාස ගාණක් තිස්සේ ටෝක් කරපු, තමන්ගේ හදවතින් ((දැන් වෙන ඒවා බැලුවම දැන් ඌට එහෙම එකක් නෑ වගේ)) ඒක පාර්ශවිකව ලව් කරපු බව ඒ දැරිවිට කියන්ඩ යන්නේ.....
. ටිකකින් නංගියි අර කොල්ලයි පාරේ දෙපැත්තට වෙලා කතා කර කර යන්ඩ පටන් ගත්තා. 276 බස් පාරත් පැනලා අතුරු පාරක් දිගේ දැන් යන්ඩ ගත්තා.කට්ටිය දැන් ගයියාට උපදෙස් දෙනවා.... "අරු ගිය හැටියේ ලගට ගිහින් කතා කරපන්" , "ලොවෙත් අදනම් අහපන්!".. යනවා යනවා ඉවර වෙන පාටක් නෑ.පාරවල් වලින් හැරි හැරි යනවා.... ආපහු යන්ඩ පාර මතකේ තියාගෙන ආව සුප්පාටත් දැන් පැටලිලා..ඌ හැමෝටම බැන බැන යනවා..විනාඩි 20ට විතර පස්සේ අර නංගි එකපාරට හැරුනා. හත්තිලව්වයි! ඒ එකිගේ ගෙදර....හුටා වැඩේ කොට උඩ! කට්ටියට ෆුල් මල..එත් අර කොල්ලා දිගටම යනවා.උගෙන් සීන් එක මොකක්ද කියලා දැන ගන්ඩ අපි උගේ පස්සෙන් යන්වා. ඇතා චූස් පාරක් ගහලා කොල්ලව නවත්තා ගත්තා."මචං පොඩ්ඩක් ඉදපන්" ඇතා ඌට කතා කලා. ඇතා ඌගෙන් විසතරේ අහන්ඩ ගත්තා. "උඹ අර නංගිගේ යාළුවෙක්ද බන්??"...ඌ එක එකපාරටම අහපි. "උඹලා එයාට ටෝක් ද කියලා"...හොදම වැඩේ එතකොට උනේ.. ගයියා පැනපු ගමන් ගහගන්ඩ වගේ ඇහුවා "ඔව්! ඇයි?" කියලා.....(වෙන ගමකට ඇවිත්,ඒ ගමේ කෙල්ලෙක්ගේ පස්සෙන් ගේ ගාවටම ඇවිත්, එකිගේ කොල්ලගෙන් ගේම ඉල්ලපුවාම කොහොමද ඉතින්)..... ඒ පාර ඌ "මං එයත් එක්ක යාළුයි" කියලා ගයියාගේ ලව් ස්ටොරියට ශෝක END එකක් දුන්නා.
අනේ අපොයි! ගයියා too late! මොනවා කරන්ඩද ඉතින්..අපි ආපහු එන්ඩ ආවා...හැමෝටම පට්ට අවුල් වෙච්චි සීන් එකට..පැය බාගයක් විතර හැමෝම මූණූ එල්ලන් ඇවිද්දා..දැන් කට්ටිය හෝ ගාලා ගයියාගේ හිත හදනවා. ඌ මූණ බෙරි කරගෙන කෑගහනවා.."මට අවුලක් නෑ බං" කියලා.. බට් ඌ ඇස්වල කදුළු දැක්කේ රූපේ විතරයි.. කොච්චර අවුල උනත් අර ගයියාගේ "ඔව්! ඇයි?" මතක් වෙනකොට මැරෙන්ඩ හිනා....කොහොමහරි එදායින් ගයියාගේ ඒ ලව් එක ඉවර වුනා. අපිටත් මොනවා හරි කන්ඩ තිබ්බ chance එකක් නැතිවුනා.... එ්කටයි ගොඩක්ම දුක..... :-D


බූට් සීන් යනව හෝ ගාල මේ දවස්වල. අදයි ආවෙ මේ පැත්තෙ
ReplyDeleteසාදරෙයන් පිලිගන්නවා....
Deleteබූට්මත් නෙවෙයි!
බූට් තව ඉස්සරහට......
කතාව නම් අඩෙනව...ගයියාගෙ අලුත් කතාවක් වගෙ...
ReplyDeleteගයියාගේ පලවෙනි කතාව
Deleteහික්ස්...
ReplyDeleteඔවැයි වැඩ අනන්ත වෙලා තියෙනව...
හොදම කේස් එක තමා කෙල්ලෙක්ව සෙට් කරගන්න ඒ කෙල්ලගෙ කොල්ලගෙන්ම උදව් ඉල්ලන එක..
මාත් හැමදාම එන්නංකො
අපොයි ඔව්....ඇයි අහන්ඩ යන උන්ට සෙට් වෙන ඒවා.......
Delete