Tuesday, June 10, 2014

චිච්චිමාල්ගේ කතා වස්තුව




AL ක්ලාස් යන කාලේ තමයි ජිවිතේ පට්ටම කාලේ.ඒ වගේම වැදගත්ම කාලේ. හැමෝම ඇන ගන්න කාලේ. ඒ අතරේ ගොඩ යන උනුත් ඉන්නවා. රූපේ ගම්පහ පන්ති යන කාලේ නටපු පිස්සු අතර කරපු හොද වැඩක් තමා මේ. රූපේලාටත් වඩා විකාර කරපු එකේක්ට කියලා කියලා බැරිම තැන මොලේ පාදන්ඩ ලියපු කවි ටිකක් මේ. රූපේ තනියම ලියපු එකක් නොවන අතර මෙය කිහිප දෙනෙක් ගේ උත්සහයක ප්‍රතිපලයක්. මේකේ තියෙන ඒවා ඔක්කොම ඇත්ත. ඒ වගේම මේවා අදත් කරන උන් ඕනෑ පදම් හොයාගන්ඩ පුළුවන්...



රෝද දෙකෙන් පියා මාව                               ඇරලනවාලු
qeep එකේ ළමිස්සි ලග                                 නවතිනවාලු
චාටු කතා සෙනේ කතා නිතර                              පානවාලු
කෙල්ලක් ලෙස කොල්ලන් හට                   මුකුළුපානවාලු






qeep එකේ ආතල් එක දන්නේ                     ටිකදෙනයි
nimbuzz එකේ සැප ලැබෙන්නේ මේ මට           විතරයි
qeep එකෙන් එන 25 මගේ                      කෙල්ලටමයි
                   වගකීමෙන් මම කියන්නේ උඹලට                     විතරයි




අපේ ගෙදර සල්ලි ගහක් මං                  පැලකෙරුවා

අපේ අම්මා ඒවා කඩලා පන්ති                       එවනවා

අරුණ අයියා ඒවා අරන් වාහනේ                     දෙනවා

මමයි පබයි එකතු වෙලා ඒක                          පදිනවා




revision එක අපිට එපා theory                  තියෙනවා
දෙවැනිපාර නුගේගොඩින් ගේම                   ගහනවා
ගයා මගේ,මම ගයාගේ ලැජ්ජා                  හිතේනවා
medicine එක පදිරි දමා කොළඹ                    දුවනවා



maths එක නම් කොහොමත් බෑ clz              ගියේ නෑ
chem එක නම් එපා වෙලා දැන්                  මතකත් නෑ
phy6 එකේ නිදාගත්තා මට                         අවුලක් නෑ
ඉංගිරිසි කව්ද දන්නේ මං                            අහලත් නෑ

ඉදලා හිටලා note ලියමු                         කම්මැලිකමට
cedar එකේ වැලක් බලමු බඩ                      අඩුවෙන්ට

දමියා එක්ක රවුම් ගහමු ආතල්                           එකට

මේක තමයි මරුම විදිය ජිවත්                          වෙන්ට





                             නිර්මාණය හොද නම් අදහසක් කොටලා යන්ඩ...........

6 comments:

  1. රූපේ.. ආතල් ඕයි මේක!
    maths එක නම් කොහොමත් බෑ clz ගියේ නෑ
    chem එක නම් එපා වෙලා දැන් මතකත් නෑ
    phy6 එකේ නිදාගත්තා මට අවුලක් නෑ
    ඉංගිරිසි කව්ද දන්නේ මං අහලත් නෑ

    සහතික ඇත්ත බං!

    ReplyDelete
  2. බ්ලොගර් ෆලෝවර් එක දාන්නේ නැත්ත් ඇයි

    ReplyDelete
    Replies
    1. ඒ මොකක් ද?
      එ්කෙන් මොකද වෙන්නේ??

      Delete
  3. උබෙ කවියක් මන් ගාවත් තියනව..එක අර පරන කාලෙ කතාවක් හින්ඩ ඔහෙ ඔනෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඕනේ ඕනේ!!! එවපන් බන්.....

      Delete