Tuesday, January 20, 2015

එකිනෙකා මරා ගැනීමට පෙර.....


හදවතක් සහ මොලයක් තියනවනම් විතරක් කියවන්න...නැත්නම් ඔබේ කාලය කා දැමීමක්...ඔයාලට පුළුවන් නම් අමීර් ඛාන්ගේ PK බලන්න..අන්න ඒකේ කියලා දෙනවා අපි හැමෝම මිනිස්සු කියලා..ලෝකේ බිලියන 7ට වඩා ජනගහනයක් ඉන්නවා..ඒ මිනිස්සු ඔක්කෝම නොයෙක් ආගම් අදහනවා..ඒත් මේ වෙලාවේ ඉදන් ටිකක් හිතන්න ඔයා ඉපදුන විදිය හැදුනු විදිය...මේ ලෝකේ හැම මිනිහම එලියට එන්නේ අම්මාගේ කුසෙන්..ඒ උපත ලබන හැම මිනිහාගේම ඇගේ ලේ රතු පාටයි..

බාහිර පෙනුමෙන් වෙනස් වුනාට ඒ හැමෝගෙම ඇගේ  දුවන්නේ එකම රතු ලේ.ඒ කියන්නේ ඔයාගේ හදවතට දැනෙන සතුට දුක වේදනාව හැමදේම මේ ලෝකේ උපත ලබන හැම මිනිහටම දැනෙනවා..හිතන්න අපි හැමෝම මේ දේ ගැන හිතනවා නම් ඒදාට මේ ලෝකේ ඔක්කෝම මිනිස්සු සතුටින් ඉදියි..එක එක ආගම් වලට වහල් වෙලා තමන්ගේම ලේ තියෙන තවත් සහෝදරයෙක්ව දුකට පත් කරන්නේ නැති වෙයි..ඔයා හිතන්න ඔයාගේම පවුලේ සහෝදරයෙක් නැති වුන වෙලාවේ ඔයයි පවුලේ අනිත් අයයි කොච්චර දුක් වුනාද? ඒ ඔයාට දැනෙන හැගීම්ම අනිත් මිනිස්සුන්ටත් දැනෙනවා..මොකද ඒයාලත් මවු කුසෙන් බිහි වෙච්චි අය නිසා...ලොකේ ආගම් ගොඩක් තියෙනවා..ඒත් මගේ හැගීම් වලට අනුව මොන ආගම ඇදහුවත් ඔයා කරන දේට ඔයාට ප්‍රතිඵල ලැබෙනවා..හොදක් කලොත් හොද ප්‍රතිඵලයක්,නරකක් කලොත් නරක ප්‍රතිඵලයක් ලැබෙනවා...තමන්ගේ ගැලවුම් කාරයා තමාම මිසක් වෙන කෙනෙක් නෙවෙයි..ජාති ආගම් කුල වලට වහල් වෙලා හිතන්න එපා..මිනිහෙක් තවත් මිනිහෙක්ගේ කරදරේකදී තමන්ට‍ කිසිම ප්‍රතිඋපකාරයක් බලා නොගෙන උදවු කරනවානම්  එතන තමයි තමන්ට ලැබෙන දෙයක් මිනිහෙක් කරගන්නේ..ඔයා අනිත් අයට අවංක වෙන්න එතකොට මේ ලෝකේ ලස්සන තැනක් වෙයි..ඔයා අනුන්ට අවංක වෙන්න නම් මුලින් ම තමන්ගේ හදවතට අවංක වෙන්න, මොකද ඔයාගේ හදවත තමයි ඔයාගේ හොදම යාළුවා..ඔයා වැරදි කලත් හොදක් කලත් ඒක කරන්න කියන්නේ හදවත..අනික හිතලා බලන්න අපි හොද වැඩක් කරද්දි අපේ හිතට එන දේ අපි කෙලින්ම කරනවා..ඒත් වැරදි වැඩක් කරද්දි?? අපේ හිත අපෙන්ම අහනවා නේද? මේක හරි ද වැරදිද කියලා?? අන්න ඒ ප්‍රශ්නේදි හරි තීරණේ ඔයා අනිවාර්යෙන් ගත්තා නම් ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ ඇස් වලට කදුළු එන්නේ නැති තීරණයක් ගත්තා නම්? හිතන්න ඔයා දැනටමත් අවංක වෙලා තවත් කෙනෙක් ගැන ඔයාට නොදැනිම ඔයා හිතලා..දෙවැනි කාරණාව ඔයාගෙන් උදව්වක් ඉල්ලනවා, ඒත් ඔයා දන්නවා ඔයාට ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් නෑ කියලාත්, අනික ඒ උදව්ව ඉල්ලන කෙනා සමහර විට ඔයාට කරන්නේ වංචාවක් වෙන්නත් පුළුවන්..ඒත් ඔයා එයා ගැන කිසිම තරහක් නැතුව එයාට උදවු කරන්න..ඔයා හිතන්න ඔයා කෙනෙක්ට වංචාවක් කලොත් ඔයා කොච්චර දුක් විදිනවද? ඒ වගේ හෝ ඊට වඩා වැඩි දුකක් කවදාහරි එයාගේ  හිතට දැනෙනවාමයි...ඔයාගේ හිතට එහෙම දුකක් දැනෙන්න ඕනේ නැත්තම් තමන්ගේ හිතට අවංක වෙන්න..ආගම් බදාගෙන මිනිස්සුන් ව වෙන් කරන්ඩ එපා..හැම ආගමකම තියෙන වැරදි අපි හැමෝම දන්නවා..තමන්ගේ ආගමේ ඉදන් තව ආගමක් දිහා බලද්දි පෙන්නේ අනිත් ආගම වැරදි කියලා..ඒත් ඔයා ඒ ආගමට ගියොත් ඔයා ඉදලා ගිය ආගමට ආපහු බනී..එතකොට?? මේ ලෝකේ ට කිසිම ආගමක් අවශ්‍ය වෙන්නේ නෑ, හැම මිනිහෙක්ම එක වගේ තමන්ගේ හිතට අවංක වෙනවා නම්...

ලෝකේ වෙනස් කරපු අය ගොඩක් හිටියා..එක්කෙනෙක් හිට්ලර්..එයා කලේ ලොකේටම විනාශයක්..මිනිස්සු කිව්වා එයාටත් එයා පිස්සෙක් කියලා..නමුත් එහෙම වෙන්න හේතුව මොකක්ද දන්නවද? එයාගේ රට යුද්දෙන් විනශෙ වෙනවා එයා පොඩි කලේ නැවකට වෙලා බලන් හිටියා...එයාගේ අම්මා තාත්තා ගින්නෙන් විනාශ වෙනවා දැක්කා... ඒ වෙලවේ එයා හිතා ගත්තා ආපහු මම මගේ රටත් අරගෙන මුලු ලෝකේම පාලනයට ගන්නවා කියලා..ඊට අවුරුදු 20ට පස්සේ එයා එයාගේ රටත් බේරාගෙන ලෝකේ පාලනයත් ගන්නවා එයාගේ යටතට....එයා කිව්වා ප්‍රශ්නෙකට තීරණයක් ගන්න කලින් 100 වතාවක් හිතන්න කියලා..හැබැයි තීරණේ ගත්තට පස්සේ බාධක 1000ක් ආවත් ඒ ගත්තු තීරණේ  වෙනස් කරගන්න එපා කියලා...එයා කලේ වැරදි දෙයක්..නමුත් ඒ මිනිහා හිතපු දේ කලා...

හිතන්න ඇල්බට් අයින්ස්ටයින් ගැන..එයාටත් පිස්සෙක් කියලා ලෝකේ මිනිස්සු කිව්වේ ඇයි? එයා හිතුවේ පැතුවේ අනිත් අයට වඩා වෙනස් විදියට..මිනිස්සු එයාට විරුද්ධ වුනා..එයා පිස්සෙක් කිව්වා නමුත් අයින්ස්ටයින් ලෝකේම වෙනස් කරපු කෙනෙක් වුනා...කල්පනා කරන්ඩ මහත්මා ගාන්ධි ගැන..මිනිස්සු එයාට කොච්චර විරුද්ධ වුනාද? එයාගේ අනුගාමිකයන්ව බය කලා..ඒත් එයා වෙනස් වුනේ නෑ...මැරෙන්න බය වුනේ නෑ...මැරුනත් කමක් නෑ මොකද මැරුනත් තමන්ගේ පවුලේ අයට ආඩම්බරයක් විතරයි..දුකක් නෑ.. එහෙම ආඩම්බරයකින් මැරිලා ගියත් කමක් නෑ.. බිල් ගේට්ස් කිව්වා ඔයා ලෝකේට දුප්පතෙක් විදිහයට ඉපදුනොත් ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි...නමුත් ඔයා දුප්පතෙක් විදියට මැරුනොත් ඒක ඔයාගේ වැරුද්දක් කියලා...මම ඒ කතාව මේ විදියට වෙනස් කරනවා...ඔයා මේ ලෝකේට කවුරුත් ඔයාව දන්නේ නෑ..හැබැයි කවුරුත් ඔයා ගැන නොදැනම ඔයා මැරිලා ගියොත් ඒක ඔයාගේ වැරුද්දක් කියලා... ඒක නිසා ඔයාගේ හදවතින්ම  පටන් ගන්න වෙනස් වෙන්න...ඔයාට ඔයාගේ හිතට දැනෙන සතුට බිල් ගේට්ස් එයාගේ සල්ලි ඔක්කෝම වියදම් කලත් සල්ලි වලට ගන්න බෑ...ඒ සතුට ආගම් බේද ජාති බේද කියලා බෙදිලා නෑ...ඒක මනුෂ්‍යත් ව හැගීමෙන් එන සතුට...අවංක වෙන්න ඔයාගේ හදවතට..අවංක වෙන්න අනිත් අයට..හැමදේම ලස්සන වේවි......මේක කොහෙන්වත් බලාගෙන ලියපු එකක් නෙවෙයි..මේක හේෂාන් ගේ හදවතේ තියෙන දේ...
'Life is yours n Choice is also yours'...so try to change ur self...'

                                           -Heshan Fernando

8 comments:

  1. Chartar ban Kawda me liyapu boorywa hikzzzzzzz

    ReplyDelete
  2. මාත් ඔන්න හිතපු දේ කරනව එහෙනම්... මෙතන කමෙන්ට් එකක් දාන එක..

    ReplyDelete
  3. ලස්සන ලිපියක් ..හැමෝම හැමෝගෙම අදහස් වලට ගරු කරනවානම් ලෝකෙ ගොඩක් ලස්සන වෙයි.

    ReplyDelete
  4. රූපේ උඹේ කියමන නම් නියමයි.................. ඒක තමයි අැත්ත....

    ReplyDelete
    Replies
    1. එල එල...බට් මේකේ මාතෘකාව විතරයි මගේ!!

      Delete
  5. මිනිස්සු මිනිස්සුම විතරයි.ජාති,ආගම්,කුල,පාට,රට කිසිදෙයක් එතන්ට අදාල නෑ.
    ජය වේවා....

    ReplyDelete
  6. නන්දා මාලීනීත් ඕක ම ටිකක් වෙනස් කරලා කිව්වා....

    මොංගෝලියානුවනී කහවන් ආසියාවේ
    කොකේසියානුවනී සුදුවන් යුරෝ දේශේ
    නීග්‍රෝවරුනී කළුවන් අප්‍රිකාවේ
    උරය පලා සැතකින් බලන් රුහිරූ
    එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු...

    නියමයි බන්!!!

    ReplyDelete