Friday, January 23, 2015

රාත්‍රියට ඇහෙන දැනෙන කතා..


මල්ලි බලන්ඩ මුන් අයවැයෙන් වාහන ගනන් වැඩි කරලා නෑනේ??
ඉතින් හොදයි නේ?
මොන හොදක් ද? මගේ වාහනේ විකුණන්ඩ කියලා හිටියේ...
අයියාගේ මොකක්ද තියෙන්නේ?
මෙයාගේ තියෙන්නේ හයිබ්‍රිඩ් එකක්!
අම්මටසිරි.......
එත් අපි කවදාවත් ඒක දැකලා නෑ..
එහෙම පෙන්නනඩ ගෙන්නේ නෑ.....
ඔය කිව්වට නැද්ද කොහෙද බන්??
මල්ලි මේක මේ ඡන්දේට කරන වැඩක්...බලු දේශපාලනේ...

*****************************************
මල්ලි උඹ කාටද චන්දේ දෙන්නේ?
මහින්ද මහත්තයාට තමයි...
මේ ඉන්නේ නියම කොල්ලෙක්..

*****************************************
මේකද බන් උබලාගේ ආශ්චර්ය?? 
මොකක්ද? 
චන්දේ ලගදි ගනන් අඩු කරන එක?
නෑ නෑ ඒක මහජනතාවට කරන සහනයක්
රෙද්ද තමා....අනේ ගොන් කතා කියන්නේ නැතුව ඉදපන්!

*****************************************
අයියේ මේ පාර අපි වෙනසක් කරන්ඩයි යන්නේ?
බලමු බලමු.....
මේ පාර අපි යහපාලනයක් ගෙනවා..
මල්ලි උඹ හිතනවාද එකෙන් වෙනසක් වෙයි කියලා...
කරලා බලමු...

*****************************************
මල්ලි හෙට ගිහින කලගුණ සලකලා වරෙන්...
එල එල......

*****************************************
අඩෝ උඹලාට හැමදාම මෙහෙම ඉන්නද ඔනේ?? ගිහින් වෙනසක් කරපන්..
එකෙන්ම අයියේ!!

*****************************************
කෝ බන් උඹලාගේ කලගුණ..
කොටි ඡන්ද වලින් දිනුවේ!!
මමත් කොටියෙක්ද එතකොට??
වෙන්ඩ පුළුවන්!
අනේ ගොනෝ!! කල්පනා කරලා කතා කරපන්!!
කල්පනා කරලා තමා කතා කරන්නේ!!

*****************************************
මිස්ට ඩැ**** මේ මෙතන කෑගහගන්නවා...අපිට වැඩ කරන්ඩ බෑ...

*****************************************
අඩෝ පට්ට ආතල් බන්!! මුන් දේශපාලනේ කතා කරන්නේ පාර්ලිමේන්තුවේ වගේ!!
එහෙම තමා බන්!!පිස්සු බන්!!
මං මේ බලන් ඉන්නේ ගහගන්නකම්..
එල එල...අඩෝ අපි විඩියෝ කරමු!! 

***********8.15pm***********************

මේකද බන් යහපාලනේ??
ඇයි මොකක්ද අවුල??
උඹලා 25ක් කියලා දැන් 27ක් කලේ මොකද?
අනේ යකෝ! ඒවා වෙන විදියක් තියෙනවා.....
එහෙනම් කිව්වේ?
උඹලගේ ආණ්ඩුවත් කියපුවා කලාද?

********8.25pm**************************

වරෙන් බන් රුවන් කන්ඩ යමු!!
යමු.....



6 comments: